(සුජිත් හේවාජුලිගේ , ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනි)
ඉකුත් දින හතරේ පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් දෙකෝටි හැට ලක්ෂයක මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි.
මේ මුදල වැයවී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව වර්ජනය කිරීම නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 23,27,29 සහ 30 දිනවල පැවැති රැස්වීම් වෙනුවෙනුයි. එම අංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මැති ඇමැතිවරුන්ගේ හා පාර්ලිමේන්තු සේවකයින්ගේ වැටුප් දීමනා,ඉන්ධන හා විදුලිය , ආහාර පාන වෙනුවෙන් මෙම මුදල වැයවී ඇතැයිද ඒ නිලධාරියා කීවේය.
ගණන් බලා ඇති අන්දමට මේ එක් දිනකට වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 65කට ආසන්නය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මුදල්...
බොරුවට ජනතාවගේ මුදල් කනවා....
බොරු වැඩ...
ඔය ගානට පාර්ලිමේන්තුව වර්ජනය කරලා කැන්ටිමෙන් හොඳට කාලා ගෙදරගිය මන්ත්‍රීවරුන් වෙනුවෙන් වියදම් වූ ගණනත් ඇතුළත්ද?
ඕක වහලා දාන්න, අපිට ඕක ගැලපෙන දෙයක් නෙවි නේද , අපි හරි දුප්පත් රටක් , ඉන්නෙත් මිලියන 22 ජනතාවක් , කව්ද අනේ මේ පාර්ලිමේන්තුවට වියදම් කරන්නේ
මේ මුදල හීන් බබාගෙන් අයකර ගතයුතුයි..
ලක්ෂ 65ක් දිනකට. පුදුම අපතයක් මොනාද ඔවුන් කන්නේ ම්ප්නද ඔවුන් කරන්නේ?
අර කඩා බිඳ දාපුවටත් එක්කලද?
මේ වියදම් කරන්නේ මෙයාලගේ මුදල් නොවේ. රටේ අහිංසක ජනතාවගේ සහ ජනතාව බිල්ලට දී ගත් විදේශ ණයයි
අපි එක දවසක් වැඩට නොගියොත් එදාට පඩි කපලා. එහෙම බලද්දී මන්ත්‍රී 225න් කවුරුහරි පාර්ලිමේන්තු එන්නේ නැති දවස් වලට පඩි කපන්න ඕන. අනිත් එක අපිට කාර්යාල වලින් අමුතුවෙන් කෑම දෙන්නේ නැනේ. හම්බෙන පඩියෙන් කෑම ගන්න ඕනෙත්. එහෙම බලද්දී පාර්ලිමේන්තුව 225 ට අමුතුවෙන් නොමිලේ කෑම දෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. පක්ෂ බේදයකින් තොරව හැමෝම පොඩ්ඩක් හොයලා බැලුවනම් මේ වගේ මහජනතාවගේ සල්ලි නාස්ති කරලා පාර්ලිමේන්තු එන්නත් බැරි නියෝජිතයෝ තමුන්ගේ අසන වලින් එවන්න එපා ඉස්සරහට. හැමදාම මෙයාලගේ පදේට නැතුව ඇති මහජනත්ව මොලේ කල්පනා කරලා තමගේ ඡන්ද බලය පාවිච්චි කරන්න
මේවා බොරු කතා. පාර්ලිමේන්තුව තිබුනත් නැතත් පාර්ලිමේන්තුවේ සේවකයන් අනෙත් දීමනා ගෙවන්න ඕන. විදුලි බිල ගෙවන්න ඕන.
බොරුවට ඇමති මණ්ඩලේ වියදම් අඩු කරන යෝජනා ගේනවා මෙහෙම මුදල් නාස්ති කරලා
අපේ රටේ දේශයට ආදරය කරන මහජන සේවකයින් හොයන්න අමාරුයි. ඔය වියදම ගැන තැවෙන්නේ නැහැ , මොකද ඒවා ගෙවන්නේ අපි. ඒගොල්ලෝ පරම්පරා ගානකට හොයලා පිටරට බැංකුවලත් දාගෙන සතුටින් ඉන්නවා. බලයයි ඕන. මොකටද ? කරපු වැරදි වහගන්න .
පාර්ලිමේන්තුව රැස්වුණේ නැතත් සේවකයන්ට පඩිගෙවන්න වෙනවා. පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නැති දවසට කීයක් යනවද කියලා දන්න කෙනෙක්ට කියන්න.
වැටුප් ගෙවිය යුතුමයි. මීට අදාල නෑ. විදුලිය, ආහාර හා ඉන්ධන සඳහා මිලියන 6ක්? ආහාර = 100 x 10,000 = ලක්ෂ 10. විදුලිය = 50,000 ඉන්ධන = ලක්ෂ 5. . ඉතුරු සල්ලි මිලියන 5ක් මොකටද?
හිගන හැත්තක්... මකබැවිලාම යයි..
ඇයි අරයා ගිය දවස්වල වියදම කියන්නේ නැත්තේ? ඒ වියදම තවම ගණන් කරනවා ඇති....
මන්ත්‍රීන් රැස් නොවන දිනයකට කොච්චර යනවද?
පසුගිය දින 4ම වියදම විතරක් කියන්නේ ඇයි? මොකක්ද විශේෂය...? අනෙක් දවස් වලටත් ඔය වියදමම යන්න ඇති. අපරාදේ අපේ සල්ලි. වෙලාවට ළමයින්ගේ පොත් ටික, නිලඇඳුම් ටික දෙන්න බෑ.. බලයට පොරකනවා ළඟ එන ඡන්දෙදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50%ට වඩා අඩුකරමු. රාජ්‍ය නිලධාරින් රට කරගෙන යයි..
හැංගිමුත්තන් කරන හොර ආණ්ඩුව කියන අයගෙන් මේ සල්ලි අයකරගත යුතුයි.
මේ ගනණට පාර්ලිමේන්තුවට ඇවිත් සභා ගර්භය පැත්තේවත් යන්නේ නැතුව භෝජනාගාරයට ගිහින් හොඳ කෑම වේලක් වළඳලා ගෙදර යන කට්ටිය වෙනුවෙන් වැය වුන මුදලත් ඇතුළත්ද?
මේකත් රටට වාසියක් වෙන විදියට පුද්ගලික අංශයට දෙන්න
අපි 2016, 2017 අවුරුදු වලත් ගිය සම්පුර්ණ ගානත් ගැනලා බලමුද? ඒ ගාණට හරියන්න කරලා තියෙන වැඩත් මොනවද කියලා හොයලා බලමුද?
අහෝ රෙදි නැතුවම කඩේ යනවනේ..
කැන්ටිම වැසුවා නම් භාගයකට වඩා අඩුකර ගන්න තිබුණා.
ඔයතරම් මුදලක් .. අනේ මන්දා මට තේරෙන්නේ නැහැ....