(විනීතා එම් ගමගේ)
කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අගය බැලීමේ දී ලෝකයේ පවතින සාමාන්‍ය අගය මිලියනයකට රෝගීන් 546 ක් වූවත් ශ්‍රී ලංකාවේ එම අගය පවතින්නේ ජනගහනයෙන් මිලියනයකට රෝගීන් 40 ක් වශයෙන් යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උයද ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා සංඛ්‍යා ලේඛණ විග‍්‍රහයක් කර ගන්න බැරි විපක්ෂයේ පුංචි පුතාලා දුවලාගේ පහසුව පිණිස කොවිඞ් 19 සංඛ්‍යා ලේඛණ විග‍්‍රහ කර දීමට බලාපොරොත්තු වන බවත් ඉන්දියාවෙන් ඇරඹුවහොත් මාර්තු 24 වැනිදා ඉන්දියාව වසා දමන විට රෝගීන් 499 ක් සිටි අතර දැන් 70,780 කට අධික පිරිසක් සිටින බවත් එය 142 % ක වර්ධන වේගයක් බවත් කීය.
ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිට කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අගය පහල මට්මටමක පවතින්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ පරිපාලන කාර්යක්ෂමතාව සහ ජනතාව ආණඩුවට සවන්දීම කොතරම් දුරට සිදුවෙනවා ද යන්න යැයි කී ගම්මන්පිල මහතා එම අගය ශ්‍රී ලංකාවේ හතලිහක් වෙද්දී කටාර්වල 8199 ක් වී ඇතැයි ද එයින් ම ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති තත්ත්වය පෙන්නුම් කරන්නේ යැයි ද පැවැසීය.
ආසියාවේ ආදර්ශය වන සිංගප්පූරුව අප්‍රේල් 3දා ලොක් ඩවුන් කරන විට රෝගින් ගණන 1144 සිටි අතර දැන් රෝගින් ගණන 23,822 ක් වන බවත් එය 21ක් ගුණයකින් රෝගීන් ප‍්‍රමාණය වර්ධනය වීමක් බවත් පෙන්වා දුන්නේය.
හොඳට ඉඩකඩ තියෙන සමාජ පරතරය හොදින්ම රකින්න පුළුවන් ලෝකයේ ලොකුම රටවන රුසියාව ලොක් ඩවුන් කළ මාර්තු මාසයේ 30දා රෝගින් සිිටියේ 1,462ය ක් වන බව පෙන්වා දුන් ගම්මන්පිල මහතා දැන් 221,344 වී ඇති බවත් එයින් කියැවෙන්නේ 151ක් ගුණයකින් රෝගින් වැඩි වීම බවත් හෙතෙම කියා සිටියේය.
මේ අනුව නිදසුනට ගත් එම රටවල් දෙස බලද්දී රෝගීන් 151 ගුණයකින් පවා වැඩි වී ඇති බව පෙනී යන බව ද ඔහු සදහන් කළේය.
රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව පවා මනින්නේ මරණ අනුපාතයෙන් සහ සුව වූ අනුපාතයෙන් බව ද ලෝකයේ මරණ අනුපාතය සියයට හතක් වෙද්දී ලංකාවේ එම ප‍්‍රමාණය සියයට 1 වන බව ද ලොව අඩුම රටවල් කිහිපය අතරේ ශ්‍රී ලංකාව සි්ටින බව ද ඔහු කීවේය.
සුව වූ අනුපාතය බලද්දී ද ලෝකයේ සාමාන්‍යය අගය සියයට 36 ක් වෙද්දී එය ශ‍්‍රී ලංකාවේ සියයට 39 වී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ නිසා ජාත්‍යන්තර දර්ශක සකසන අය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයත් ශ්‍රී ලංකාව කොවිඞ් 19 මර්දනය සඳහා ගත් ක‍්‍රියාමාර්ග අගය කරමින් ලංකාව ලෝකයට ආර්දශයක් යැයි පෙන්වා දෙන බව ද එය දරාගන්නට බැරි විපක්ෂය, මෙහි කොටස්කරුවෙක් නොවුණු විපක්ෂය, මේ ක‍්‍රියාවලියේ දී කකුලෙන් අදිමින් බොරු කියමින් ආණ්ඩුව රටට ලබාදුන් ජයග‍්‍රහණය හෑල්ලූ කිරීමට සාර්ථක උත්සාහයක නියැළි සිටින්නේ යැයි ද ඔහු ස`දහන් කළේය.
තව දුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය නායකයා කොවිඞ් 19 වසංගතය හේතුවෙන් බංකොලොත් වීමේ අවදානමකට ලක් වී ඇති ව්‍යාපාර සරණ පතා යන්නේ තමන්ගේ බැංකුව වෙත යන නමුත් පසුගිය මාස දෙකේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව හරහා විවිධ මූල්‍යමය සහන ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නැයි රජය විසින් ඉල්ලීමට පවා සමහර බැංකු නම්‍යශීළී නොවී ඇතැයි ද කීය.
නමුත් බැංකු නම්‍යශීලී නොවී ශයිලොක් න්‍යායෙන් මස් රාත්තලම ඉල්ලන බවට ව්‍යාපාරිකයින් චෝදනා නගන්නේ යැයි ද, ණය ලබාදීම ප‍්‍රමාද කිරීම හරහා ව්‍යාපාර දහස් ගණනක් වසාදැමීමට ලක්ව රැකියා ලක්ෂ ගණනක් අහිමි වීමේ අනතුරක් මතුවී ඇතැයි ද, සම්ප‍්‍රදායික ලෙස මේ අවස්ථාවේත් ඇප පිළිබඳ තදින් ක‍්‍රියා නොකර නම්‍යශීලි වෙන්නැයි බැංකු වලින් ඉල්ලා සිටින්නේ යැයි ද ඔහු කියා සිටියේය.
ඉකුත් වසරේ බදු ගෙවීමෙන් පසු ලැබූ ලාභය බැලූවිට කොමර්ෂල් බැංකුව මිලියන 18,057 ක්ද, ලංකා බැංකුව මිලියන 17,590 ක්ද, මහජන බැංකුව 13,012 ක්ද, සම්පත් බැංකුව මිලියන 11,983 ක්ද, හැටන් නැෂනල් බැංකුව 11,558ක්ද උපයා ඇතැයි පැවසු ගම්මන්පිල මහතා මේ දැවැන්ත ලාභය උපයා දුන් ගනුදෙනුකරුවන් දැන් අමාරුවේ වැටී සිටින නිසා බැංකු විසින් යම් අවදානමක් අරගෙන ආර්්ථික අර්්බූදයෙන් ගොඩ ඒමට ව්‍යාපාරිකයින්ට සහන සැලසිය යුතු යැයි තමන් යෝජනා කරන බව ද කියා සිටියේය.
පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උපුල් විජේසේකර සහ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ යන මහත්වරුන්ද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
COMMENTS
කොවිඩ් වසංගතය පිළිබඳ තොරතුරු කෙසේවුවත් බැංකු සම්බන්ධව සහ බැංකුවල මේ මොහොතේ ක්‍රියාත්මක වීම පිළිබඳව නම් කරුණු ඇත්ත.. හැම බැංකුවකටම අරක්ගත්තු බහිවරවයො වගේ පිරිසක් ඉන්නවා.. එයාලට තමයි හැමදේම.. මහබැංකු රෙගුලාසි අපට අදාලයි. ඒ බහිරවයින්ට අදාල නොවේ.
ලෝකයේ PCR පරීක්ෂණ අඩුම ගණනක් කරපු රටවල් අතරට ලංකාවත් අයිතියි. මේ දක්වා පරීක්ෂණ 35,000ක් පමණ සිදුකර ඇති බවයි කියවෙන්නේ. ඒ බව සඟවා මේ වගේ විහිලු සහගත ප්‍රකාශයන් සිදුකරන්නට ගම්මන්පිල වැන්නන් යොදා ගැනීමේ පුදුමයකුත් නැහැ.
බොහොමත්ම ස්තුතියි... දැන් රටේ ආර්ථිකය ගොඩගන්න විදියක් බලමු නේද? (කතා අහලා එපා වෙලා අනේ). කතා අඩුකරලා වැඩ කරමු. ඔයාලත් ඉදිරි වසර 2 වත්, පඩි (දීමනා) නැතුව ඉන්න තීරණය කරා නේද මහත්තයෝ? අපි ඔක්කොම එකතුවෙලා රට ගොඩ ගමු. සිංහල, දෙමල, මුස්ලිම් සියලු ජාතින් එක්ව ගොඩනගමු අපේ ලංකා මාතාව...
ඡන්දෙට ගත්ත රුපියල් 100 මතකද? කෝටි ගාණක් එකතු කළා නේද? මේ වෙලාවේ ජනතාවට උදව් කරන්න.
හොරට නිදාඉන්න මිනිහෙක් කවදාවත් නැගිට්ටුවන්න බෑ. කපටියෙක් වගේ නිදි විදියට ඉන්නවා. ගෙදරට සේවිකාවක් ගන්න පත්තරේ ඇඩ් එකක් දානකොට, ලියනවා අවුරුදු 55ට අඩු අයෙක් තමයි ඕන කියල. අපි ටෙලිෆෝන් එකෙන් කතා කරන කොට ඔව් ඔව් 55 තමයි කියනවා. පහුවෙනිදා ආවහම අවුරුදු 65 යි. ඇයි බොරු කිව්වේ ඇහුවම, කියනවා ඇයි මම කිව්වේ 55හේ කියල. බලන්න 1955 ඉපදීමයි, වයස 55 වීමයි පටලවල ගේ ඇතුලට ආව හැටි. අපිත් ඉතින් පව් කියල තියාගන්නවා. වැදගත් වෙන්නේ අපි කොච්චර ගණනක් පරීක්ෂණ කරාද, ඒ මොන මොන ස්ථාන වලද, ඊට සාපේක්ෂව ආසාදිත කී දෙනාද කියන එකයි. පරීක්ෂණ අඩුනම් කොරෝනාත් අඩුයි. කොරෝන ඉවරයි කියපු චීනේ අද වෙනකොට පළාත් තුනක මිලියන 21 ක ජනතාවක් (අපේ මුළු ජනගහනයට කිට්ටුයි) PCR පරීක්ෂණ කරලා තියෙනවා. අවට රටවල මිනිස්සු ලක්ෂ ගානක් දිනපතා test කරනවා අපි තාම මුළු මාස දෙකටම පරීක්ෂණ 20000ක් වත් කරලා නෑ. ඉතින් කවුද වඩා හොඳ...
මරණ අනුපාතය අනුව පහත සදහන් රටවල් ඉදිරියෙන් ඇත. මැඩගස්කරය, මලාවි, මොසැම්බික්, ඇන්ගෝලා, සිරියා, මොන්ගෝලියා, එරිත‍්‍රියා , බොට්ස්වානා, ගැම්බියාව, සුඩානය, ඉතියෝපියාව, සැම්බියාව, රටවල් සෙට් එක කොහොමද?
මොලේ අමාරු කාරයෙක්....!!! ඔබගේ ඔය විග්‍රහය හොඳයි නොගිය මෝඩයින්ට.. එහෙමත් නැතිනම් දියවන්නාවේ ඉන්න හොර හැතිකරයට. දැන් ඉතින් අනාගෙන ඉන්න නිසා අනාගතය සුබ නැහැ වගේ නේද...? කොහෙට හරි පනිනවාද..? ඔස්ට්‍රේලියාවට යන්නත් බැහැ. ඒ රටෙන් අල්ලන්න දාලා. මහින්දගේ සාටකය ඉල්ලගෙන බෙල්ලේ වැලලා ගන්න.
ලංකාවේ බැංකු තරම් අනුන්ගේ පිහිටෙන් ලාභ උපයන බැංකු ලෝකේ කොහෙවත් නැහැ. ලංකාවේ බැංකු කරණය තියෙන්නෙම ව්‍යාපාර කරනවාට වඩා වහන්න. ඒක තමයි තිත්ත ඇත්ත. උදා? ලංකාවේ බහුතර කොන්තරාත් සමාගම් Contract එකක් ගන්නේ 10-15 % පමණ OHP එකක් තියාගෙන (තරගකාරිත්වයත් ඒකට තමා යන්න පුළුවන්) ,ඒකත් Contract එකේ මුල ප්‍රොජෙක්ෂන් එක. නමුත් Contract එක හරියට ඉවර කලොත් ඕක 7% -10% කින් බේරගන්න පුළුවන්. හැබයි Project එකට loan එකක් ඉල්ලුවොත් බැංකුව දෙන්නේ 20-22% OD අනුපාතයට . මෙතැනින්ම project එක lost වෙන්න පටන් ගන්නවා ,පරක්කු වෙන්න පරක්කු වෙන්න පොලිය උඩ යනවා. project එකේ සල්ලි හරියට ලැබුනේ නැතිනම් කොම්පැනිය විනාශ වෙනවා. LC එකක් අරගන්න ගියොත් LC commision එකම ලොකු ගානක් . ලංකාවේ බැංකු තියෙන්නේ කොම්පැනි වහන්න මිසක් වෙන දෙකට නොවේ.... ඒකයි තිත්ත ඇත්ත... නමුත් ඩුබායි, කටාර්, ඔමාන් වැනි රටවල මෙවැනි පොලි අනුපාත 4%-7% දක්වා අඩුයි. පුද්ගලික ණයත් එහෙමමයි. ගොඩක් අයට මේ මාස 3නේ පොලිය ගෙවන්න බැංකු ව විසින් ණයක් ලබාදීල තියෙනවා. රජයේ ඉන්න එක ඇමතියෙක් ට මේවා ගැන වගක් නැහැ...
පඩිපෙලේ නීතිතුමා...
ගම්මන්පිළ, ඉන්දියාවේ සෞඛ්‍ය තත්වය සහ මෙහි තත්වය සංසන්දනය කරන්නේ කොහොමද?
මහින්ද අමරවීරට දුන්න නම් හරි. එයා ගණිත විශේෂඥයෙක්...
ගම්මන්පිල මහත්මයෝ, අපේ රටේ COVID'19 පරීක්ෂණ තවම කර ඇත්තේ 35,000 වැනි ( සුලු) ගනනක්. ඔය කියන රටවල දවසකට ඊට වඩා දෙතුන් ගුනයක පරීක්ෂා කෙරෙන නිසා වැඩි රෝගීන් ගනනක් හොයා ගන්නවා. ඒ නිසා අපි තවම සංසන්දනය කිරීම වැරදියි.
රෝගීන් ප්‍රමාණය අඩු වැඩි වෙන්නේ එම රටවල් ටෙස්ට් කරන ප්‍රමාණයට අනුව කියල මෙතුමාට තවම තේරිලා නැහැ. නේපාලයේ සෞඛ්‍ය පරිපාලනය ඉතා දුර්වලයි කියල අපේ අය කිව්වට ඒ ගොල්ලෝ ලංකාවට වඩා ටෙස්ට් 2 ගුණයක් කරලා තියනවා...
සංඛ්‍යා ලේඛන දීලා වැඩක් නැහැ. මොනතරම් ඉගෙන ගත්තු කට්ටිය උනත් කාලයක් එක දිගට ජරාව කාලා කාලා මොලේ ඇත්තෙම නැති ගානයි. සමහරවිට කකුල්දෙකෙන් අරන් හයියෙන් ගැසුවොත් බලන්න.. වෙන තැනක් තිබිලා හරිතැනට එයිද බලන්න රත්තරන් මොලේ..?
මෙතුමා මේ ලෝකයේ නොදන්නා විෂයක් තිබේ නම් කවුරු හෝ කියන්න. නයි නටවා තිබේ දැයි සිතේ...
බැංකුවල තැන්පතු වලින් වැඩි ප්‍රමාණයක් වැඩි පොලි ගෙවන තැන්පතු... ඒක නිසා ණය පොලි වැඩි කල යුතුයි. අනෙක හැම ණය මුදලම 100%ක් අය වෙන්නෙ නැහැ. ඒවට බර තැබීම් කල යුතුයි. සේවක වැටුප් ගෙවල් කුලී එහෙම කරල ලැබෙන ලාභයෙන් වැඩි කොටසක් රජයට බදු, ව්‍යාපාරිකයන්ට වගේ බදු හංගන්න බැහැ. බැංකු ලැබිය යුතු ආදායමටත් බදු ගෙවනවා. හරි නම් බැංකුවත් පාඩු නැතිව මෙ යන ගමනට සතුටුවෙන්න ඕන. ඒවයින් ලැබෙන ආදායමින් තමා මෙතුමන් අඩුවට කෑම කන්නෙ.. ණය හොරුන් බේරන්න නීති හදනව මිසක් බැංකුවලට ණය අයකරගන්න දැන් තිබෙන නීති ප්‍රමාණවත් නැහැ. ඒ පැත්තෙන් බැංකු හිරකරල මෙ මහත්වරු, බැංකු පාඩු උනොත් ඔබතුමා ඒකෙ සල්ලි දානවද? මේ වගේ හැම එකටම දොඩවපු අජිත් කියන නීතිඥතුමා දැන් හිරේ. මෙතුමටත් එහෙම වෙන්න තිබුනෙ....
බැංකු පාඩු නම් ගම්මන්පිල ඇතුළු මේ සකල ජනයා ඒවායේ තම මුදල් තැන්පත් කරනවාද? එවිට බැංකු පවතීද? මීට වඩා ගසාකන ලීසිං කොම්පැණිවලට දොස් කියන්නෙ නැතිද?
මෙ ඔක්කොම මෝඩ අවස්ථාවාදී පණ්ඩිතයන්... දත කන්නේ මොකටද?
මේ කොමෙන්ට් දැක්කහම අපිට තේරෙනවා රටේ ජනතාව දේශපාලුවන්ට වඩා කොයි තරම් ඉදිරියෙන්ද ඉන්නේ කියලා. සන්තෝසයි.
පඩිපෙලේ නීතිඥතුමෝ වර්තමානයේ මෙරට දැනට පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක නැහැ. ඉතින් විපක්ෂයක් නැහැනේ...
පරීක්ෂා නොකළ රටවල් අතරින් ශ‍්‍රී ලංකාව ලෝකයේ පළමු ස්ථානය...
ඉඳල හිටලා හරි මොකක් හරි ඔහේ කියවන්න ඕනෙනේ. නැතිනම් පත්තෙරේට නම වැටෙන්නේ නෑනේ. කියමනක් තියනවනේ වව්ලගේ මගුලට ගිහාම එල්ලිලා ඉන්න ඕනේ කියලා. එල්ලිලා ඉන්නකම් ඔහොම තමා.
මේ අතිපණ්ඩිතයා කියන විදියට මාලදිවයින, සූඩානය වගේ රටවල් වල සෞඛ්‍ය සේවය ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය වගේ රටවල්වලට වඩා ගොඩාක් ඉදිරියෙන් තියෙන්නේ. හැම මඟුලකටම ටීවී එකට පැනලා විකාර කියවන මේ අගුටුමිට්ටා මුලින්ම තමන්ගේ නායකයාට කියන්න ඕන හෙම්බිරිස්සාවටත් සිංගප්පූරුවට, ඇමරිකාවට දුවන්නේ නැතිව මේ තරම් ඉහළ සෞඛ්‍ය සේවයක් තියෙන ලංකාවේ රෝහල්වලින් බෙහෙත් ගන්න කියලා..
ගම්මන්පිල මහත්තයාට සුළු අංක ගණිතය අමතක වෙලා. අප්‍රියෙල් 20 දා මැතිවරණයට දින ප්‍රකාශයට පත්කරනවිට COVID -19 රෝගීන් 268 යි. අදට දින 23 කට පසුව දෙගුණයකටත් වැඩිවී 891යි. පාලනය සාර්ථකද? පරීක්ෂණ ප්‍රමාණය අඩුවෙන්ම කරන රටවල්වලින් පළමු තැන අපිට ලැබුණා කියලා ආරංචියි.
අපේ රට කොවිඩ් වසංගතය හමුවේ හොඳින් ප්‍රතිචාර දැක්වූ බවත්, එය සාර්ථකව පාලනය කරමින් පවතින බවත් පිළිගැනීමට අකමැති පිරිසක් සිටින බව හැඟේ. පරීක්ෂණ කරන ප්‍රමාණය මත රෝගීන් සංඛ්‍යාව තීරණය වන්නේ් නම්ද, පරීක්ෂණ ප්‍රමාණවත් නොවීම මත රෝගීන් සංඛ්‍යාව වැරදී නම්ද, හඳුනා නොගත් බොහෝ රෝගීන් සංඛ්‍යාවක් සමාජයේ සිටිය යුතුය. එසේ හඳුනා නොගත් බොහෝ රෝගීන් සිටින්නේ නම් එයින් යම් ප්‍රමාණයකට රෝග ලක්ෂණ පහවී ප්‍රතිකාර ගැනීමට රෝහල් ගතවිය යුතුය. රෝහල් ගතවීම තුළින් ඔවුන්ද රෝගීන් සංඛ්‍යාවට ඇතුලත් වේ. රෝග ලක්ෂණ පහ වී රෝහල් ගත නොවූ සුළු ප්‍රමාණයක් හෝ ඇත් නම් ප්‍රතිකාර නොගැනීම මත මිය යාමෙන් මිය ගිය සංඛ්‍යාවට හෝ ඇතුලත් විය යුතුය. මේ දෙකම නොවන්නේ නම් හඳුනා නොගත් රෝගීන් සිටින අතර පරීක්ෂා නොකරන බැවින් සංඛ්‍ය ලේඛණ වලට ඇතුලත්ව නැත. ඔවුන්ට රෝග ලක්ෂණද නැත, ඔවුන් මිය යන්නේද නැත. එය එසේ නම් මෙම රෝගය අප රටට සාමාන්‍ය හෙම්බිරිස්සාවක් කැස්සක් මෙන් සාමාන්‍ය තත්වයකින් කෙලවර වේ. එසේ නම් අපේ රට මෙම රෝගයට බිය විය යුතද නැත. පරීක්ෂා කිරීම් කරමින් මුදල් විනාශ කල යුතුද නැත. සත්‍යය නම් වත්මන් නායකත්වය යටතේ සියල්ල මැනවින් සිදුවෙමින් පවතී,