(නාලක සංජීව දහනායක)
සියලුම දෙනාට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්විය හැකි ආරක්‍ෂිත සංවර්ධිත රටක් ගොඩනැගීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ක්‍රියාකරනු ඇති බවත් ඒ සඳහා සියලුම දෙනා එකමුතුව සහයෝගය ලබා දිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාකය බැසිල් රාජපක්‍ෂ මහතා අද (17) පැවැසීය.
විවිධාකාරයෙන් අපහාස හා උපහාස විදදරාගෙන ජනතාවගේත් රටේත් යහපත සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුම දෙනාට හෘදයාංගම ස්තූතිය පළකරන බවද ඔහු කීය.
බත්තරමුල්ල,නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (17) මාධ්‍ය අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී රාජපක්‍ෂ මහතා මෙසේද කීය.
“බලාපොරොත්තු වූ ආකාරයටම අපි මේ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබුවා. ඒ ලැබූ ජයග්‍රහණය සතුටින්, සාමයෙන් භුක්ති විඳින ලෙසට මම සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පහුගිය කාලයේදී මේ රට ඉතාම අඳුරු යුගයකට ගෙනගියා. එවන් රටක් නැවත ගොඩනැගීම එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට කරන්න බැහැ. රට නැවත ගොඩගන්න අපි සියලුම දෙනා එකාවන්ව වැඩ කළ යුතුයි” යැයිද ඔහු කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘ආරක්ෂිත රටක් ගොඩනගන්න ගෝඨාභය කටයුතු කරාවි’
dammika Sunday, 17 November 2019 09:37 AM
පහුගිය ආණ්ඩුව යටතේ අපි ජීවත් උනේ ගොඩක් අමාරුවෙන්. බඩු මිල අපිට දරාගන්න හොදටම අමාරු උනා. අපි ඔබතුමාව දිනෙව්වේ ගොඩක් මහන්සි වෙලා මැතිදුනි. අහිංසක දුප්පත් අපිට බඩු මිල ඉක්මනින් අඩු කරලා සහනයක් දෙන්න.
Mf Sunday, 17 November 2019 09:41 AM
ඔව් ඉතින්. කවුරු බලයට ආවත් මැජික් කරලා ආර්ථිකය ගොඩ දාන්න බෑ. ණය ගෙවන්න ලෝකේ වටේ ගිහිල්ලා, ආයෙත් ණය වෙලා බැරිවුනොත් ආයෙත් අවුරුදු 2 කට කලින් ඡන්දේ තියන්න. බලමු කොහොමද වැඩ.
පිටිගල මිලානෝ Sunday, 17 November 2019 09:45 AM
ගෝඨාභය මහත්තයාට කරගන්න දීලා ඕගොල්ලෝ වෙන අතක් බලාගන්න. නැත්නම් එයාටත් තව අවුරුදු පහකින් මේ සෙතේම තමයි. ගෝඨාභය මහතා හොරුන්ව එළවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
Dilan Sunday, 17 November 2019 09:47 AM
අනේ ඔබතුමයි, නාමල් බේබියි පැත්තකට වෙලා ඉන්නවද මේ පාරත් විනාශ කරන්නෙ නැතිව.
RaveendraSunday, 17 November 2019 10:04 AM
Dilan මයා වෙත, මේ සෑම දෙනෙකුම මහජන සේවය සඳහා පැමිණි අය බැවින් සහ මහජන මුදලින් තුන්වේල ගිල දමමින් සියලු සැපසම්පත් විඳින්නෝය. එබැවින් මෙම මහජන සේවකයින්ට ඔබතුමා, අරතුමා, මේතුමා, තුමිය ලෙස ආමන්ත්‍රණය කිරීමෙන් වළකින ලෙස කාරුණිකව සඳහන් කරන්නෙමු. කිසිවකු ගරු සේවයක්ද නොකරන බැවින් ගරු යන වැදගත් වචනයද කිසිදු මන්ත්‍රී, ඇමති, අගමැති ජනාධිපති කෙනෙකුට සුදුසු නැතිබව දැන්වීමට කැමැත්තෙමු. නව පත්විම්ලත් ගෝඨාටද එය වලංගුයි. අනවශ්‍ය ගරුනම්බු නාම බලෙන් ලබාගැනීමෙහි වැදගත්කමක් නැති බවත් ඒවා මිනිසුන් අතරින්ම කෙනෙකුට ලැබෙන්නේ නම් එය වඩාත් වැදගත් වන්නේය. අපගේ මෙම අදහස් ගෝඨාට කියවීමට හෝ දැකීමට හැකිවේවා..!!!
senaka Sunday, 17 November 2019 09:50 AM
මිනිස්සු ගිය අවරුදු පහේ කෑවා නෙමේ ලෙව කෑවා. අනාගත ජනපතිතුමනි, ඉතා ඉක්මනින් බඩු මිල අඩුකර දෙන්න. අපිට 50% කවත් අඩුවීමක් ඕනේ. යුද්දේ නැවතිලා ඉතුරු වෙන මුදල් වල වාසිය ජනතාව අතට යන්න එජාප ආණ්ඩුව ඉඩ දුන්නේ නැහැ.
sirimal Sunday, 17 November 2019 09:59 AM
මේ මහත්තයාට ඇමතිකමක් එහෙම ගන්න හිතුනොත් නීති රීති අලුත් වැඩියා කර ගන්න වෙයි නේද? මල්ලිට ලැබුන විශිෂ්ඨ ජය නිසා නඩු හබ එහෙම එහෙ මෙහෙ කරගන්න අමාරු වෙන එකක් නැහැ. මොකද දැන් මොන නඩුකාරයාද එයාට විරුද්ධව තීන්දුවක් දෙන්නේ නේද මෙයා ?
Chandi Sunday, 17 November 2019 11:02 AM
අනේ අනේ ශ්‍රීමාල්. ඔයාගේ කමෙන්ට් දැකලා හිනාත් යනවා. කමක් නැහැ. හිතේ අමාරුත් ඇතිනේ.
සුසිල් Sunday, 17 November 2019 10:04 AM
ඉස්සරහට තව අයිතිකාරයන් නැති ගෙවල් හැදේවිද?
piyal Sunday, 17 November 2019 10:12 AM
බඩු මිල දිහා බලලා සුසුම් හෙලපු යුගය අවසානයි. මැතිදුනි, දුප්පත් අපිට ලොකු බඩු මිල අඩුකිරීමක් ඕනේ..
Buddika Sunday, 17 November 2019 10:32 AM
ඔබ සහ පවුලේ අය පැත්තකට වෙලා හිටියොත් ගෝඨාභයට රට කරන්න පුලුවන්. මොකද ඔහෙලා කරන හැමදේකම අවසානේ තියෙන්නේ මූල්‍යමය ප්‍රශ්න.
රවින් Sunday, 17 November 2019 11:34 AM
ඉක්මනින්ම ළංකරගන්න ඕනේ චරිතයක්. පළමුවෙනි පාර්ලිමෙන්තුවෙන්ම අනුමත කරගන්න 10% කොමිස් ගැනීම නිත්‍යානුකුලයි කියලා.
Anoma Sunday, 17 November 2019 12:44 PM
දැන් ඔන්න කට්ටියම 10%ක් වෙනම ලෑස්ති කරලා තියාගන්න වැඩක් කරගන්න ඕනේ නම්...