IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


තමන්ට ජීවිත තර්ජන පවතින බව ජනපති කියයි

(ක.ග.කරුණාරත්න)
 
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ හා ඊට ලබාදෙන නායකත්වය හේතුවෙන් එය අඩාල කිරීමට සහ තමන් විනාශ කිරීමට විශාල කුමන්ත‍්‍රණ තිබෙන බවත් ජීවිත තර්ජන පවා එල්ලවී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (02) පොළොන්නරුවේදී ප‍්‍රකාශ කළේය.
 
ඒ පිටුපස සිටින්නේ ඒවාට වියදම් කරන්නේ කුඩු ජාවාරම්කාරයින් බවද ජනාධිපතිවරයා කීය.
 
මත්ද්‍රව්‍ය සටන අඩපණ කරන්නට විශාල පිරිසක් අද උසාවි යන බවත් මානව හිමිකම් බාස්ලා හිරගෙදර ඉන්න මත්කුඩු ජාවාරම්කාරයින් වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගෙන තිබෙන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
මත්කුඩු ජාවාරම්කාරයින් වෙනුනේ සමාජ මාධ්‍ය ජාලා විශාල වශයෙන් පෙනී සිටින බවත් ආණ්ඩුව, විපක්‍ෂය එන්. ජී.ඕ. සහ තවත් බොහෝ අය විශාල වශයෙන් පහර දෙන්නට පටන්ගෙන තිබෙන බවත් පැවැසීය.

ඉහළ දේශපාලන නායකයින් කෝටි ප‍්‍රකෝටි ගණන් හොරකම් මංකොල්ල දූෂණ කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව පත්කළ ජනාධිපති කොමිසමේ වර්තාව අද (02) දිනයේ තමන්ට ලැබුණු බවත් එහි හොඳ හොඳ සෙල්ලම් තිබෙන බවත් පැවැසීය. 



අදහස් (28)

තමන්ට ජීවිත තර්ජන පවතින බව ජනපති කියයි

Prabha Tuesday, 02 July 2019 03:48 PM

කාගෙන්ද?

:       0       177

abaranWednesday, 03 July 2019 05:15 AM

ඕක අපිත් එක්කං කියල වැඩක්ද? පොලිසිය ,රහස් පොලිසිය ,හමුදාව යොදවලා තර්ජනය කරන උං අත් අඩංගුවට අරං දඬුවම් දෙන්න...පොඩි ළමයෙක් වගේ වෙන්ට එපා..

:       0       30

Chanak los angeles Tuesday, 02 July 2019 04:11 PM

ජනාධිපති කොමිසන් වාර්තා කීයක් අතට පත්වුනදා එකක්වත් එලියට නම් ආවේ නැහැ. ඔය සියලුම ජනපති කොමිසන් වල හොඳ සෙල්ලම් තිබෙනවා නම් ඔය ඔක්කොම සෙල්ලම් දමා තිබෙන්නේ අහිංසක ජනතාව නොව ඡන්දය හොරකම්කරගෙන බලයට පත්වෙන දේසපාලකයෝමයි. ඔය කොමිසම සල්ලි විනාස කරන ජනතාව අන්දවන තනිකරම ප්‍රෝඩාවක් .

:       39       295

Amila Tuesday, 02 July 2019 05:20 PM

ඔබතුමා බලේට ආපු දවසේ ඉදන්ම කියන කතාවක්නේ ඔය කියන ජීවිත තර්ජන.

:       2       1238

පුරවැසියා Tuesday, 02 July 2019 06:18 PM

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලංකාවේ පලවෙනි ජනාධිපතිවරයා දෙන ලද තමුන්ගේ ආරක්ෂව තමුන් බලා ගන්නකියපු උපදේශය අමතක වෙලා නේද ?

:       0       1

Ajith Tuesday, 02 July 2019 07:47 PM

හෙන වලින්ද?

:       0       1

Mahee Tuesday, 02 July 2019 08:26 PM

ජනාධිපති තුමාගේ බොහොමයක් වැඩ ගැන මම එකඟ නැහැ. හැබැයි, මෙතෙන්දි නම් මම ඔබතුමා සමගයි. තමන්ගේ කකුලෙන් අදින ආණ්ඩුවක් එක්ක, සහයෝගයක් නොදෙන විපක්ෂයක් එක්ක, පතුරු ගහන එන් ජී ඕ කාරයොත් එක්ක හැප්පෙමින් යන මේ මත් ද්‍රව්‍ය විරෝධී සටනේදී ජාත්‍යන්තරයත් ඔබට විරුද්ධව අවි අතට ගනිද්දී තනිව සටනක් කරන්නට ඔබතුමාට සිදුවී ඇති බව අපට නම් පේනවා. එක නොතේරෙන අන්ධයෝ මෙතනත් අදහස් දාල තියෙනවා,

:       0       5

Hafeel Tuesday, 02 July 2019 11:12 PM

රටේ ආරක්ෂකව වෙනුවෙන් කැපවෙන නිසාද? නැත්නං 2015 දී කිව්වා වගේ අර පොලව යටෙ අඩි හයේ කතාව මතක් වුණාද?

:       0       2

ranjith Tuesday, 02 July 2019 11:12 PM

මේවා අහලම දෙන අප්පිරියවෙලා

:       0       2

kamal siriwardana Tuesday, 02 July 2019 11:13 PM

ඒ පාර තවත් සෙල්ලමක් පටන් අරන්. එක සෙල්ලමක් ඉවර වෙලා තවම උණුසුමවත් ගිහින් නැහැ. හිටපු එක්කෙනත් යන්න කිට්ටුව වන්නම් 18ම සෙල්ලම් දැම්මා. මෙයත් ඒ සෙල්ලම් තමයි ඔය පෙන්වන්නේ...

:       0       2

රවින් Wednesday, 03 July 2019 12:02 AM

ආ ! ...... බලයේ සිටින වැඩි දෙනාට තියන එකක් ඕක. හැබැයි ඡන්ද බලය පමණක් හිමි වැඩිදෙනාට තර්ජන එල්ල වියහැකිය කියලා දැනගත්ත වෙලේ මොකද කලේ? අනුකම්පාව කියන එක මිනිසුන්ගේ හිත් වලින් ටිකින් ටික ඇත් වෙනවා කියලා විතරක් කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි.

:       0       1

sadis Wednesday, 03 July 2019 01:14 AM

කරන කලට පව් මීරිය මීසේ!

:       0       1

Saman Wednesday, 03 July 2019 01:31 AM

නාමල් කුමාරගේ නාට්‍යය ඉවරයි... මේ අලුත් එකක්..

:       0       1

Sana Wednesday, 03 July 2019 02:22 AM

අරයගෙ සින්දුව මෙයත් පටන් අරන් ඡන්දෙ ලංවෙනකොට එයත් ඔහොම කිව්වා මතකයි

:       0       1

හේමන්ත Wednesday, 03 July 2019 03:12 AM

කවුද ? නාමල් කුමාරයා ද කිව්වෙ.

:       0       2

jayath Wednesday, 03 July 2019 03:15 AM

අමිල මේක මෙතුමා බලයට ආපු දවසේ ඉඳන් නොවේ, අතීතය මතකනම් බලන්න අර සෞඛ්‍ය ඇමති කාලෙත් විලාප ගැහුවා මීටින් වල බෙහෙත් කොම්පැනි මාව මරන්න එනවා කියලා.

:       0       2

රවින් Wednesday, 03 July 2019 03:23 AM

මෙයා තව තව ඉන්න සියලු ලක් වැසියන්ටම මරණිය තර්ජන තමා හම්බවෙන්නේ.

:       0       1

ඡන්දදායකයා Wednesday, 03 July 2019 03:38 AM

ජීවිතයට වචනෙ මොකක් උනත් ඔබගේ තනතුරට තර්ජනයක් වෙන්න අපි ලෑස්ති වෙලා තමයි ඉන්නේ

:       2       17

ඇත්ත සත්‍යපාල Wednesday, 03 July 2019 03:46 AM

ජිවිත තර්ජන නැති රටක නායකයෙක් ඉන්නවද ? ඒ නිසානේ ආරක්ෂක හමුදා සිය ගණනක්, වෙඩි නොවදින රථ, වෙනම කෝකියෝ එකී නොකී සියල්ලත් විශ්‍රාම ගැනීමෙන් පසුවත් බොහෝ දේවල් ලැබෙන්නේ. මොන මගුලකට නහයෙන් අඩනවද ? හෝඩියේ පන්තියේ ළමයි අඩාගෙන ගිහින් ටීචර් මට අරය ගහනවා කිවා......වගේ ළදරු කතා. බැරිනම් යනවකෝ ගෙදර.

:       2       16

චුටි පුතා Wednesday, 03 July 2019 04:19 AM

ජනාධිපතිවරණේ ඉලක්ක කරන තමුන්ගේ ප්‍රතිරුපේ හදා ගන්න කරන උත්සහයක් බව ඕන පොඩි එකෙකුට තේරෙනවා. නැත්තන් මේ එක පාරට වීරයෙක්ගේ චරිතයක් හදා ගන්න හදන්නේ. මහින්ද යුද්දේ දිනලා නම හදා ගත්තා මෙයා මත්ද්‍රව්‍ය වලට එරෙහි කියල නාඩගම් නටන්න හදනවා. එත් ඒක අවංක චේතනාවකින් කරන බවක් නං පෙන් නැ ගොයියෝ..

:       2       17

C.K.Lankaputhra Wednesday, 03 July 2019 04:47 AM

ජීවිත තර්ජන තියනවා කියලා ඔබ තුමාට මේ සැරෙත් කිව්වෙ නාමල් කුමාරයාමද?

:       5       14

Ratna P Wednesday, 03 July 2019 06:53 AM

ජනාධිපතිතුමනි, අපේ රට ක්‍රම වේදයක් නැතුව ඉබාගාතේ යනබව පොඩි ළමයකුටත් පේනවා. කුඩු කාරයන්ට මරණ දඩුවම නියම කලේ උසාවියෙන්ම නේද? එහෙනම් ඇයි ආයෙත් උසාවියෙන්ම තීරණ කරන්න ඕන මේ මිනිසුන්ව එල්ලනවද නැද්ද කියලා. මෙයට විරුද්ද වන රටවල් වලින් අහන්න මේ කුඩු කාරයෝ ටික ඒ රටවල් වලට බාර ගන්න කැමතිද කියලා.

:       0       8

Chanak los angeles Wednesday, 03 July 2019 07:04 AM

සදාකල්ම ජීවත් වෙන්න බැහැනේ .

:       0       3

thilakasiri Wednesday, 03 July 2019 07:54 AM

අනේ මෙයාව මරන්න නම් කාටවත් ඕනේ නැහැ.

:       0       6

thilakasiri Wednesday, 03 July 2019 08:43 AM

මෙයාව මරන්න කාටවත්ම ඕනෑ නැහැ.

:       0       7

isurandi Wednesday, 03 July 2019 08:53 AM

ඔබනේ රටේ ජනාධිපති. ඔබතුමාට නැති බලය කාටද තියෙන්නේ? අපිට කිව්වයි කියලා ඇති සෙතේ මොකක්ද?

:       0       6

de silva Wednesday, 03 July 2019 08:56 PM

පිස්සුද කුඩු මුදලාලිලාට විරුධව ඔබතුම මොනවද කරලා තිබෙන්නේ ? ඒ එකෙක්වත් එල්ලුවද නැහැනේ ? මොකටද උන් ඉතින් ඔබතුමාව මරන්නේ ? වැරදිලාවත් ඔබතුමාගේ ජීවිතය නැතිවෙලා ඔබතුමාගේ ස්ථානයට අර රණසිංහ ප්‍රේමදාස මහත්මය වගේ ඡන්දෙට කලින් දෙන පොරොන්දුව හොඳින් හෝ නරකින් හෝ මිනිමරලා හරි ඉටු කරන කියපු දෙය කරන ජනාධිපති කෙනෙක් පත්වුනොත් උන් වැටෙන්නේ ලොකු අමාරුවක , එම නිසා ඒ අය ඔබතුම මරන්නේ කුමටද ?

:       0       8

Rohana Thursday, 04 July 2019 11:30 AM

පව්.... අහිංසකයා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පාර්ලිමේන්තුවේ සේවා ලොක්කාගෙන් පැය 5ක ප්‍රකාශයක්
2025 ජනවාරි මස 17 213 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ


ලංකාදීප පාඨකයන්ට විශේෂ දැනුම් දීමයි
2025 ජනවාරි මස 17 1587 0

විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත


වතුකරයේ දරුවන්ට ස්මාර්ට් පන්තිකාමර 60ක්
2025 ජනවාරි මස 17 223 0

වතුකරයේ තෝරාගත් පාසල්වලට ’’ස්මාර්ට් පන්තිකාමර 60’’ ක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා සහ වැවිලි හා ප්‍ර


මහජන සේවා ගුණාත්මක කරන්න කමිටුවක්
2025 ජනවාරි මස 17 127 0

රජයට අයත් වාණිජමය නොවන ආයතන 166 ක් මගින් සිදුකරන මහජන සේවා හා නියාමන කාර්යන් වඩාත් ගුණාත්මකව සිදුකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට න


ඊලෝන්ගේ අලුත්ම රොකට්ටුව පුපුරයි
2025 ජනවාරි මස 17 754 0

ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ නවතම ස්ටාර්ෂිප් රොකට්ටුවේ අත්හදා බැලීම අසාර්ථක වෙමින් අභ්‍යවකාශ ගතකර මිනිත්තු කීපයක් තුළ ප


ජනපති දිවයිනට
2025 ජනවාරි මස 17 486 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ සිදු කළ සිව් දින නිල සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (17) රාත්‍රීයේ පැමිණියේය .


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 326 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site