
(කවිතා සුබසිංහ)
මහර බන්ධනාගාර රැඳවියකුට කලිසම් වාටියක සුක්ෂම ලෙස සඟවමින් මත්කුඩු පැකට් 2 රැගෙන ආ කාන්තාවක් අද (18) අත්අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා ඇල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එක්දරු මවක් බව බන්ධනාගාරය පවසයි.
වත්තල මහේස්ත්‍රාත් අධිකරණය මගින් හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කරන ලද ඡාඇල ප්‍රදේශයේ 20 හැවිරිදි රැඳවියකුට ඔහුගේ බිරිඳ යැයි පැවසෙන කාන්තාවක් මෙලෙස ඉතා සුක්ෂම අයුරින් මත්ද්‍රව්‍ය ලබාදිමට උත්සාහ කර ඇතැයි බන්ධනාගාරය සඳහන් කරයි.
ඇය ද මීට පෙර සොරකම් නඩුවක් සදහා බන්ධනාගාරගතව සිට මීට මාස 06 ට පමණ නිදහස ලැබූ කාන්තාවක් බවට තොරතුරු ලැබී ඇතැයි ද මහර බන්ධනාගාර පවසයි.
සැකකාර බිරිය මත්කුඩු නිල් පැහැති පොලිතින් කොලයක පැකට් දෙකකට ඔතා වෙන් කර රැඳවියාට ලබා දීමට රැගෙන ආ සුදු පැහැති කොට කලිසමක වාටියේ හෙරොයින් සගවා තිබු බව ද මහර බන්ධනාගාරය පවසයි.
මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ සෘජු අධික්ෂණය මත පසුගිය 15 වැනිදා සිට රැදවියන් සදහා අමුත්තන් පෙන්විමේ කටයුතු නැවත ආරම්භ විමත් සමග එම රාජකාරි සදහා ප්‍රධාන ජේලර් සුභාෂ් උපුල්දෙණිය මහතාගේ නිරික්ෂණය යටතේ තෝරාගත් නිළධාරින් පිරිසක් පමණක් යෙදවීමට මහර බන්ධනාගාරය කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 04
209
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කලිසම් වාටියේ සඟවා හිරගෙදරට මත්කුඩු ගෙන ආ කතක් අල්ලයි