IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පොහොට්ටුවට සම්බන්ධ අනුසංවිධාන රැසක් ජාතික සම්මේලන පවත්වන්න යයි

(නාලක සංජීව දහනායක)

ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ හා විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අනුසංවිධාන රැසක් ජාතික සම්මේලන පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව ලබන 24 වැනිදා සිට සැප්තැම්බර් 4 වැනිදා දක්වා එම සම්මේලන පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සම්මේලනය ලබන 24 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වෙන අතර 31 වැනි සෙනසුරාදා පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ සම්මේලනය කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්වෙන අතර ත‍්‍රීරෝද රථ රියදුරු සංවිධාන හමුව එදින සවස 2.30 ට එහිදීම පැවැත්වෙන බවද ඔහු කීය.

එමෙන්ම සැප්තැම්බර් 1 වැනිදා පෙරවරු 11.00ට පෙර පාසල් ගුරුවරුන්ගේ සම්මේලනය පැවැත්වෙන අතර එදින පස්වරු 3.30ට පෞද්ගලික බස්රථ හිමියන්ගේ සම්මේලනය පැවැත්වේ.

සැප්තැම්බර් 2 වැනිදා පෙරවරු 10.00ට ප‍්‍රගතිශීලි වෘත්තීය සමිති ජාතික සංවිධාන සම්මේලනය පැවැත්වෙන අතර එදින පස්වරු 2.00 ට පළාත් පාලන අපේක්‍ෂක හමුව පැවැත්වේ.

සමෘද්ධි වෘත්තීය සමිති නියෝජිත හමුව සැප්තැම්බර් 3 වැනිදා පෙරවරු 10.00 ට පැවැත්වෙන අතර එදින පස්වරු 2.30 හෙද නිලධාරී හමුව පැවැත්වේ.

සැප්තැම්බර් 4 වැනිදා පෙරවරු 10.00 කුඩා තේවතු හිමියන්, රබර් වගාකරුවන් හා සුළු අපනයන බෝග වගාකරුවන්ගේ සම්මේලනය පැවැත්වෙන අතර එදින පස්වරු 3.30 ට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හමුවක්ද පැවැත්වීමට නියමිතය.

මෙම සම්මේලන සියල්ලම ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදි පැවැත්වේ.

   



අදහස් (6)

පොහොට්ටුවට සම්බන්ධ අනුසංවිධාන රැසක් ජාතික සම්මේලන පවත්වන්න යයි

sirimal Sunday, 18 August 2019 07:33 AM

සංදර්ශනය පටන් අරගෙන වගෙයි.ඇස්බැන්දුම් වලින් චන්ද දිනන්න බැරි බව 2015 දී ඉගෙන ගත්තේ නැද්ද? අපටනම් ආරංචි ගෝඨාභය මහත්තයාගේ ප්‍රචාරක කටයුතු සඳහා දැනටමත් ප්‍රධාන පෙලේ ඇමෙරිකානු ප්‍රචාරක සමාගමකට කෝටි ගණනක කොන්ත්‍රාත් එකක් දීල කියලයි. ඒ කට්ටිය ඔබාමාගේ ජනාධිපති ව්‍යාපාරය අනුගමනය කරමින් නවතම වර්ගයේ මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් ලංකාවට හඳුන්වා දෙන්නලු යන්නේ. අපි කවදාවත් අහල නැති මේ "අනුසංවිධාන වල ජාතික සම්මේලන" වැඩෙත් එකේම කොටසක්ලු. අතර මඟ "වොයිස් කට්" නැති මාධ්‍ය රැස්වීම් සහ නිවේදන මඟින් පමණක් අදහස් පළකරන පෝස්ටර් කටවුට් නැති වැඩපිලිවෙළක්ලු යන්නේ. කියන්නෝ එහෙම කීවට පළාත්බඳ සංවරයක් නැති පාක්ෂිකයෝ දැනටමත් බිත්ති පුරවා පෝස්ටර් අලවන බවත් පොල් ගස් උසට කටවුට් අටවන බවත් පෙනෙන්නට තියෙන බවයි කියන්නේ.මේවගේ වැඩක් කරන්නට ගිහින් අර පාස්පෝට් හුටපටේට පැටලුණ කෙනෙක් කන කීස් යන්න බැනුම් ඇහුවලු.එයා දැන් "අපේ කතා අහන්නයි මිනිස්සු රැස්වීම් වලට එන්නේ. අපි බලා ගමුකො දිනන හැටි" කියල කියනවලු. එඅස්සේ විග්නේශ්වරන් මහතා කියල තියෙනවා "‘සැබෑ දමිළයෙක් ගෝඨාභයට ඡන්දය දෙන්නේ නෑ’ කියල. දැන් ඉතින් සිංහල චන්ද 60% වත් ගන්න තමයි වෙන්නේ.

:       683       544

2/2=0Monday, 19 August 2019 05:43 AM

ගෝඨාභයගේ විමල්ගේ පෝස්ටර් කටවුට් වලින් පරිසර දුෂණය වෙන්නේ නැ. අනික් අයගෙන් තමා දුෂණය වෙන්නේ.

:       0       0

Api Sunday, 18 August 2019 09:49 AM

ගෝඨාභයට විරුද්ධ වැඩපිළිවෙලට සිරිකොත කරන වියදම් සහ කරන ආකාරය ගැනත් ලියන්නකෝ.

:       122       112

sirimalSunday, 18 August 2019 10:53 AM

ඕක තමයි පොහොට්ටුවේ කට්ටියට වෙලා තියෙන නස්පැත්තිය. ඒගොල්ලන්ගේ අදහස් වලට එකඟ නොවෙන සේරම දෙනා සිරිකොතේ නැත්නම් ජවිපෙ වහල්ලු කියලයි ඒගොල්ලන්ගේ වහල් මානසිකත්වයට පෙනෙන්නේ. ඒක එහෙම නෙවෙයි මහත්තයෝ. සිරිකොතේ ගෝඨාභයට විරුද්ධ වැඩපිළිවෙලක් තියෙනවාද නැද්ද අපි දන්නේ නැහැ. එහෙම තිබුනත් එකේ ඇති වැරද්දක් නැහැ කියලයි මම හිතන්නේ.නමුත් බැසිල් සහ නාමල් ළඟ නම් දැන් විශිෂ්ඨ ප්‍රචාරක සංවිධානයක් තියෙනවා. ඒකත් වැරද්දක් නෙවේ. ඒ අයට අවශ්‍ය කොහොම හරි මේ තරඟය ජය ගන්නයි. ඉතින් ඇමෙරිකන් සමාගමක සහ චීන විශේෂඥයින්ගේ සහභාගිත්වය සහිතව තමයි ඒ වැඩේ ලස්සනට කරන්නේ. මේ රටේ සේරම දෙනා රාජපක්ෂ පවුල් සන්ධානයට කැමති අය නෙවේ. ඒ අයට ඔවුන්ගේ අදහස් පලකිරීමට අයිතියක් තියෙනවා.

:       0       0

Bishan Sunday, 18 August 2019 10:34 AM

බල්ලට තම ස්වාමියා හොරෙක්ද, දුෂකයෙක්ද, අපරාධකරයෙක්ද යන්න අදාළම නැත. බල්ලා තම ස්වාමියාට නගුට වනනවමයි.

:       1       107

Sugath Premalal Monday, 19 August 2019 05:18 AM

කරන වැඩ වලට හැමෝම උදව් කරන්න ඕනි. රටේ ආරක්ෂාව, ජාතිය , ආගම ගැන හැමෝම එක වගේ සිතන්න.මෙදා පාර වරද්ද ගත්තොත් ලංකාව තවත් සිරියාවක්, ලිබියාවක් වෙනවා . වගකීමෙන් කියන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site