(විනීතා එම් ගමගේ)

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මහජනතාවට සයිනොෆාම් එන්නත් ලබා දීම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අද සිට ආරම්භ විය.

එන්නත ලබා ගැනීම සදහා විශාල පිරිසක් අද රෝහල් පරිශ්‍රයට පැමිණ සිටිනු දැකිය හැකිවිය.

මෙතෙක් එන්නත් ලබා නොගත් වයස 30 ට වැඩි ඕනෑම අයකුට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගොස් සයිනොෆාම් එන්නත ලබාගත හැකි බව ඒම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ් හේවගේ මහතා පවසයි.

එන්නත්කරණ වැඩ පිළිවෙල ආරම්භ කළ අවස්ථාවේ එම රෝහලේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න  සහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ් හේවගේ මහත්වරුන්ගේ මෙහෙයෙහවීමෙන් සිදුවිය.