
(යොහාන් භාසුර)
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් තමා ඉවත් කිරීමට පැහැදිලි හේතුවක් තවමත් නොදන්නා බවත් ආහාර හිඟයක් ඇති වෙන්නේ යයි තමන් කළ ප්‍රකාශයේ වෙනසක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා ඊයේ (23) පවසයි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරය අතහැර නාදුණන වෙනත් අයෙකුට භාරදුන් බවත් එම සිද්ධියට හේතුව තමන්ට ද මේ දක්වා පැහැදිලි නොමැති බවත් මාහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා කීය.
වංචාවක්, දූෂණයක් හෝ අල්ලසක් වැනි හේතුවක් හෝ එකී මෙකී නොකී වෙනත් හේතුවක් තිබේ නම් කවුරුන් හෝ දැනගත යුතු නිසා එවැනි හේතුවක් නොමැති බවට විශ්වාස කරන බව ද මහාචාර්යවරයා කීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධුරයට වෙනත් කෙනෙකු පත්කළේ යැයි පමණක් තමන් දන්නා බවත් ලේකම් ධුරයෙන් ඉවත් කළ බව ලිඛිතව දැනුම් දී නොතිබුණ ද නව ලේකම්වරයා පත් කළ ලිපිය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා තමන්ට යොමුකළ තිබූ බවත් පැවසීය.
ලේකම් ධූරයෙන් ඉවත් කර ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලය සහකාර අධ්‍යක්ෂකවරියක් දුරකථනයෙන් දැනුම් දුන් බව කී ජයසිංහ මහතා ආහාර හිඟයක් ඇති වන බවට ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් නොවන බවත් වර්තමානයේ වගාබිම් දෙස බැලීමේදී අනිවාර්යෙන්ම ආහාර හිඟයක් ඇතිවන බව කිව හැකි බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් නොමැති සහ එවැනි දෙයක් සිදු වුව ද එය සැඟවිය යුතු බවට අදහසක් තිබෙන පුද්ගලයෙකුට එම ප්‍රකාශය ආන්දෝලනාත්මක විය හැකි බවත් මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.
මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත ප්‍රකාශ කල ඔබට ස්තුතියි.ආහාර හිඟයේ තරම ළඟදීම දැක ගන්න ලැබෙයි
නිලදාරීන් පත් කිරිම,හිටි හැටියේ මාරු කිරිම,ගැසට් ගැසීම,ගැසට් රිවස් කිරිම,කමිටු පත් කිරිම, ඒ දේවල් කලහම ඇති වී තිබෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුලුවන් කියලා හිතන ආන්ඩුවක් මේක.දැන් ඔය පුටුවට කී දෙනෙක් ආව.ගියා ද.ඒ උනාට ඇමති එතන.කාබනිකත් නෑ රසායනික ත් නෑ.අන්තිමට රට්ටුටුන් කන්නත් නෑ.සල්ලිත් නෑ.හරිම සනීපයක් දැනෙනවා.
ලෙඩදෙන කෝච්චි එන්ජිම මාරු නොකර පෙට්ටි මාරු කළා වගේ වැඩක්....
රටේ සැබෑ උගතුන් යටපත් කර මී හරක් මතුවන තත්වයක්...
ඇඟදිහා බලනකොට නම් ඒ වගේ පේන්න නැහැ. මේ කවුරු ගැනද කියන්නේ?
මහාචාර්යතුමෝ, ඔබතුමා කියන්නේ 2022 වනවිට ආහාර හිඟයක් ඇතිවෙනවා කියලා... ඒක කියන්න ගොවිතැන දන්නා ඕනෑම කෙනෙකුට පුළුවන් ඒක ඇත්ත... ඔබතුමා මතක තියගන්න 2023දී ආහාර හිඟයට අමතරව රෝග බියකුත් ඇතිවෙන්න පුළුවන්...
හලෝ සිංහල කියමනක් තිබෙනවා අඟේ ඉඳන් කන කනවා කියලා. ඔහේ කරලා තිබෙන්නේ එහෙම වැඩක්. ඔහේගේ ගෙදර අඩුපාඩුවක් ඔහේගේ බිරිඳ ළිඳ ළඟ සංගමයේදී කිව්වොත් කොහොම හිටීද? තනතුරකට පත්වුණාට වැඩක් නැහැ... එහි වගකීම දරන්න බැරිනම්. ඔහොම බේරිලා ගෙදර ගියා ඇති...
මේකේ නම මොකද්ද කියලා දන්නේ නෑ. ලංකාවෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කළේ මැලේසියන් ගස්ලබු, මැලේසියල් ඉරිඟු රටට ගෙනැල්ලා අපේ දේ නැති කරලා දාපු එක. කෘෂිකර්ම උපාධි තියෙන කෙනාට වඩා හොඳයි අපේ පොළව, පරිසරය ගැන දන්න පාරම්පරික ගොවියා...
මේ විදියට බැලුවාම මේ ආණ්ඩුවේ පිස්සු මිනිස්සුත් එක්ක හරියට වැඩ කරන්න මොකාටවත් බැහැ. අපරාදේ ඔබ මේ ගොන්නුන්ගේ වැඩ කරන්න ඇවිත් අපහසුවට පත්වුණා. මට මතකයි ඒ කාලේ ඔබ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කොට දක්ෂයින් අතර අති දක්ෂයකු ලෙස ආචාර්ය වරු පවා කතාවුණා. ඊළඟට ඔබ ආචාර්යවරුන්ටත් කලින්ම මහාචාර්යවරයෙකු වුණා. මේ දේශපාලන යක්කු ඕවා කොහේ දන්නවාද?
අස්වැන්න අඩුවෙන එකයි, ආහාර හිඟවෙන එකයි එකක් නෙවෙයි දෙකක්. ඔබතුමාට ගෙදර යන්න වුනේ ඔය පටලවා ගැනීම නිසයි..
වියත් මගෙන් ආවා නම් අනිත් අය වගේ එහෙමයි සර් කියාගෙන ඉන්නේ නැතුව පණ්ඩිතකම් කරන්න ගියාම ඕක තමයි වෙන්නේ...
විධායක බලයේ තරම, මොනතරම් උගතෙක් වුවත් එය අදාල නැත. තම හිතලු හෝ දවල් හීන සැබෑ කරගැනීමේ විපාකවලට ජාතියක් සේ අසරණව මුහුණ දිය යුතුව ඇත...
ආණ්ඩුවට ඕනේ එහෙයියෝ මිස දැනුමක්, තේරුමක් තියන අය නොවේ. මේ අපි අත්විඳින්නේ ඒ වගේ එහෙයියන් ගත් තීන්දුවල ප්‍රතිඵල තමයි.
අතළඟ නෙවෙයි, අපි දැන් ඉන්නේ ආහාර හිඟයක...
මෙහෙම අනාවැකි කියන්නට නම් කෘෂිකර්මයේ ලේකම් වෙලා ඔයා බම්බු ගැහැව්වද?
මෝඩයින්ට මුන්දැ කියපු දේ තේරුම් ගන්න බැරිවුණා. මුන්දැ මෙහෙම කිව්වාම කුඩා හෝ ඉඩක් තිබුණු කෙනෙක් අඩුම තරමින් මිරිස් පැලයක්වත් සිටුවනවා. එය අනාගතයේ ආහාර හිඟයට පිළියමක් වෙනවා.
රක්ෂණ නියෝජිත මහින්දානන්දට වැඩිය මහාචාර්ය කෙනෙකුට තේරෙනවා කියලා පිළිගන්නවත් බැරි තරමට අපේ සමහර අය කඩේ යනවා. ඇත්තටම ලංකාවේ මෙන්න මේ වගේ දේශපාලකයෝ වන්දනා කරන අය කන්න නැතුව ඉන්නම තමයි ඕනේ..
නිකන් බොරු කියන්න එපා මහත්තයෝ .කිසිම හිඟයක් නැහැ
සර්ට කඩේ යන වහල්ලු ඉන්නකම් රටට අබසරණයි.