(රොමේෂ් මධුෂංඛ)
යුද හමුදාවේ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 16 දෙනෙකු අද (03) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව පවසයි.
පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගිය අවසන් කණ්ඩායමද මෙය බව යුද හමුදාව සඳහන් කළේය.
යුද හමුදාව හා ගුවන් හමුදාව වන්නි දිස්ත්‍රික්කයේ පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථානයන්හි සිට නිරෝධායනය ක්‍රියාවලිය අවසන් වී පුද්ගලයින් 538 දෙනෙකු මේ වන විට නිවෙස් වෙත පිටව ගොස් තිබේ.
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ පෙරියකාඩු හා පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 332 දෙනෙකු ද ගුවන් හමුදාව අධීක්ෂණය යටතේ වන්නි ගුවන් හමුදා කඳවුරේදී පුද්ගලයින් 206 දෙනෙකුද මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් තිබේ.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණය පරිදි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය හා වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ඩී.සී.අයි.වීරසූරිය මහතාගේ අධීක්ෂණයන් පරිදි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් දිනක් දෙකක් වැනි කාලයක් තුලදී පිහිටුවා නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය සිදුකරනු ලැබීය.




2025 දෙසැම්බර් මස 16
76
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිරෝධායනය වූ තවත් 16 ක් පිටව යති