(නාලක සංජීව දහනායක)
ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ හා විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අනුසංවිධාන රැසක් ජාතික සම්මේලන පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව ලබන 24 වැනිදා සිට සැප්තැම්බර් 4 වැනිදා දක්වා එම සම්මේලන පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සම්මේලනය ලබන 24 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වෙන අතර 31 වැනි සෙනසුරාදා පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ සම්මේලනය කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්වෙන අතර ත‍්‍රීරෝද රථ රියදුරු සංවිධාන හමුව එදින සවස 2.30 ට එහිදීම පැවැත්වෙන බවද ඔහු කීය.
එමෙන්ම සැප්තැම්බර් 1 වැනිදා පෙරවරු 11.00ට පෙර පාසල් ගුරුවරුන්ගේ සම්මේලනය පැවැත්වෙන අතර එදින පස්වරු 3.30ට පෞද්ගලික බස්රථ හිමියන්ගේ සම්මේලනය පැවැත්වේ.
සැප්තැම්බර් 2 වැනිදා පෙරවරු 10.00ට ප‍්‍රගතිශීලි වෘත්තීය සමිති ජාතික සංවිධාන සම්මේලනය පැවැත්වෙන අතර එදින පස්වරු 2.00 ට පළාත් පාලන අපේක්‍ෂක හමුව පැවැත්වේ.
සමෘද්ධි වෘත්තීය සමිති නියෝජිත හමුව සැප්තැම්බර් 3 වැනිදා පෙරවරු 10.00 ට පැවැත්වෙන අතර එදින පස්වරු 2.30 හෙද නිලධාරී හමුව පැවැත්වේ.
සැප්තැම්බර් 4 වැනිදා පෙරවරු 10.00 කුඩා තේවතු හිමියන්, රබර් වගාකරුවන් හා සුළු අපනයන බෝග වගාකරුවන්ගේ සම්මේලනය පැවැත්වෙන අතර එදින පස්වරු 3.30 ට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හමුවක්ද පැවැත්වීමට නියමිතය.
මෙම සම්මේලන සියල්ලම ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදි පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංදර්ශනය පටන් අරගෙන වගෙයි.ඇස්බැන්දුම් වලින් චන්ද දිනන්න බැරි බව 2015 දී ඉගෙන ගත්තේ නැද්ද? අපටනම් ආරංචි ගෝඨාභය මහත්තයාගේ ප්‍රචාරක කටයුතු සඳහා දැනටමත් ප්‍රධාන පෙලේ ඇමෙරිකානු ප්‍රචාරක සමාගමකට කෝටි ගණනක කොන්ත්‍රාත් එකක් දීල කියලයි. ඒ කට්ටිය ඔබාමාගේ ජනාධිපති ව්‍යාපාරය අනුගමනය කරමින් නවතම වර්ගයේ මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් ලංකාවට හඳුන්වා දෙන්නලු යන්නේ. අපි කවදාවත් අහල නැති මේ "අනුසංවිධාන වල ජාතික සම්මේලන" වැඩෙත් එකේම කොටසක්ලු. අතර මඟ "වොයිස් කට්" නැති මාධ්‍ය රැස්වීම් සහ නිවේදන මඟින් පමණක් අදහස් පළකරන පෝස්ටර් කටවුට් නැති වැඩපිලිවෙළක්ලු යන්නේ. කියන්නෝ එහෙම කීවට පළාත්බඳ සංවරයක් නැති පාක්ෂිකයෝ දැනටමත් බිත්ති පුරවා පෝස්ටර් අලවන බවත් පොල් ගස් උසට කටවුට් අටවන බවත් පෙනෙන්නට තියෙන බවයි කියන්නේ.මේවගේ වැඩක් කරන්නට ගිහින් අර පාස්පෝට් හුටපටේට පැටලුණ කෙනෙක් කන කීස් යන්න බැනුම් ඇහුවලු.එයා දැන් "අපේ කතා අහන්නයි මිනිස්සු රැස්වීම් වලට එන්නේ. අපි බලා ගමුකො දිනන හැටි" කියල කියනවලු. එඅස්සේ විග්නේශ්වරන් මහතා කියල තියෙනවා "‘සැබෑ දමිළයෙක් ගෝඨාභයට ඡන්දය දෙන්නේ නෑ’ කියල. දැන් ඉතින් සිංහල චන්ද 60% වත් ගන්න තමයි වෙන්නේ.
ගෝඨාභයට විරුද්ධ වැඩපිළිවෙලට සිරිකොත කරන වියදම් සහ කරන ආකාරය ගැනත් ලියන්නකෝ.
බල්ලට තම ස්වාමියා හොරෙක්ද, දුෂකයෙක්ද, අපරාධකරයෙක්ද යන්න අදාළම නැත. බල්ලා තම ස්වාමියාට නගුට වනනවමයි.
කරන වැඩ වලට හැමෝම උදව් කරන්න ඕනි. රටේ ආරක්ෂාව, ජාතිය , ආගම ගැන හැමෝම එක වගේ සිතන්න.මෙදා පාර වරද්ද ගත්තොත් ලංකාව තවත් සිරියාවක්, ලිබියාවක් වෙනවා . වගකීමෙන් කියන්නේ.