(** මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි)
අද පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්වනු ඇතැයි එක්සත් ජාතික පෙරමුනේ ආරංචි මාර්ගවලින් පැවසෙයි.
ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත්තේ අග්‍රාමාත්‍යවරයා අද (20) සවස විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවයි. ඔහුගේ ඉල්ලා අස්වීම අද රාත්‍රියේ හෝ හෙට දිනයේදී සිදු වීමට නියමිත බවද එම ආරංචි මාර්ග කියයි.
අගමැතිවරයා මේ පියවර ගන්නේ භාරකාර ආණ්ඩුවක් යටතේ මහ මැතිවරණයක් සඳහා පසුබිම සැකසීමට බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත්වීමත් සමඟ කැබිනට් මණ්ඩලයද විසිරී යනු ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය පරිදි නව අග්‍රාමාත්‍යවරයකු පත්කර අලුත් කැබිනට් මණ්ඩලයක් යටතේ මහමැතිවරණ තෙක් භාරකාර රජයක් පත්කරගැනීමට ඉඩ සැලසීම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමේ අරමුණ බව එක්සත් ජාතික පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදීත් විකල්පයක් ලෙස භාරකාර රජයක් සඳහා පසුබිම සැකසීමේ එකඟත්වයකට එළඹී ඇත.
මේ අතර නව භාරකාර රජයේ අගමැතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතය.
භාරකාර රජය සඳහා ඇමැතිවරුන් 15දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක්ද පත්කිරීමට නියමිත අතර, කැබිනට් මණ්ඩලයට මෙසේ පත් කෙරෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ දේශපාලනය පක්ෂවල නායකයන් බවද දැනගන්නට තිබේ.
COMMENTS
ඉල්ලා අස්වෙනවා කියන තීරණය ගන්න දවස් 4 ක් ගියා. කාර්යෂම අගමැති කෙනෙක්. ඉතින් සහරාන් ට ප්‍රතිචාර දක්වන්න ලෑස්තිවෙනකොට ඌ බොම්බේ පුපුරවාගෙන ඉවර එක අහන්න දෙයක් නොවෙයි.
2500ක් පමණ වූ ජනාධිපතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය වෙනුවට 250ක පමණ වූ සුළු කාර්ය මණ්ඩලයක් පමණක් පවත්වාගෙන යාමට තීන්දු කර ඇත.
අලුත් කැබිනෙට් මන්ත්‍රීවරු පිටරටින් ගේන්න වෙයි.
ධූරයෙන් විතරක් නෙමේ දේශපාලනයෙන්ම සමු ගන්න ඕනි.
හත් දෙයියනේ කොහොමද මම මේවා දාල යන්නේ.... අනික මම මේ ලෝකෙටම ඉන්න උගතුන් ගෙන් එක්කෙනෙක්නේ. ගම්බිම් බලා යන්නත් බැහැ කුබුරු නියරවල් පාළු වෙලා. දැන් නාඩගම් මඩුව විසුරුවා හැරියොත් 225 විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නැහැ....
රටටත් වැඩක් නැති පක්ෂේටත් වැඩක් නැති තේරුමක්ම නැති ඩීල් චරිතයක්. ගහන ගහන ගැටවලට අහුවෙන්නෙම ඔහු බව තේරුමක් නැති පුද්ගලයෙක්.. දැන් ඔබ විශ්‍රාම ගන්න..
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය කැඳවීමට කටයුතු කර තිබේ. මෙම කැබිනට් රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තුවන අතර පසුව ඔහු අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වීමට නියමිතය. ( අගමැතිට කැබිනට් එක කැදවන්න බැහැ. ඒක නිසා නිලනොලත් රැස්වීමක් විතරයි. දැන්වත් මේ පිස්සු වැඩ නැවත්වුවොත් හොඳයි )
ගරු අගමැතිතුමනි ඔබට සුබ පැතුම්.!
අපටත් කියන්න. දුම්මලද ? කට්ටකුමන්ජල්ද ? නැතිනම් සාම්බ්‍රානිද වැඩ කළේ ?
රට වනසන එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරන්න.
අපෝ ඇති යන්තම් . . . දැන්වත් තමන්ගේ වැරදි පෙනෙනවා නම් පෙනිලා හැදෙනවා නම් ..
ලංකීය දේශපාලනයේ අසාර්ථකම නායකයා. 1994 සිට දැවන්ත පක්ෂයක නායාකයා. 2001-2003 යාන්තම් අගමැති වුණා එවකට ශ්‍රීලනිපයේ ලේකම් ඇතුළු කණ්ඩායමක් ආපු නිසා. ඊට පස්සේ ඉතින් අවුරුදු දෙකෙන් ගෙදර. ආයෙත් යාන්තන් ඇගමැති වූනා ආයෙත් ශ්‍රීලනිපයේ ලේකම් සිරිසේන මහත්මයා ආපු නිසා. ආයෙත් ඉතින් හතරෙන් ගෙදර. පාක්ෂිකයාට සලකපු නැති මෙලෝ වැඩක් නොකරපු කෙනෙක්.
රටටත් ජාතියටත් කළ හැකි උපරිම විනාශය කරලා තනතුරෙන් ඉවත් වී යන නිහතමානී නායකයා.
ඔබතුමා ගත්ත අත්තනෝමතික තීරණ පාරා වළල්ලක් වගේ ආපසු පැමිණ ඇත. සජිත් මැතිතුමාට ඔබතුමා හරියට කෙනෙහිලි කම් කරා අපි ඒ ගැන ඉතාම කලකිරුණා. ඔබතුමා පක්ෂේයෙනුත් විශ්‍රාම යන එක තමයි කල යුත්තේ.
වෙන කළ හැක්කක් නොමැතිවෙන තුරු ඉන්නේ ඇයි ? නම්බුව රැකගෙන වේලාසනින්ම ගියා නම් ඉවරයිනේ.
දැන්නම් පරක්කු වැඩියි. ඒත් කමක් නැහැ. ඉක්මනට යන්න.
රනිල් මහත්තයල හිතන්නෙ ආණ්ඩුව කර ගන්න බෑ කියල. ඒකයි ඔය කැමැත්තෙන්ම දෙන්නෙ ඊලඟ ඡන්දෙට කලින්.....
සියලු දේ අනිත්‍ය බව මෙනෙහි කරන්න.. එවිට අතහැරීම පහසු වෙනවා...
පක්ෂ නායකත්වය නවීන් ට භාර දෙන්න.
අපි බලන් ඉන්නවා ඔබගේ කතාවේදී රටට කල එක හොදක් වත් අඩුම වශයෙන් කියන තුරු.
ඇමතිවරු ඉල්ලා අස්වීම වැරදි ආදර්ශයක්-මනෝ ගනේෂන් මහතා පවසයි.
බිත්තර ඔක්කොම එක මල්ලකට දාන්න උනන්දු වෙන පිරිස්, බැරි වෙලාවත් මල්ල වැටුනොත් වෙන දේ ගැනත් මතක තියා ගන්න. විශේෂයෙන්ම එක පවුලක් රට කරන්න සුදානම් වෙන මොහොතක.
මේවා බැලුවම තේරෙන්නේ මේ රටේ මිනිස්සු කොතරම් කුහකද ? අමනද? දේශපාලන පිළිකාව කොතරම් දරුණු ලෙස වැළදී ඇත්ද යන්න පමණයි.
අග්‍රාමාත්‍ය ධුරයෙන් පමණක් නොව 25 වසරක් තිස්සේ දරන එජාප නායකත්වයෙන් සහ සමස්ත දේශපාලනයෙන්ම සමුගැනීමට ඔබට කාලයයි මේ.. සුවබර විශ්‍රාම දිවියක් මැතිදුණි..
ඒ කියන්නේ 225 කගේ බඩට ගහන්න කියලා නේ.
රංජනී, හොද්ද ලිපේ තියලද ආවේ කොමෙන්ට් දාන්න ?
මේක නම් සමරන්න ඕනේ.
ගරු අගමැතිතුමනි ආණ්ඩුව පොහොට්ටුවට දෙන්නනම් එපා. ජනමතය එජාපය සමගයි.
මෙතුමා ගියාට පස්සෙවත් හොද ප්‍රතිපත්තියක් හදන්න, විදේශියට ගැති නොවන, ජාති බේදයක් නැති රටේ සියලු පුරවැසියන්ට එකම හැන්දකින් බෙදිය හැකි යුඑන්පි රජයක් සදහා දැන් පෙළගැසෙන්න.
අගමැති කමෙන් අස් උනාට කමක් නෑ පක්ෂ නායක කමෙන් අස් වෙන්න එපා.
මම කවදාවත් රනිල්ට පක්ෂ වුනේ නැහැ. දැනුත් නැහැ. ඔහු දක්ෂ පාලකයෙක් නොවෙයි. නමුත් රනිල් 19 වැනි සංශෝධනයෙන් ඇතිකළ ස්වාධීන කොමිෂන් සභා බාගෙට හරි ඉටුකළ සේවය විශිෂ්ටයි. මැතිවරණ කොමිසම උදාහරණයක්. කිසිම දේශපාලන බලපෑමකින් තොරව ඡන්දය පැවැත්වුණෘ. අපේ වෘත්තීය සමිති හිතේ හැටියට නිදහස භුක්ති වින්දා... කිසිම මාධ්‍ය කාරයෙක් මැරුම් කෑවේ නැහැ. කිසිම මාධ්‍ය ආයතනයක් ගිනිගත්තේ නැහැ. ජනාධිපතිට පුළුවන් වුණා ආණ්ඩුවේම වැරදි හොයන්න කොමිෂන් සභා පත්කරන්න. මොහුගෙන් කිසිම අකුල් හෙලීමක් නැතිව. මහත්වරුනි, අපට හරි ලේසියි යන මිනිහව පතුරු ගහන්න. නමුත් ඇස්දෙක විවෘතව තබාගන්න.
එජාප නායකත්වයෙන් සහ සමස්ත දේශපාලනයෙන්ම සමුගැනීමට ඔබට තිබු කාලය යල්පැන ගොස්ම අවුරුදු 20 ක් වෙනවා. මේ මනුස්සයා මේ තනතුරේ තියන් ඉන්නේ මහින්ද රාජපක්ෂ. රටක පැවැත්මට ශක්තිමත් ආණ්ඩුවක් වගේම හොද විරුද්ධ පක්ෂයකුත් ඕන. උගත් නවීන අය පත්කර අපේ රට ගෝඨාභය සමග ඉදිරියට ගෙනයන්න මේ කාලකන්නි එළවල දන්නා ඕන. ගෝඨාභය උනත් හොද විරුද්ධ පක්ෂයක් නැතිවෙනකොට මහින්ද වගේ වෙන්න පුළුවන්.
දවස් පනස් ගානක් හොරාට අගමැති වෙච්චි එක නොදැකපු අය දවස් හතරක් හිටපු එක ලොකුවට දැකලා තියෙනවා.
සුද්දාගෙන් නිදහස ලබාගත් ශ්‍රී ලංකාව කියන්නේ හරියට ව්‍යවස්ථාවක් හදාගන්න බැරි රටක්... කෝටි 750ක් වියදම් කරලා එක පුද්ගලයෙක් තෝරාගත්තා. තව 225ක් තෝරන්න කීයක් වියදම් කරන්නද? ලෝකයෙන් ණයට සල්ලි අරගෙන ජීවත්වෙන්නේ. මොකක්ද මේ විහිළුව...? ඔය දැන් ඉන්න අයට එකතුවෙලා එක මැතිවරණයකින් ජනපති සහ පාර්ලිමේන්තුව (160 හොඳටම ඇති) තෝරන ව්‍යවස්ථාවක් හදන්න බැරිද?
රටට වෙන්නේ මොකක්ද කියන්න තවම කල් මදි.. අනාගතයේ යහපතක් බලාපොරොත්තු වෙනවා. පාලනයට සහායකයින් තෝරාගැනීමේදී නව ජනාධිපතිතුමා තුන්කල් දැකිය යුතුය.
අනේ අපරාදේ ඇයි අස්වෙන්නේ? ඔබ අස්වුණා යැයි කියලා එජාපෙට සුගතියක් වෙන්නේ නැත.
හරියට හොරකමක් කරගන්න බැරි නිසා හරියට රටක් කරගන්නත් බැරි බව නම් පැහැදිළියි. කොහොම වුණත් 60 පැන්න මහල්ලෝ ටික ගෙදර ගිහින් බණක් භාවනාවක් කරගෙන ඉන්න බලනවා නම් ඒක රටේ වාසනාව. අද අප පව් ගෙවන්නේ මේ වයසක දේශපාලන සීයලා නිසාය.