(මහින්ද නිශ්ශංක)
තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු වනතුරු ලබන 28 වැනිදා සිට සෑම සිකුරාදාවකම පැය 24ක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.
එහි මුල් පියවර ලෙස ලබන බ්‍රහස්පතින්දා (27) රාත්‍රී 12 සිට සිකුරාදා (28) රාත්‍රී 12 වනතුරු දුම්රිය වර්ජනය පැවැත්වෙන බව ද ඔහු කීවේය.
මෙම වැඩ වර්ජනය සඳහා දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් සහභාගී වන බව ද ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම වර්ජනය කරලා ගෙදර ඉන්න...
අපිට නම් මෙහෙ සතියේ වැඩ නොකරන නිවාඩුව ලැබෙන්නේ සිකුරාදාට. ලංකාවේත් එහෙම කරන්න, දිගටම කරගෙන යන්න කියන්න.. ඔලුව ලොකු මිනිස්සු..
කවටයෝ රජ වුනහම මේ වගේ රටේ මහජන මුදල් කොල්ලකන සංගම් වලට රජ මගුල්. මේ වගේ කණ්ඩායම් රැකියවෙන් එලවලා එල්ලා තරුණ පිරිස් අනුයුක්ත කරන්න ඔන ඔය රැකියාවලට.
ඕනෑවට වඩා මහජනතාව පීඩනයට පත්කරල කේවල්කරල උපයන මුදල් මේ වර්ජකයන්ට යාදෙන්නෙ නැහැ. මොවුන්ගෙ දරුවන්ට ඔය සල්ලිවලින් කන්න දෙන්න එපා කියල අපි කියනව. අමිල කියපු කතාවත් ඇත්ත.
මොකද අහිංසක මිනිස්සුන්ගෙන් පලිගන්නේ කෙලින්ම ගිහින් අදාළ අයට කතා කරන්න.....
ඔක්කොම රේල්වේ බලනවා ගෙදර යවලා සර්විස් එකේ කෝස් කරන්න....
ජනාධිපතිතුමා පත්වුනු විට කිව්වේ තමන් එදා බණ්ඩා කලාක් මෙන් බැඳ ඇති බල්ලන් සියල්ල ලිහා දමන වගකි. නමුත් එතුමාට නොතේරුණු දේ නම් ලිහා දැමු බල්ලන් එදා බන්ඩාවත්, අද සිරිසේනවත් සපා නොකෑ අතර, උන් සැමවිටම සපා කෑවේ රටේ සාමාන්‍ය මිනිසුන් බවයි. මෙවැනි සාමාන්‍ය මිනිසුන්ගේ දුක් අපහසුතා නොහදුනන මිනිසුන් රටේ නායකත්වයට පත්වීම රටේ අභාග්‍යයකි.
අපේ රටේ ප්‍රශ්න වලට "බුද්ධිමත්ව" මුහුණ දිය හැකි ආණ්ඩුවක් තිබෙන නිසා ලබන සතියේ ඉඳලා සිකුරාදා සහ සෙනසුරාදා රජයේ නිවාඩු-සතියේ දින ලෙස ඉරිදා සිට බ්‍රහස්පතින්දා ලෙස වෙනස් කරනවා සිකුරුයි!
හැමෝම දන්නේ අහිංසක ජනතාව තලා පෙලා දාන්න විතරයි. ඉල්ලීම් දිනාගන්න අවශ්‍ය නම් ජනතාවට ප්‍රවේශ පත්‍ර අලෙවි නොකර නොමිලේ ප්‍රවාහනයේ යෙදෙන්න. රජයට පාඩුව දැනුනම ඉල්ලීම්වලට කන් දේවි (ජපානය වැනි දියුණු රටවල එහෙමයි.) කරුණාකර තක්කඩි දේශපාලකයින්ගේ කොන්ත්‍රාත් ඉටු නොකර මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි බව තේරුම් ගෙන ක්‍රියා කරන්න. ඔබගේ වැටුප් ගෙවන්නෙත් අහිංසක මේ රටේ ජනතාව බව තේරුම් ගන්න...
මුන්ට කොච්චර දුන්නත් මදි.. රටකට විපතක් වුන වේලාවක ආපු විදේශික සංචාරකයන් ටිකකටත් අපහසුතාවයට පත්කරලා විනාශය දකින්න තිරිසන් මිනිස්සු මිස රාජ්‍ය සේවකයන් නොවේ..
හැම සිකුරාදාම ගෙදර ඉන්න වෙන විදියට මේ පිස්සෝ ටික එළවලා රැකියාවක් හරියට කරන්න ලැස්ති මිනිස්සු ටිකක් බඳවා ගන්න. හැම සිකුරාදාම නිකන් ඉන්න තමන් පදවන්නේ පුද්ගලික ජෙට් එකක් කියලාද හිතන්නේ...!
රටේ පාලකයින්ට ඔය දුම්රිය දිව්වත්, නොදිව්වත් ප්‍රශ්නයක් නැත. ඔවුන්ට ගමන් කිරීමට ප්‍රාඩෝ වැනි වාහන ලැබී ඇත. නොමිලේම පැට්රල්, ඩීසල් ලැබේ. රටේ ආර්ථිකය පහළ බැහැලා ඇති නිසා දැන් මිනිස්සු වැඩිපුර ගමන් බිමන් යන්නේ නැත. ඕකෙන් අමාරුවේ වැටෙන්නේ එදිනෙදා රැකියාවට යන මධ්‍යම පන්තියේ සාමාන්‍ය ජනතාවයි.
මේක පාඩු වැඩක්.. තේරුමක් නැති දෙයක්... කරුණාකර ඒ ගැන හිතන්න..
පල්ලි යන්නද සිකුරාදා වර්ජනය කරන්නේ? මුන් සහරාන්ටත් වඩා අන්තයිනේ...
ඕක සිකුරාදාම තියෙන්නේ, ඔබලාට සිකුරාදාට පල්ලි යන්න ඕනේ නිසාද?
මෙයාලගේ ඉල්ලීම් දෙන්න පෙර දැනට එයාල ගන්න පඩි හා අනෙකුත් සියලු වරප්‍රසාද රටේ ජනතාවට දැනගැනීමට සලස්වා ඉල්ලීම් අසාධාරණ නම් ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංගනය හැරීමට විරුද්දව මොවුන්ට නඩු පවරා නඩුව අසා නිමවන තුරු සේවය අත්හිටුවා ඒ සදහා හමුදා භටයින් පුහුණුකර හෝ වෙන ක්‍රමයකින් ජනතාවට සේවය ලබාදීම රජයේ වගකීමකි. මජනතාවට අවහිර වන ලෙස හිතළු පරිදි උපවාස හා වැඩවර්ජන කරන්නන්ට විරුද්ධව සුදුසු පරිදි නඩු පවරා නීතිප්‍රකාර කටයුතු කරන්න
හමුදා බටයන්ට දුම්රිය පැදවීම වැනි දේවල් වලට පුහුණුවක් දෙන්න කියලා මම අවරුදු 4-5 ඉඳන් මෙම ලංකාදීප පාඨක තීරුවේ ලියනවා , කතෘ තුමත් මම ලියන දේවල් පල කරනව , හිටපු එකම ප්‍රවාහන ඇමතියෙක්වත් මේවා කනකට ගන්නේ නැහැ , එහෙම කරලා මේවගේ ඉල්ලීම් ඉල්ලන රොත්ත පිටින්ම එලියට දමලා, දුම්රිය හමුදා බටයන් සහ විශ්‍රාමික රියදුරෝ බැරිනම් ඉන්දියාවෙන් චීනෙන් හරි රියදුරෝ ගෙනත් හමුදා ආරක්ෂාව යටතේ ධාවනය කරලා මොවුන්ව ගෙදර යැවුවනම් මේ ප්‍රශ්නේ සදහටම ඉවර වෙනවා, රට වැටිලා තිබෙන අගාධය ගැන මොවුන්ට කිසිම ගානක් නැහැනේ. මොවුන් ත්රස්තවාදීන්ට අන්තය