ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට පනවා ඇති ෆේස්බුක් තහනම සම්බන්ධ ස්ථිර තීරණයක් ගැනීම සඳහා මාස දෙක හමාරක් පමණ ගතවිය හැකි බව ෆේස්බුක් අධීක්ෂණ කමිටුවේ සම සභාපතිවරයකු වන හිටපු ඩෙන්මාර්ක අගමැති හෙලේ තෝර්නිං - ෂ්මිට් මහත්මිය පවසයි.
ඇය වැඩිදුරටත් පවසන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ගිණුම් ස්ථිරවම තහනම් කළ යුතුද යන්න මේ අනුව තීරණය වනු ඇති බවයි.
තම තහනම අවලංගු කරන ලෙස අධීක්ෂණ මණ්ඩලයට ට්‍රම්ප් මහතා විසින් සෘජුවම ආයාචනා කර තිබිණි.
අධීක්ෂණ මණ්ඩලය 20 දෙනකුගෙන් සමන්විත වන අතර එහි සම සභාපතීත්වය දරන්නේ තෝනිං-ෂ්මීට් සහ ගාඩියන් පුවත්පත් හිටපු ප්‍රධාන කතෘ ඇලන් රුස්බ්‍රිජර් විසිනි. අනෙක් සාමාජිකයින් අතර නීති විශාරදයින්, මානව හිමිකම් විශෙෂඥයින් සහ මාධ්‍යවේදීන් සිටිති.
ට්‍රම්ප්ගේ සිද්ධිය සම්බන්දව මණ්ඩලය මේ වනවිට සොයාබලමින් සිටින බව හෙලේ මහත්මිය ඇමරිකාවේ චැනල් ෆෝ ප්‍රවෘත්ති සේවයට පැවසීය. ඇය එහිදී පවසා සිටියේ, ක්‍රියාපටිපාටිය මදක් වේගවත් කිරීමට උත්සාහ කළද මණ්ඩලයේ තීරණය ලැබීමට මාස දෙකහමාරක් ගතවනු ඇති බවයි.
"අප තීරණය කළා මේ සිද්ධිය විභාගයට ගන්නවා කියා, එය ඉතා ඉහල මට්ටමේ නඩුවක්, මේ සම්බන්දව මහජන අදහස් විමසීමට ද ආරාධනා කර තිබෙනවා. දැනටමත් දස දහස් ගනනින් මහජන අදහස් ලැබී තිබෙනවා.
පසුගිය ජනවාරි 06 වන දින ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ මාරාන්තික කෝලාහල හේතුවෙන් ට්‍රම්ප්ගේ ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් අත්හිටුවා තිබේ.
කොලාහලයෙන් පසුව ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ද ඉවත් කළ අතර ඔවුන් දැනටමත් පවසා ඇත්තේ ට්‍රම්ප් එහි වේදිකාවෙන් ස්ථිරවම තහනම් කර ඇති බවයි.
හිටපු නියෝජ්‍ය බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු වන ෆේස්බුක් හි ගෝලීය කටයුතු පිළිබඳ උප සභාපති නික් ක්ලෙග් මහතා පැවසූයේ ට්‍රම්ප් තහනම් කිරීමේ තීරණය "අවශ්‍ය හා නිවැරදි " යැයි තමා විශ්වාස කරන බවයි.
"ඔහු ඇමරිකාවේ ජනාධිපති වූ නිසා එය මතභේදාත්මක තීරණයක් වුවත් එය සංකීර්ණ කාරණයක් නොවේ. අප එම තීරණය ගත් තත්ත්වය හා පවතින ප්‍රතිපත්ති දෙස බලන ඕනෑම සාධාරණ පුද්ගලයෙක් එම තීරණය හා එකඟ වනු ඇතැයි මට විශ්වාසයි." යනුවෙන් ක්ලෙග් පැවසීය.
(ඩේලි මේල් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද ට්‍රම්ප් මහත්තයෝ? මගේ සුමානයක් ලිව්වොත් දවස් 30 ෆේස් බුක් තහනම්... මොකද ඒ අයගේ කොමියුනිටි ස්ටෑන්ඩඩ් උල්ලංඝනය කරනවා කියලා. මෙ සැරේ තහනම් කියන මැසේජ් එක ආවාට තාම තහනම් වුණේ නැහැ. ඒ නිසා මුස්ලිම් කාරයින්ව වෙන නම්වලින් හඳුන්වනවා...