(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
ප‍්‍රංශයේ අගනුවර වන පැරීසියේ පිහිටි ලෝක උරුමයක් ලෙස සැලකෙන නෝත්‍ර දාම් (අපේ මව දේවස්ථානය) කතෝලික දේවස්ථානයේ වහලය පිහිටි ප‍්‍රදේශයේ හටගත් ගින්නක් හේතුවෙන් වහලය අයත් කොටස් ගින්නෙන් දැවී විනාශ විය.
මේ වන විට වහලය අයත් කොටසේ භාගයක් පමණ හා එහි සවිකර ඇති ප‍්‍රධාන සීනුවද ගින්නට අසුවී විනාශ වී තිබේ.
සිව්වැනි සියවසට අයත් පෞරාණික සුප‍්‍රසිද්ධ ස්ථානයක් වූ මෙම දේවස්ථානයේ වහලය අළුත්වැඩියා කිරීම සඳහා මේ දිනවල කටයුතු සිදු වෙමින් පැවැතිණ. ඒ අතර 15 වෙනි සදුඳා සවස 6.30 ට පමණ දේවස්ථානයේ සවිකර ඇති ගිනි ආරක්ෂිත නලා නාද විය. 6.45 පමණ වන විට මෙම ගින්න පැතිරී තිබේ. ඒ වනවිට අළුත්වැඩියා වැඩ බිමේ සේවකයෝ එදින වැඩ අවසන් කර නිවෙස් බලා ගොස් සිටියහ.
ගින්න ආරම්භ වන මොහොතේ පවා විශාල සංචාරකයන් සංඛ්‍යාවක් එය නැරඹීමට පැමිණ සිටි අතර ඔවුන් සියල්ලෝම ආරක්ෂාකාරී ලෙස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළේය.
පැරීසියේ ගිනි නිවන භටයෝ 200ක් පමණ මෙම ගින්න මැඩ පැවැත්වීමට යෙදී සිටියහ. කෙසේ වෙතත් අද 16 වැනිදා අලූයම 2.00 වන විට බොහෝ දුරට ගින්න පාලනය කිරීමට හැකි වුවද ඒවන විට දේවස්ථානයේ වහලය මත සිට අහසට විහිදුණු ඊතලය වැනි ඇති පෞරාණික කොටස සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී තිබිණි.
ප‍්‍රංශයේ හදවත ලෙස සලකන මෙම දේවස්ථානය ප‍්‍රංශ ගෘහ නිර්මාණ ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවී ඇති නිර්මාණයකි. ඉපැරණි ප‍්‍රංශ ගොතික් කලාවෙන් පරිපූර්ණ අති විශිෂ්ඨ ගෘහ නිර්මාණාත්මක ලක්‍ෂණ වලින් යුත් මෙම දේවස්ථානයේ ඉදිකිරීම් වර්ෂ 1163 දී ආරම්භ කර වර්ෂ 1345දී අවසන් කර ඇත්තේය. මේ සඳහා වසර 200 කට කාලයක් වැය කොට ඇත.
ලෝක ප‍්‍රසිද්ධ ප‍්‍රංශ ජාතික නවකතාකරුවෙකු, කවියකු, නාට්‍ය රචකයකු වන වික්ටර් හියුගෝ විසින් රචිත, වර්ෂ 1831දී ප‍්‍රකාශයට පත්කෙරුණු, නෝත්ර දාම් ඬේ පැරී (පැරීසියේ අපේ මව) නම් ලෝක ප‍්‍රසිද්ධ ඵෙතිහාසික නව කථාව හේතුවෙන් මෙම දේවස්ථානයතව තවත් ලෝක අවධානය දිනා ගත්තේය.
දැනට සිදුවී ඇති අලාභය පිළිසකර කිරීම සඳහා යුරෝ මිලියන 150 ක් (රුපියල් කෝටි 30,000 ක් ) පමණ වැය වන බව බලධාරීන්ගේ මතයයි. පැරීසියේ අයිෆල් කුළුනට පසුව සංචාරකයන් වැඩිම ප‍්‍රමාණයක් නරඹන ස්ථානය මෙම දේවස්ථානය පත්ව තිබේ. වසරකට සංචාරකයෝ ලක්ෂ 140 ක් පමණ මෙය නැරඹීමට පැමිණෙන බව සංචාරක වාර්තාවල සඳහන්වේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිටැවූ පස්වන ප‍්‍රංශ ජන රජයේ ප‍්‍රථම ජනාධිපති ජෙනරාල් චාර්ල්ස් ඩිගෝල්, හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් පොම්පිඩූ මෙන්ම ප‍්‍රංශුවා මිතොරොන්ග් මියගිය පසු ඔවුන්ගේ අවසන් ආගමික කටයුතු සිදු කළේද මෙම දේවස්ථානයේය.
දේවස්ථානය ගිනිගත් 15 වන සඳුදා දිනයේ රාත‍්‍රී 8.00 ට ප‍්‍රංශ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ කතාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණද දේවස්ථානයේ ඇතිවූ ගින්න හේතුවෙන් ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම අවලංගු කළ බව ජනාධිපති කාර්යාලය දැනුම් දුන්නේය.
ඉන්පසු මෙම විනාශය සියැසින් දැකබලා ගැනීම සඳහා ජනාධිපතිවරයාත්, අගමැති එඩුවා පිලිප්, කතානායක රිචාර්ඩ් පෙරොන්ඩ්, පැරිස් නගරාධිපති ඈන් හිඩල්ගෝ මහත්මිය ඇතුළු ඇමැතිවරු පිරිසක් රාත‍්‍රී 8.30 ට පමණ දේවස්ථානය අසළට පැමිණියහ.
රාත‍්‍රී 11.30ට පමණ දෙවන වරටත් ජනාධිපතිවරයා සිය බිරිඳ බි‍්‍රජිට් මැක්රොන් සමඟ නිරීක්ෂණ චාරිකාවක යෙදුනේය. ඒවන විටත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට නොහැකිවී තිබිණ.
මෙම විනාශය සැළවූ වහාම ඇමෙරිකානු ජනාධිපති, ජර්මන් චාන්සල්වරිය, බ‍්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුට්රෙස්, ටෙනිස් ක‍්‍රීඩක රෆායල් නඩාල්, සුප‍්‍රසිද්ධ පාපන්දු ක‍්‍රීඩක බ‍්‍රසීල ජාතික නෙයිමාර් යන අය විසින් අපට හිමිව තිබු යුරෝපයේ ලෝක උරුමයක් විනාශ වීම ගැන තම කනගාටුව පලකරන නිවේදන නිකුත් කර තිබිණ.
ගින්න ඇතිවීමට හේතුව සොයා බැලීම සඳහා විශේෂ දැනුම ඇති කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇතත්, මේවන විටත් ගින්නට ආසන්නම හේතුව සොයා ගැනීමට අපොහොසත් වී තිබේ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි නිවන බටයන්ට සියල්ල කල හැකිය
අහසේ දිස්වන ගුවන් යානා වැනි යමක් දිස්වෙනවා සැක සහිතය
මේ අලාබය කොහොම මිල කරන්නද? වියදම ගණන් බැලිය හැකි. උනුත් වටිනාකම මිල කල නොහැක
නිහාල් ඔබ නිරාගමික නම් ඔබේ අදහසට ගරු කරමි....... පල්ලියක් ගිනිගත් පමණින් කිතු දහම විනාශ වෙන්නේ නැත
දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය
( පළමු කොටසේ සිට..).මේ ගින්න පැවැති අවස්ථාවේදී ලොව පුරා රාජ්‍ය නායකයින් තම ශෝකය පළකරමින් අදහස් දක්වා තිබුනා. ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් මහතා අසා තිබුනා..හෙලිකොප්ටර් යොදාගෙන ගින්න නිවන්නේ නැත්තේ ඇයි කියා. ප්‍රංශ ගිනි නිවන ප්‍රධානින් ඒ අදහස ප්‍රතික්ෂේප කරමින් කියා සිටියා ..හෙලිකොප්ටර් යොදාගත්තානම් ..එහි ආකෘතිය කඩාවැටී මුළු දෙව් මැදුරම පොලොවට සමතලා වීමට ඉඩ තිබෙනබව. ඓතිහාසික වටිනාකමින් යුතු දෙයක් විනාශවූ මේ අවස්ථාවේදී අපි සියලුදෙනාම හදවතින් හඬමින් සිටිද්දී..හිනායන කරුණක් ගැන හිතමු.හිතන්න මේ දෙව් මැදුර තියෙන්නේ ලංකාවේ කියලා.ගින්න පටන්ගත්තා කියලා හිතමු...අපේ ගිනි නිවන කට්ටිය ගින්න නිවන්න ට්‍රයි කරනවෙලාවේ ට්‍රම්ප් මහත්තයා කෝල් කරලා අහනවා ඇයි හෙලිකොප්ටර් යොදා නොගන්නේ කියලා...මොකද වෙන්නේ...? අපේ රටේ ලොකුම දේශපාලුවෝ ගිනි නිවන ලොක්කට ඕඩර් කරනවා ..වහාම හෙළිකොප්ටර් යොදාගන්න කියලා. ගිනි නිවන ලොක්කා කියනවා ' බැහැ සර් ..ඒ වැඩේ භයානකයි ' කියලා..මොකද වෙන්නේ ගිනි නිවන ලොක්කා රස්සාව නැතිකරගන්නවා. ආණ්ඩුව බලෙන් හෙලිකොප්ටර් යොදාගෙන ගින්න නිවන්න ගිහින් මුළු දෙව්මදුරම පොලොවට සමතලා කර ගන්නවා. බොරුද..?
සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. සියල්ල අනිත්‍යය. - බුදු රජානන් වහන්සේ.
අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ....දෙවියනි ඔබ කොහිද?
හද සසල කිරීමට සමත් වූ පුවතකි. දුපත් මානසික විකෘතියෙන් පීඩා විඳිමින් අදහස් දමා ඇති සමහරු අනේ! තාම වනන්තරේ දණ ගානවා. පොඩ්ඩක් ඉවසන්න ගැලපෙන මොළය නිර්මාණය වෙමින් පවතී.
ඔබේ මුඛයෙන් ඉක්මන්කාර නොවෙන්න, ඔබේ සිතද දෙවියන්වහන්සේ ඉදිරියෙහි කාරණයක් නිකුත්කරන්ට ඉක්මන් නොවේවා; මක්නිසාද දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය, ඔබ පොළොවෙහිය; ඒ නිසා ඔබේ වචන ස්වල්ප වේවා. මක්නිසාද ස්වප්නය කාරණා රාශියක්ද අඥානයාගේ හඬ වචන රාශියක්ද ඇතුව පැමිණෙන්නේය. සොලොමොන් රජ (ක්‍රි පු 970-)
අවුරුදු 850 ක් පැරණි රටේ හදවත බදු වූ දෙව් මැදුරක්. මෙම සිදුවීම නිසා බොහෝ දෙනෙක් කම්පාවට පත්වුණා.
මේ සිද්ධියේදී අපේ රටේ ජනමාධ්‍ය මෙතෙක් නොකිව කතාවක් මම කියන්නයි යන්නේ. ජේසුස් වහන්සේව මරණයට ගෙනයන අවස්ථාවේදී මග තිබු විශාල කටු සහිත වැලක් ඔටුන්නක් ලෙස සාදා, වධකයින් විසින් උන්වහන්සේට පැලැන්දු බව අපි කව්රුත් අසා ඇතිනේ. මේ කටු ඔටුන්නේ කොටසක් සහ උන්වහන්සේ වධ බන්ධනයට ලක්වූ විට පැළඳගෙන සිටි ඇඳුමේ කොටසක් ඉතාම ආරක්ෂාකාරී ලෙස මේ පල්ලියේ කොටසක තැන්පත් කර තිබුනා. ගිනි නිවන හමුදාවේ සියලු දෙනාගේම ඒකායන අරමුණ වුයේ ඒ ඓයිතිහාසික වටිනාකමක් ඇති දේවල් ආරක්ෂාකර ගැනීමත්, මේ දෙව් මැදුරේ " ආකෘතිය " ගිනි රකුසාගෙන් ආරක්ෂා කර ගැනීමත්ය. ප්‍රංශ වේලාවෙන් මධ්‍යම රාත්‍රිය වන විටත් ගිනි දැල්වලින් පල්ලියේ කොටසක් වැසි තිබුනත්, ගිනි නිවන හමුදාවේ 400 දෙනෙකුගේ නොනවතින උත්සාහය නිසා කටු ඔටුන්නේ කොටස සහ ජේසුස් වහන්සේ ඇඳ සිටි වස්ත්‍ර කොටස ඇතුළු ඓයිතිහාසික දේවල් සහ ගොඩනැගිල්ලේ ආකෘතිය බේරා ගැනීමට හැකිවූ බව මධ්‍යම රාත්‍රියේදී ප්‍රකාශයට පත්වුනා. මේ ගින්න පිලිබඳ පුවත අසා ලොව පුරා සිටින රාජ්‍ය නායකයින් තම ශෝකය ප්‍රකාශ කල අතර සමහරුන් විවිධ අදහස්ද පලකලා.
ප්රංශ ජාතිකයන්ටත් ලොවටත් මහා අභිමානයක් වූ මෙම විනාශයෙන් මුළු ලොවම කම්පාවට පත්විය. ලෝකයේ බොහෝ ජනාධිපතිවරුන් සහ ජාතීන් කනගාටුව ප්‍රකාශ කරමින් ප්‍රංශය වෙත ශෝක පණිවිඩ එවා තිබුනි. ශ්‍රී ලංකාවේ බොහෝ බෞද්ධ ජනතාව ඇතුළු ලොව ජනතාව මෙහි දී ශෝක වූයේ ආගම් භේදයකින් තොරවය. මෙහිදී ශ්‍රී ලංකාවේ ඉතා සුළු පිරිසකගේ හැසිරීම කණගාටුවෙන් සඳහන් කරමි. ඔවුන් ෆේස්බුක් ඇතුළු මාධ්‍යයන්ට සිය අදහස් දක්වා තිබුනේ ඉතාම වෛරී අන්දමිනි. මෙම පිටුවේම කිහිප දෙනෙක් දක්වා ඇති අදහස් දෙස ද බලන්න. මෙය ඔවුන්ට විශාල සතුටක් බවත් කතෝලික ආගම ගැන ඔවුන්ගේ සිතේ ඇති ක්‍රෝධයත්, වෛරයත් මනාලෙස පිළිබිඹු වෙයි. අති උතුම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙහි හරය මෛත්‍රී කිරීමයි. සොයුර සොයුරිය ඔබ මේ පතුරුවන්නේ මෛත්‍රීයද? බුදුන් වහන්සේ සකල ජනයාට දෙසා වදාළ උතුම් ධර්මය ඔබ නිසි ලෙස අවබෝධ කරගෙන ඇතිද? තවදෙයක් ඔබට කියමි. කිසිදු දිනෙක කිසිදු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් කතෝලික ආගමට හෝ වෙනත් ආගමකට මෙලෙස ගරහා ඇති බව ඔබ දැක තිබේද? නැත. ඒ ඇයි? උන්වහන්සේලා උතුම් බෞද්ධ ධර්මයේ හරය වූ මෛත්‍රි කිරීම නිසි ලෙස අවබෝධ කර ගෙන ඇති බැවිනි. ඔබ සැමට තුනුරුවන් සරණයි.