අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි දෙවන පරීක්ෂණ කණ්ඩායම අද (18) නම් කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එම්.නානායක්කාර මහතා , රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.එම්.එම්.එම්.බස්නායක මහත්මිය සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී.ඩී.ඒ.ස්වර්ණලතා මහත්මිය මෙම දෙවැනි පරීක්ෂණ කමිටුවට පත් කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
පත් කළ මෙම දෙවැනි පරීක්ෂණ කණ්ඩායම හෙට (19) සිට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් එම කටයුතු ආරම්භ කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
එම පරීක්ෂණ වාර්තාව ලබව 25 වැනිදාට පෙර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට ලබා දීමටද නියමිතය.
මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි පත් කළ පළමු පරීක්ෂණ කමිටුව මේ වන විටත් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන අතර එහි වාර්තාව ලබන සදුදා (21) ලබාදීමට නියමිතයි.
(36698)
2025 නොවැම්බර් මස 21
29
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
143
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
990
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අඟුණකොළපැලැස්ස සිද්ධිය ගැන හොයන්න දෙවැනි පරීක්ෂණ කණ්ඩායම නම් කරයි