නව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කරමින් සාප්පු සංකීර්ණ සහ බාබර් සාප්පු විවෘත කිරීමට අවසර දීමට තුර්කි රජය පියවර ගෙන ඇත.
කෙසේ නමුත් වයිරසයේ ව්‍යාප්ති වීම වැළැක්වීම සඳාහා ආරක්ෂිත සහ සනීපාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැදීම අනිවාර්ය කර ඇත.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පැනවූ සීමා හේතුවෙන් තුර්කියේ කඩසාප්පු ආදී සියල්ල මාස දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ වසා දමා තිබිණි.
තුර්කියෙන් අද (11) පස්වරු 6 වනවිට වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 138,657ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 3,786ක් ලෙස දැක්විණි.
වයිරසය ව්‍යාප්ත වීමට පැනවූ සීමා ලිහිල් කරමින් රට සාමාන්‍ය තත්ත්වයට හැරවීමට තුර්කි බලධාරීහු මේ වනවිට අවධානය යොමු කර ඇත.
සති හතකට පසු තුර්කියේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය නිවෙස්වලින් පිටතට පැමිණීමට ඉරිදා (10) අවස්ථාව උදා විය.
තුර්කිය වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුල්ම වරට ඇඳිරි නීතිය පැනවූයේ මාර්තු 21 වැනිදාය.
අල්ජසීරා
ඡායාරූපය - ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd