IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


නීත්‍යනුකූල කැබිනට් මණ්ඩලයක් පත්කළ යුතුයි - ජයම්පති වික‍්‍රමරත්න

(නිමල කොඩිතුවක්කු)

ඔක්තෝම්බර් 26 වැනිදා ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ අධිකරණය තීන්දුවක් ලබා දී ඇති බැවින් නීත්‍යානුකූල  කැබිනට් මණ්ඩලයක් සහ අග‍්‍රාමාත්‍යවරයෙකු පත්කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා කොළඹදී අද (03) පැවැසීය.

මෙයට පෙරත් ජනාධිපතිවරු කැමති නොවන අයට අග‍්‍රාමාත්‍යධුර ලබා දීමට සිදුවූ බැවින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීම හැර වෙන විකල්පයක් ජනාධිපතිවරයාට නොමැති බවද  මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා මෙසේද කීවේය.

     ‘‘පෙත්සම් විභාග අවසන් වනතෙක් අගමැතිට සහ ඇමතිවරුන්ට  සිය ධුර දැරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දිලා තියෙනවා. මෙය ඓතිහාසික අවස්ථාවක්.

19 වන  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපි මේ රටේ ඇති කරපු ප‍්‍රජාතන්ත‍්‍රවාදී කවුලූව නිසා තමයි අපිට මේ ජයග‍්‍රහණය හිමි වුණේ. අධිකරණයේ ස්වාධීනත්වය  නැවත ඇති කරලා මේ තිබුණු වාතාවරණය නිසා තමයි අපිට මේ වගේ තත්වයක් ඇති කරගන්න පුළුවන් වුණේ.

මේක අපි ලබපු විශාල ජයග‍්‍රහණයක්. අවසාන තීන්දුවත් මේ ආකාරයෙන්ම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.

දැන් අගමැතිවරයෙක් නැහැ. අමතිවරු, නියෝජ්‍ය  ඇමතිවරු නැහැ. එම නිසා ඊනියා ඇමතිවරුන්ගේ  නියෝග පිළිගන්න කිසිම රාජ්‍ය සේවකයෙකුට පුලූවන් කමක් නැහැ.

පාර්ලිමේන්තුව මේ පිලිබඳ  තීන්දුවක් දීලා තියෙනවා. අධිකරණයත් මේ පිලිබඳ නියෝගයක් ලබාදීලා තියෙනවා. දැන් මේ වෙලාවේ කරන්න  ඕන  නීතියට අනුව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමයි. ඒ නිසා පළමුව අගමැතිවරයා පත් කළ යුතුයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අගමැතිවරයෙකු පත්කිරීම පිලිබඳව එක විධි විධානයයි තියෙන්නේ. 42 හතරවන උපවගන්තිය අනුව පාර්ලිමේන්තුවේ උපරීම විශ්වාසය ඇති පුද්ගලයා කවුද කියන මතයට ජනාධිපතිවරයා එන්න  ඕන. ඒ මතයට එන්න  ඕන තමන්ගේ කල්පනාව මත නෙමෙයි  සාක්ෂි මත ඒ තීරණය ගත යුතුයි.

එක්සත් ජාතික පෙරමුණ කියා සිටිනවා රනිල් වික‍්‍රමසිංහ මහතා තමයි අපි අගමැති විදියට නම් කරලා තියෙන්නේ කියලා. දෙමළ ජාතික සන්ධානයත් කියා සිටිනවා ඔක්තෝම්බර් 26ට පෙර තත්ත්වයට යන්න  ඕන කියලා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීම හැර වෙන විකල්පයක් නැහැ. ජනාධිපතිට ඔහුත් එක්ක වැඩ කරන්න පුළුවන්ද නැද්ද කියන ඒවා දෙවැනි කාරණයයි.

මෙයට පෙරත් ජනාධිපතිවරු  කැමති නොවන අයට අග‍්‍රාමාත්‍යධුර දෙන්න වුනා.  ඞී. බී විජේතුංග  මහතා 94 දි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පත්කළා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 2001 දී රනිල් වික‍්‍රමසිංහ මහතා පත්කළා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 2004දී  ලක්ෂ්මන් කදිරගාමර් මහතා  පත් කිරීමට කැමති වුනත් පාර්ලිමේන්තු කන්ඩායමේ විශ්වාසය දිනා සිටියේ  මහින්ද රාජපක්ෂ මහතා නිසා එතුමාව පත් කළා.

ඒ නිසා මේ සම්බන්ධව පූර්වාදර්ශ තියෙනවා. මෙතනදි බලපාන්නේ  බහුතරයේ කැමැත්ත මිසක් පුද්ගලික සම්බන්ධයන් නෙමෙයි‘‘ යැයිද ඔහු එහිදී පැවැසීය.

ඡායාරුප : ගයාන් අමරසේකර

 

 



අදහස් (9)

නීත්‍යනුකූල කැබිනට් මණ්ඩලයක් පත්කළ යුතුයි - ජයම්පති වික‍්‍රමරත්න

sirimal Monday, 03 December 2018 05:46 PM

මේක දැන් රටේ අනාගතය සම්බන්ධ නැති පෞද්ගලික ආරෝවක් බවට පත්වී ඇති බවයි පෙනෙන්නේ.

:       0       41

Nandalal DE SILVA - France Monday, 03 December 2018 09:49 PM

රටේ "අගමැති" කියාගන්න මහින්ද රාජපක්ෂ ඊයේ පෙරේදා රාජ්‍ය ගුවන් විදුලිය මගින් දිග පාපොච්චාරණයක් කල බව කාටත් මෙතරම් ඉක්මනට අමතක වෙන්න බැහැ ! ජනාධිපති සිරිසේන මහත්තයා තමා අගමැති හැටියට පත්කිරීම සාධාරණය කරමින් ඔහු කල දේශනයට උදාහරණ වශයෙන් විදේශීය නායකයන් රැසක් එවැනි තීන්දු තීරණ ගෙන අගමැති ඔළු මාරු කරබව ඔහු කීවා. අනිත් ඒවා ගැන කෙසේ වෙතත් මා පදිංචි ප්‍රංශයේත් මෙවැනි සිදුවීම් අනුව ජනාධිපති විසින් අගමැතිවරුන් වෙනස්කිරීමක් ගැන මහින්ද දිග කතාවක් කරා. එහෙත් මහින්ද මහත්තයා නුදුටු නැසූ දෙයක් මෙරටේ සිදුවෙමින් තිබෙනවා. දැනට සති 3ක් තිස්සේ ජනපති මැක්රෝන්ටත්, ඔහු විසින් නම්කළ එඩුආ ෆිලිප් අගමැතිගේ රජයටත් එරෙහිව මහජනතාව දක්වන උද්ඝෝෂණ මගින් රටේ ආර්ථිකයට ඇතිවී තිබෙන බලවත් හානි සමග ඔවුන් කරන කඩාකප්පල්කාරී වැඩ සමග ගිනිතැබීම් ආදිය මගින් රජය දුර්වලවී තිබුණත් ජනාධිපති විසින් තවමත් අගමැති එලවා නැති බවයි ! හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මෙවැනි කතාවක් කලානම් එය සාධාරණ එකක් බව කියන්න තිබුනේ ඇය ලෝක ප්‍රකට සොබෝර්න් සරසවියේ උපාධිධාරිනියක් හෙයිනි ! එහෙත් මහින්ද ?

:       25       12

supun udara Tuesday, 04 December 2018 12:05 AM

19 වන ව්‍යවස්ථාවෙ ගැටලු තියෙන එක සාධාරණයි. මේයාට තේරෙන්නෙ නෑනෙ උසාවියෙන් දීල තියෙන්නෙ තහනම් නියෝගයක් විතරයි කියල. මෙයා කියනව අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන්න ඕනි කියල. බැරිවෙලාවත් උසාවියෙන් තීන්දු කලොත් මහින්දගේ ඇමති මණ්ඩලේ නීත්‍යානුකුලයි කියල මොකද වෙන්නෙ එතකොට කැබිනට් මණ්ඩල දෙකයි. මෙයාල හදන්නෙ මෙයාලගෙ දේශපාලන උවමනා වෙනුවෙන් මේ රට අරාජික කරන්න. මෙයාල හොදටම දන්නව උසාවියෙන් දීල තියෙන්නෙ තීන්දුවක් නෙමෙයි තාවකාලික තහනමක් විතරයි කියල.

:       146       106

සමන්ත Tuesday, 04 December 2018 12:24 AM

අතුරු තහනම් නියෝගයක් තියෙද්දි කොහොමද අගමැතිව ඉවත් කරලා නව අගමැති පත් කරන්නේ. කොහොමත් හැමෝටම අවශ්‍ය රනිල් අගමැති කරන්න.. නමුත් මහජනතාවට ඒක අවශ්‍ය නෑ.. ඡන්දයක⁣ට ගිහිල්ලා බලමු...

:       141       51

කල්පනා Tuesday, 04 December 2018 01:02 AM

අධිකරණයෙන් මහින්ද නිත්‍යානුකූල නැතැයි වාරණයක් දුන්නානම් හිටපු පිරිස නීත්‍යානුකූල නේද ඇදුරුතුමා

:       47       159

අනුර Tuesday, 04 December 2018 02:01 AM

මෙහි ඉදිරිපත්කර ඇති කරුණු තාර්කිකව නිවැරදියි

:       18       129

ගල්කටස් Tuesday, 04 December 2018 02:27 AM

මම නමි අහල නැහැ නඩුවක් අහන්න තීරණය කලාම දිනුමි කියලා දගලනවා .... එක්කෝ මේ අයට පිස්සු නැත්නමි අපිට පිස්සු... බැදුමිකරයේ සල්ලි වැඩකරනවා වගේ දැන් නියෙමටම ...රට කන මන්ත්‍රීවරු විනාශ වෙිවා කියල සාදු කියන්න පිංවත....

:       348       240

Cisco Tuesday, 04 December 2018 04:37 AM

නොර්වේ රජයෙන් මුදල් අරන් රට අල කරන තවත් පුද්ගලයෙක් තමයි

:       1016       1212

daya Tuesday, 04 December 2018 07:59 AM

අනේ හැබෑවට ඉවසිල්ලක් නැතිව කෑගහන හැටි. එහොම ටිකක් ඉන්නකො තීන්දුව ලැබෙනකං.

:       74       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30410 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12446 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 785 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 239 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site