
ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් යන සමාගම් ද්විත්වය එක්ව නිෂ්පාදනය ‘කොවිඩ්-19’ එන්නත ලබාගත් පළමු තැනැත්තා බවට පත්වීමට එක්සත් රාජධානියේ 90 හැවිරිදි මිත්තණියකට අද (8) සමත්වූවාය.
එංගලන්තයේ කොවෙන්ට්‍රි නගරයේ පදිංචිකාරිනියක වන මාග්‍රට් කීනන්ට මෙලෙස මුල්ම කොවිඩ්-19 එන්නත ලබාදුන් අතර ඇයගේ 91 වැනි උපන්දිනය ලබන සතියට යෙදී තිබේ.
එක්සත් රාජධානිය එරට ජාතික සෞඛ්‍ය සේවය හා එක්ව එරට විශාලතම සහ ඓතිහාසික එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අතර එරට වේලාවෙන් අද (8) උදෑසන 8ට මුල්ම එන්නත ලබාදෙන ලදි.
ද ගාඩියන්
055


2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1044
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොවිඩ්-19 එන්නත 90 හැවිරිදි මිත්තණියකට
siri Tuesday, 08 December 2020 01:24 PM
මේ වැඩේට එංගලන්තයේ සෞඛ්‍ය ඇමතිවරයා සහභාගිවෙලා උම්මා එකක් වත් දුන්නේ නෑනේ. හරි සවුත්තුයි එංගලන්තයේ වැඩ....
විජිත් Tuesday, 08 December 2020 01:41 PM
මාග්‍රට් කින් මහත්මියටත් , ශේක්ස්පියර් මහත්මයාටත්, මේ දෙදෙනාට එන්නත් ලබාදුන් හෙදිය මේ පර්සන්ස් මහත්මියටත් මුළු ලෝකයේම ප්‍රණාමය ලැබේවි. මුළු ලෝකයේම මිනිස් වර්ගයා වෙනුවෙන් ඔබත්, එන්නත් නිෂ්පාදනයට දායකවූ ලක්ෂ සංඛ්‍යාත විද්‍යාඥයන්ටත්, වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලුම දෙනාටත් , මේ වයිරස් රෝගයට එරෙහිව නිෂ්පාදනය කල නොයෙකුත් එන්නත් වල පරීක්ෂණ වෙනුවෙන් ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත්වූ ලක්ෂයකට ආසන්න සියලුම " පෘතුවි වර්ගයාටත් " මිනිස්වර්ගයා වෙනුවෙන් මගේ ප්‍රණාමය පුද කරමි. ජීවමාන වීරයින් කියන්නේ ඔබ වැනි මානව හිතවාදී මිනිස් පුතුන්ටයි. මිනිස්දුවරුන්ටයි. ඔබ සැමට අප සැමදා ණයගැතියි...!!!
Demuni Uduwara Tuesday, 08 December 2020 02:52 PM
ලෝකයක් වෙනස් කරන්නට පළමු අදියර...
Prabha Tuesday, 08 December 2020 02:54 PM
අපිනම් කිරිබත් උයලා, උත්සවයක් තියලා සිහිවටන ඵලකයකුත් හදලා තමයි වැඩේට බහින්නේ. ෂික්..!!! මේ රටවල ඒ මුකුත් නෑනේ..
Demuni Uduwara Tuesday, 08 December 2020 03:07 PM
අතුරු ආබාධ නැතිව ඉක්මන් සුවය ඇයට ප්‍රාර්ථනා කරමු.