
(අජන්ත කුමාර අගලකඩ )
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රා ව දී ඇති අයට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ දහයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය පවා ලැබී ඇතත් එම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ගෙන්වන්නේ කුමන රටෙන් ද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි .
එම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමෙි සූදානමක් බව එම ආරංචිමාර්ග වලින් පැවසේ .
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා ගත් තවත් ලක්ෂ හයකට පමණ එහි දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතව ඇත .
එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් එක්කෝටි හතලිස් ලක්ෂයක් සහ සෙනිකා එන්නත් ලක්ෂ දහයක් ආනයනය කිරීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබුණු අතර ඊට ඇමරිකානු ඩොලර් කෝටි 22ක මුදලක් වෙන්කිරීමට ද තීරණය විය.
COMMENTS
ඔය සුළු වැඩේ කරගන්න බැහැ . ඒ උනාට කතාව නං අපිට කරන්න බැරි දෙයක් නැහැයි කියල .
ගොනා හැරෙනකොට අපි දන්නවා මොකද කියලා
දැන් ගානට වැඩ ටික වෙයිද?
ඇත්තටම මේ නිසා අපට වෙන එන්නතක් ගන්න විදිහකුත් නැහැ... ආණ්ඩුවෙන් එය ගෙන්වලා වෙලාවට දෙන්නෙත් නැහැ. අස්ට්‍රසේනිකා එක ගත්තු අපි ඇත්තටම අද අපහසුතාවයට පත් වෙලා. ඇත්තම තත්ත්වය ආණ්ඩුවට චීනය, රුසියාව හැර කිසිඳු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවක් හෝ පිළිගැනීමක් නැතිකමයි. ඒ වගේම එන්නත්කරණය, දේශපාලනීකරණය සහ නිලධාරිකරණය වෙලා නිසා කිසිම රටක් අපට උදවු කරන්න ඉදිරිපත් වෙලා නැහැ.
මම දන්නේ නැහැ ආණ්ඩුව බ්‍රිතාන්‍යයෙන් රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් කළාද කියලා. බ්‍රිතාන්‍යය 40ට අඩු වයස් කාණ්ඩවලට තමයි දැන් එන්නත් කරන්නේ... සහ ඒ අයට ලබා දෙන්නේ අස්ට්‍රසේනිකා නොවන වෙනත් එන්නතක් (pfizer හෝ moderna). එමනිසා බ්‍රිතාන්‍යයේ මේ වෙනකොට අැස්ට්‍රාසේනිකා අතිරික්තයක් තිබිය යුතුයි. අපට අවශ්‍ය ප්‍රමාණය එහි දිනකට එන්නත් කරන ප්‍රමාණයටත් අඩුයි. මම හිතන්නේ ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් කළා නම් එය අහක දමන එකක් නැහැ. කණගාටුවට කාරණය බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරිය පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් අතර සුහද ක්‍රිකට් තරඟයක් කිරිමට බ්‍රිතාන්‍ය සමග සාකච්ඡා කළා කියලා පුවතක් දැකීමට සිදුවිමයි.
කිසිදිනක ඉන්දියාව විශ්වාස කරන්න එපා කියලා කියන්නේ ඔන්න ඕකයි. ඉතිහාසය පුරා අපේ විශ්වාසය කැඩුවා...
කරන කිසිම දෙයක් කිසි කලමනාකරණයක් නැහැ.
කෙළින්ම එංගලන්තයේ ඇස්ට්‍රාෙසනිකා මව් සමාගමෙන් ඇණවුම් කරන්න..
මමත් පළවෙනි එක විද්දා. දැන් සති 15ක් විතර ඇති. ඕකේ දෙවෙනි එක විදලා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය හම්බ වෙයිද? කල් ගිහින් වැඩි නැත්ද? වෙන බෙහෙතක් විදින එක ගැන හිතලා පරික්ෂා කරලා බැලුවොත් නරකද?
දැන් වෙනකොට ගජ මිතුරු චීනය සහ රුසියාව සමග බිස්නස් ඩීල් එක දාගෙන හමාරයි. ඒ කියන්නේ අරමුණ ඉටු කරගෙන හමාරයි. ඉන්දියාව අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ ඒ පැත්තෙන් කරදරයකුත් නැති නිසා හත්වලාමේ වෙච්චි දේට මක්කරන්නද කියලා ඇස්ට්‍රාව අමතක කර දාලා ඉන්නවා. පළමුවෙනි එන්නත ගත්ත අපි වගේ අයට ඒ නමින් තියෙන මාගරින් ටිකක්වත් කන්නයි වෙන්නේ...
අඩුම තරමේ රජයට මේ වැඩෙ කරන්න බැරිනම් එන්නත් මුදලට හරි මිනිස්සුනට ගහ ගන්න වැඩ පිලිවෙලක් කල යුතුයි, අඩුම හැකියාව තියෙන පුලු පුලුවන් අය ගහගන්නකොට එකේ අතිරික්තය අපේ දුප්පත් මිනිස්සුනට හරි දෙන්න පුලුුවන් නේද, රටෙ හැදදේම මුදලට විකිනෙන නිසා මෙකේ එක් මාතාවක් රැපියල් 3000 වගේ වෙන්නේ එතකොට කොහොහරි මිනිස්සු කරගනි, මොකද මෙක රජය කෑපවීමෙන් කරන වැඩක් නොවෙයි...මිනිස්සු අමාරැවෙ වැටෙනවා විතරයි වෙන්නේ
ඇස්ට්‍රසෙනෙකා නිපදවන්නේ ඉන්දියාවේ සේරම් ආයතනයේ මිස එංගලන්ත යේ නොවන බව මෙහි සිටින බුද්ධිමතුන් දැන ගත යුතුයි. එංගලන්ත විශ්ව විද්‍යාලයක් මෙහි පරීක්‍ෂණ කටයූතු කල නිසා එහි කොටසක් නමට ලැබී තිබෙනවා....
රජයට කරනන තිබුනේ පළමු එන්නත දෙන වෙලාවෙම දෙවනි එන්නතත් වෙන් කර තැබීම
සරලව කෙටි පැහැදිලි කිරීමක්... ඇස්ට්‍රාසෙනිකා පළවෙනි තොග ලංකාවට එනවිට ඉන්දියාව අප සමග ගිවිසුම් ගතව සිටියේ නොකඩවා අපට එන්නත ලබාදෙන්න. ඒ අනුව ආණ්ඩුව ලැබුණු තොගවලින් ලක්ෂ 6 මාරක් එන්නත් කළා. නමුත් ඒ සමග ඉන්දියාවේ හටගත් රැල්ල හේතුවෙන් ඉන්දියාව සියලුම ඕඩර් නැවැත්තුවා. ආණ්ඩුව ඒ අවස්තාවේ ඉතිරි එන්නත් ටික ආරක්ෂා කරගෙන වෙන විකල්ප සෙව්ව එකේ ප්‍රතිඵල තමයි. චීන හා රුසියන් එන්නත්... ආණ්ඩුවට තිබ්බා අවශ්‍ය නම් එන්නත් තොගය දෙකට බෙදා 1-2 වශයෙන් වෙන් කරන්න. නමුත් එහෙම සති 12-16ක් රඳවා ගන්නවට වඩා ඒවත් එන්නත් කරණය කරන්නයි.. ආණ්ඩුව උත්සාහ කලේ. මොකද ඒ වෙනකොට අපට ඉන්දියාව සහතික වෙලා තිබ්බේ තවත් එන්නත් මිලිනයක් දෙවන එන්නත් සඳහා. දැන් වුණු දේ වුණා. හැබැයි මට හොඳට විශ්වාසයි ආණ්ඩුව කොහෙන් හෝ ඔය එන්නත් තොගය ගෙන්වනවා... අමතක කරන්න එපා ලෝකේ මේ වනවිත එන්නත් කළ මුලු ප්‍රමාණයෙන් තුනෙන් එකක් ලබාගෙන තියෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය... ඉතිරි තුනෙන් දෙකෙන් වැඩිකොටසක් චීනය හා ඉන්දියාව.... ලෝක ජනගහනයෙන් 40%ක් ඉන්නේ මේ රටවල් දෙකේ. ඒකනිසා අපි හරි ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත යුතුයි. ඉතාලියේ අද වෙනකොට සෑම පුරවැසියන් 5න් එකකටම එන්නත දී අවසන්. මාද ඇතුලු...