(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙමින් තිබූ අතර එහි විවාදය අවසන් වීමෙන් පසු පනතට අදාළ ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩු පක්ෂය උත්සාහ කිරීම නිසා පාර්ලිමේන්තුවේ කලබලකාරී තත්වයක් ඇති විය.
කථිකයන් නොමැතිව විවාදය කලින් අවසන් වූ අතර සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ඡන්දය හෙට පැවැත්වෙන බවයි.
එයට විරෝධය පෑ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව අදම ඡන්දය පැවැත්වීම හෝ පනත ඉල්ලා අස්කර ගැනීම කළ යුතු බව පැවසූහ.
මුලසුනේ සිටි ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය ඡන්දය විමසීමට තීරණය කළ ද කතානායකවරයා මුලසුනට පැමිණ තාවකාලිකව සභාව කල්තැබීය.
පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට ඇති බවත් ඉන්පසු සභාව යළි රැස්වන බවත් කතානායකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර අපගේ අදහස් ද්වෙෂලෙස ප්‍රකාශ කරනවා නොසිතන්න. දැන් මේ 225 ට " අද වියදම් කලේ මුන්ගේ ඒ අහිංසක දෙමාපියන් ගේ පුද්ගලික මුදල්ද නැත්නම් අහිංසක පුරවැසියන්ගෙන් එකතුකරන බදු මුදල්ද ?? මෙහෙමත් පාලන අධිකාරියක්..පාසලක වුනත් දරුවෙකු පාසලට නොපැමිණියේ නම් ඒ දරුවා නොපැමිණි හේතුව පිලිබදව ගුරුතුමා හෝ ගුරුතුමිය විමසනවා නේද ? එවැනි ක්‍රමයක් නැද්ද අඩුතරමින් වාචිකව අසිමටවත් මේ අයගෙන්?
පාර්ලිමේන්තුව පමණක් නොවේ.. ජනාධිපතිවරණයත් කල් යන බවයි කියන්නේ. ජනාධිපතිවරයා තමන්ගේ ධුර කාලය අවසන් වන දිනය කවදාද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තියෙනවාලු.19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙන ධුර කාලය වසර 5ක් බව මීට කලින් ප්‍රකාශ කර තිබුණි. නමුත් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය ඉදිරිපත් කරන තර්කය වෙන්නේ එම කාල වකවානුව ආරම්භ කෙරෙන්නේ 19 වන සංශෝධනය සඳහා කතානායකවරයා අත්සන් තැබූ 2015 මයි 15 වෙනි දිනයේ පටන් බවයි. මෙම තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කළහොත් මැතිවරණය පැවැත්විය යුතු වෙන්නේ 2020 අප්‍රේල් 15 වෙනිදාට පෙරය. එහෙම වුනොත් බැඳුම්කර නඩු, අධිවේග නඩු ආදිය නිසිපරිදි පසිඳා අවශ්‍ය ඇත්තන්ට දඬුවම් දීමට ඕනෑතරම් කල් ලැබෙනු ඇත. අර සම්මේලනයේදී "අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු ලොකු පුද්ගලයින්ද අධිකරණය හමුවට පැමිණවීමට අවශ්‍ය ලිපි ලේඛන දැනටමත් සකස් කර අවසන්" කියලා දකුණු හස්තය මොලවාලමින් ගාම්භීර හඬකින් ප්‍රකාශ කලේ මේ නිසාද කියා දන්නේ දෙයියෝ සහ එතුමා පමණකි. ඒ වුණාට ඉතින් " කුඩුකාරයෝ එල්ලනවා" කියල කීවෙත් ඔය කටින්මනේ.