IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පරිසර රාජ්‍ය ඇමැතිට වරෙන්තු

(නිමන්ති රණසිංහ)
 

පරිසර රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(17) වරෙන්තු නිකුත් කළාය.
 
කුරුඳුවත්ත පොලිසිය මගින් මෙහෙවන නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරිය විසින් මෙසේ වරෙන්තු නිකුත් කරන ලදී.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ යෙදී මහජනයාට හිරිහැරයක් කළැයි කියන සිද්ධියට අදාළව මං මාවත් පනත උල්ලංඝනය කළැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුලූ සැකකරුවන් 6 දෙනා සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේ  මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළාය.



අදහස් (11)

පරිසර රාජ්‍ය ඇමැතිට වරෙන්තු

රවින් Monday, 17 February 2020 07:07 AM

පරිසරය ගඳ ගස්සන්නෙක්. හොරකමකටද?

:       7       513

lakmalMonday, 17 February 2020 08:16 AM

අකුරු කියවන්න බැරිද? ඉස්සෙල්ල නිවුස් එක කියවල කොමෙන්ට් කරන්න.

:       365       90

susanthaMonday, 17 February 2020 08:22 AM

රවින්, ලිපිය කියවල බලලම කොමෙන්ට් කලානම් හොඳ නැද්ද මාතෘකාව විතරක් කියවලා වලිගෙ පාග ගන්නේ නැතුව. ඔය අර පහුගිය කාලෙ නීතිය නවන්න කියපු පොලිස්පති දාපු නීති නවන නඩුනේ.

:       375       92

Pradeep Monday, 17 February 2020 07:45 AM

වැඩේනම් බොහොම හොදයි. නමුත් උද්ගෝෂණ වලදී ජනතාවට අවහිර වන අන්දමින් තව කී දෙනෙක් නම් හැසිරෙනවද.. විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාලවල දරුවෝ, "රැකියා විරහිත" යයි කියාගන්නා උපාධිධාරීන්...

:       120       116

ලසන්ත Monday, 17 February 2020 08:13 AM

විපක්ෂයේ ඉන්නකොට තමයි මේගොල්ලො ඕවට, අකැමති සහ ඕවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ වෙන්නේ. දැන් ඉතිං හමුදාපති නෙවෙයි ඊට ඉහල කෙනෙක් තහනම් කලත් මීයෝ වගේ.

:       0       109

ranjith Monday, 17 February 2020 09:27 AM

කෝ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණ කරන වීරයෝ මේ රටේ රණවිරුවෝ නියම වීරයෝ අනෙක් උන් සෝබන කාරයෝ

:       63       248

Dirt Monday, 17 February 2020 09:30 AM

මහා කකුළුවෝ නිතියට මෙහෙම නිගා කරනකොට පොඩිවූන් මොනා නොකරයිද ? ජනාධිපති තුමනි ඔබ ගැන අප තැබු විස්වාසය පලුදුවිම පටන්ගෙන ඇත. ඔබේ වගකීම ඇමතිවරයාගේ සිට සියලුදෙනා නීතියට ගරු කරන රටක් නිර්මාණය කිරීම නොවේද ? මෙවැනි ඇමතිවරු ඔබට තවදුරටත් අවශ්‍යනම් , ජනතාව ඔබ ගැන තීන්දුවක් ගනු ඇත.

:       1       561

WasudewaMonday, 17 February 2020 09:46 AM

මේ වගේ අය පාර්ලිමේන්තු යවන අයගේ මොලේ පරික්ෂා කරලා බලන්න ඕනේ. අනේ හැබැටම මෙහෙමත් රටක් ලෝකෙම නැතුව ඇති.

:       0       204

Rohana Monday, 17 February 2020 09:30 AM

හැංගෙන්න අවශ්‍ය නැහැ. බය නැතිව ඉදිරිපත් වෙන්න.

:       4       205

jiwaa Monday, 17 February 2020 09:39 AM

ඔය සුභ අනාගතයේ මල් පිපෙන්න පටන් අරන් ඉදිරියේදී පල හටගනිවී .....

:       0       188

Mahee Tuesday, 18 February 2020 12:47 AM

මෙයා ඊයේ පෙරේදා කියලා තිබුනේ ගම්පහ වන නිලධාරිනිය හොඳයි ඒ වුනාට අර කඩොලාන උඩින් පිට්ටනි ගහන කෙනත් එයාගේ යුතුකම ඉටු කරන්නයි උත්සාහ කලේ කියලා. මේ වගේ අය නොවැ අපේ රට පාලනය කරන්නේ.

:       0       218

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 35 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site