IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම නතර කරයි

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ආශ්‍රීතව ඉදිකිරීමට යෝජිත අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, හිටපු සහ වත්මන් ක්‍රිකට් නායකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් ඇතුළු පිරිසක් සමග අද පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයන් වන රොෂාන් මහානාම, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාරද වත්මන් විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංගද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ නිලධාරීන්, ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල යන මහත්වරුද අගමැතිවරයා සමගින් පැවැති මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

 



අදහස් (11)

දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම නතර කරයි

ravin Thursday, 21 May 2020 12:16 PM

අනේ පව්, කොරෝනා හින්දා ගෙවල් ඇතුලේ හිරවෙලා ඉන්න බේබිලාට සෙල්ලම් කරන්න පිට්ටනියක් හදන්න හැදුවේ. කොහේද...? හිඟන්නාගේ බත්පතට තමයි ඉතින්...

:       525       1013

nishantha Thursday, 21 May 2020 12:25 PM

කව්ද විකටයා? කව්ද බොරුකාරයා? අන්තිමේදී කව්ද නලුවා... ජනතාව ඉතින් හැමදාම....

:       248       680

Prabha Thursday, 21 May 2020 12:34 PM

ෂික්.... අතට ගත්ත එක කටට දාගන්න දුන්නේ නැහැනේ මේ හිටපු නායකයින් ටික...

:       31       852

menna Thursday, 21 May 2020 01:03 PM

මේ ව්‍යාපෘතිය නතර කරපු එක හොඳයි. මෙච්චර සල්ලි තියෙනවා නම් ලංකාවේ මලල ක්‍රීඩාව, පාපන්දු ක්‍රීඩාව, රගර් ක්‍රීඩාව නැංවීමට හොඳ ක්‍රීඩාංගණ තිබුනොත් හොඳයි කියලා හිතනවා. තවද එ්ක ක්‍රීඩාවකට විතරක් මුදල් එක්රැස් වීමෙන් සහ ඒ සඳහා පමණක් ආයෝජනය කිරීමෙන් අනෙකුත් ක්‍රීඩා සඳහා තියෙන උනන්දුව නැතිවෙනවා. ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රිකට් ආයතනය පිළිබඳ සොයා බලා නිසි ක්‍රියාකාරකම් අරගත්තොත් හොඳයි. ක්‍රිකට් ඒකාධිපතිකමින් විවිධත්වය නැතිවී ඇත. ඔලිම්පික් වැනි ක්‍රීඩා උත්සවයක් අඩුගානේ 21 වැනි සියවසේදීවත් තියන්න පුළුවන් වුණොත් හොඳයි. 21වෙනි සියවසේ දැනටම අවුරුදු 20ක් ඉවරයි...

:       472       215

bandaThursday, 21 May 2020 09:15 PM

ඔයා මොන ලෝකෙද ඉන්නේ? ICC එකෙන් සල්ලි දෙන්නේ ක්‍රිකට් දියුණු කරන්න මිසක් වෙනත් දෙයක් දියුණු කරන්න නෙමේ... 2021 ඔලිම්පික් ගන්න පුළුවන් ලෝකයේ තියෙන එකම රට ලංකාව පමණක් නම්.... දූපත් මානසිකත්වයෙන් මිදී ලෝකයා දිහා බලන්න.

:       6       0

Ebaran singnoh Maharagama Thursday, 21 May 2020 01:43 PM

පිට්ටනිය හැදිල්ල නැවතුණා.., පොට්ටනිය ලොකු කරගන්න එක එහෙමමයි...

:       0       0

sanjeeva Thursday, 21 May 2020 02:33 PM

පව් අප්පා... දැන් අර මහේලගේ නෝනාටයි පවුලේ අයටයි මඩ ගහපු අය වෙනුවෙන් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් තියන්න...

:       0       10

chandana Thursday, 21 May 2020 03:58 PM

මිනිහෙක් අහිංසක විදිහට කීයක් හරි හොයාගන්න උත්සාහ කරන කොට ඒකත් කඩාකප්පල් කරනවා... ඒ මදිවාට හත්පොලේම ගාගෙන මහේල, සංගාව ගෙන්නලා වෙනම කතාවක් ගෙතුවා..

:       0       0

Kamal Koyrala Thursday, 21 May 2020 04:45 PM

දැන් මහාචාර්ය ආර්ථික අති විශේෂඥ බන්දුල මීටිමකටවත් කැඳවලා නැහැ.. එයාට තිබුණේ ආර්ථික ප්‍රශ්න මධ්‍යස්ථානයක් ඉදි කරලා කබ්රාල්ට කලින් සත් වැදෑරුම් ආර්ථිකය හදන්න.

:       0       1

විපරමා Thursday, 21 May 2020 05:29 PM

කාර් රේස් තියන්න තමා විදියක් නැත්තේ..?

:       0       6

Don Friday, 22 May 2020 02:21 AM

අපේ වීරෝදාර ක්‍රිකට් විරුවන්ට ජනතාවගේ ප්‍රණාමය.!!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1057 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site