( තිලකරත්න දිසානායක)
කොරෝනා රෝග තත්ත්වය අධික ලෙස පැතිර යාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයට ජනතාව ඇදී ඒම වලක්වාලීම පිනිස ගම්පහ නගරයේ වෙළඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන හෙට (16) සිට සතියක කාලයක් වසා තැබෙන බව නාගරික එක්සත් වෙළඳ සංගමය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් නගරයේ ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා කළ බවත් බහුතරය වෙළඳසල් වසා දැමීමට කැමැත්ත පළ කොට ඇති බැවින් මෙම තීරණය ගනු ලැබූ බවත් ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමයේ ලේකම් සුමිත් අල්විස් මහතා පැවසීය.
හෙට දිනයේ සිට ලබන 23 වෙනි දින දක්වා සතියක කාලයක් නගරයේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගනු ලබන බව ගම්පහ නගරාධිපතිවරයා, දිසාපතිවරයා , ප්‍රාදේශීය ලේකම්වරිය, කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කිරීමට තමන් සහ නාගරික එක්සත් වෙළඳ සංගමයේ සභාපති සුසාන් කුමරප්පෙරුම විසින් පියවර ගෙන ඇති බව සංගමයේ ලේකම් සුමිත් අල්විස් මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර නාගරික වෙළඳ සංගමයේ අනුශාසක , මින්සර අධිපති ගාමිණී මොරගොඩ මහතා " ලංකාදීප " යට අදහස් දක්වමින් පවසා සිටියේ, දැනට පවතින තත්ත්වය මත දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණෙන බැවින් ගම්පහ නගරයේ වෙළඳසල් ඇතුලු ව්‍යාපාරික ස්ථාන වසා දැමීම වියයුතුම කටයුත්තක් වන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ඉහළින් අගය කරමි.
නිකන්ම රට වැහෙන දවස ළංවෙයි. එතකොට පෙරහැර ගිහින් ඉවරයි. කොහොමහරි යුද්ධයෙන් මැරුණාටත් වඩා ජීවිත අහිමි වෙයිද? හපන්කම දැන් තමයි පේන්නේ හරියට...
යුද්ධයෙන් මැරුණු අයට සමාන පිරිසක් නිලනොලත් දත්ත අනුව දැනටමත් කොරෝනාවලින් මැරිලා...
ගම්පහ පුරවැසියන්ගෙන් වැඩි දෙනෙක් දුර දක්නා අය වෙති.වෙළඳ සංවිධාන යනු බැහැර කිරීම් නොවේ.අනෙකුත් ප්‍රධාන නගර ආදර්ශයට ගැනීමට ඉඩ දෙන්න.
බුද්ධිමත් තීරණයක්... ක්‍රියාත්මක කරන සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි.. ගම්පහ පුරවැසියෙක් විදිහට..