(අජන්ත කුමාර අගලකඩ, නිෂාන්ත කුමාර බණ්ඩාර)
පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ අතර මත ගැටුම නිසා රජය දැඩි අසීරුතාවකට පත්වී සිටින බව වාර්තාවේ.
දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඊ.පී.ඩී.පී. සංවිධානය ඇතුළු සුළු පක්ෂ ගණනාවක් ප්‍රකාශ කර සිටින්නේ පැරැණි ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.
රජයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් නව ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනා කර ඇත.
මෙම මත ගැටුම නිසා ගිය සතියේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නොහැකි විය.
මේ තත්ත්වය නිසා පළාත් සභා ඡන්දය පැවැත්වෙන දිනය පිළිබඳව ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි තත්ත්වයක් පවතින බව වාර්තාවේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය කුමන ක්‍රමයකට හෝ මැතිවරණය පැවැත්විය යුතු බවද ප්‍රකාශ කර ඇත. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ මනාප ක්‍රමය නොව නව කොට්ඨාස ක්‍රමයට ඡන්දය පැවැත්විය යුතු බවයි.
මුස්ලිම් කොංග්‍රසය පවසන්නේ විවිධ කරුණු කාරණා ඉදිරිපත් කරමින් පළාත් සභා මැතිවරණය කල් දැමීමේ සූදානමක් පවතින බවයි.
පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පවත්වන ලෙස මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා කළ යෝජනාවට ශ්‍රීලනිප පාර්ශ්වය හැර අන් සියලු දෙනාම කැමැත්ත පළකර ඇතැයි මුස්ලිම් කොංග්‍රස් ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ නිසා දෙපාර්ශ්වය අතර මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය පිළිබඳ අර්බුදයක්ද මතුවී තිබේ.
ඡන්දය කල් දාන්නේ ආණ්ඩුවේ අර්බුද නිසා - ජවිපෙ
(නිශාන්ත කුමාර බණ්ඩාර)
ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය සහ ආර්ථිකය කඩා වැටීම පළාත් සභා ඡන්දය කල් දැමීමට ප්‍රධාන හේතුව බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
ජනතා විමුක්ති පෙරමුණ, ඡන්දය කල් දැමීමට එරෙහිව කළ අරගලයක ප්‍රතිඵලයක් ලෙස පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කළ බව එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.
පළාත් සභා ඡන්දය පැරැණි ක්‍රමයට පැවැත්වීම වඩාත් සුදුසු බව බොහෝ පක්ෂ පිළිගෙන ඇති අවස්ථාවක එය අනුමත නොකොට නව ක්‍රමයට ඡන්දය පැවැත්වීමට ඇතැම් අය යෝජනා කිරීම නිසා තවත් අර්බුදයකට මුහුණ පා ඇතැයිද ඒ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 04
349
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පක්ෂ අතර කඹ ඇදීමෙන් පළාත් ඡන්දය ස්ථිර නෑ