IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


Italy Star Season 2 කුසලානය ඉතාලියේ ෆිරෙන්සි නගරයට

 

ශ්‍රී ලාංකිකයින් ජීවත්වෙන ලෝකයේ රටවල් 20 අතරින් ඉතාලිය නවවැනි (09) ස්ථානයට පත්වී ඇත්තේ ශ්‍රී ලාංකිකයින් එක්ලක්ෂ දසදහසක් මෙහි ජීවත් වෙන නිසාය. ඔවුන් වයස් භේදයකින් තොරව වැඩිහිටි, තරුණ, කුඩා දරු දැරියන්ය. මීට වසර 30කට පමණ පෙර මෙම සංඛ්‍යාව ඉතාම අතලොස්සක් වූ අතර ඉන් බොහොමයක් තරුණ පිරිස සහ කුඩා දරු දැරියන් වූ අතර ඉන් දරුවන් 5 - 6 දෙනෙකු මෙරටේ උපත ලැබූවන් වූහ. මෙම සංක්‍රමණිකයින්ගේ වර්ධන වේගය වසර 10 - 15 අතර සිදුවුවක්ය. එයට මූලික වූයේ එම පිරිස් තම දරුවන් දෙමාපියන්, සහෝදරයින් පවා මෙරටට නිත්‍යානුකූලව ගෙන්වා ගැනීමට ඔවුන් හට ඉඩකඩ ලැබීමයි. 


ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් අද වැඩිදෙනා නීත්‍යානුකූලව මෙහි රැඳී සිටින අතර මෙහි නිත්‍ය පදිංචිකරුවෝය. පරම්පරා තුනකට හිමිකම් කියන ලාංකික දරු උපත් ප්‍රමාණයද අද වැඩි අගයක් ගන්නා අතර ඉතාලි පුරවැසිභාවය ලබාගත් අයද බොහෝය. 


ඉතාලියේ නේවාසික ශ්‍රී ලාංකිකයින්ගේ දෙවෙනි පරම්පරාවට අද මෙය මව්බිමක් වූ කල විවිධ සහජ හැකියාවන් වලින් පරිපූර්ණ වූ ඔවුන් ඉතාලියේ සියලු නගර වල වෙසෙන කල ඔවුනොවුන් තම හැකියාවන් කියා පෑමට සෑම නගරයකම වේදිකාවක් සාදාගෙන හමාරය. රංගනයෙන්, නර්තනයෙන් ගැයුමින් මොවුන්ට මෙම වේදිකාව නුපුරුදු තැනක් නොවන අතර එය තමුන්ගේ නිවස බවට පත්වී ඇත. ඒ මන්ද සබකෝලයක් චකිතයක් නොමැතිව මුහුණදීමට ඇති ඉඩකඩ ඉතා බොහෝය. නමුත් තම තමුන්ගේ හැකියාවන් ඉදිරියට ගෙන තව තවත් ප්‍රගුණ කර ගැනීමට ඇති ඉඩකඩ අල්පය. එයට හේතුවී ඇත්තේ කාල වේලාවයි. කිලෝමීටර් දහස් ගණනක් දුර ගෙවා කාලයට ඉඩනොදී ඔවුන්ගේ ගමන ඉදිරියට ගෙන ඒමට Cine Teatro හි පෙබරවාරි 10 වැනි ඉරුදින රෝමයේ පැවති Italy Star Season 2 අවසාන මහා තරඟය එයට හොඳම නිදසුනක් විය. එක් නගරයක තරඟ ඉසව්වෙන් දෙදෙනෙකු තෝරාගත් අතර ඉතාලියේ නගර 10ක සහභාගීත්වයෙන් තෝරාගත් තරඟකරුවන් සහ තරඟකාරියන් 20 දෙනෙකු අවසන් මහා තරඟය සඳහා තරඟ වැදුනහ. 


මෙදින විශේෂත්වය වූයේ ශ්‍රී ලංකාවේ සිට පැමිණි සංගීත විශාරද නෙලූ අධිකාරි මහත්මියත් කපිල පූගලආරච්චි සහ ප්‍රංශයේ සිට පැමිණි ලක්ෂ්මන් හේවාවිතාරණ මහතුන් ආරාධිත අමුත්තන් සහ විනිශ්චය මණ්ඩලය සඳහා සහභාගි වීමයි. සංගීත ක්ෂේත්‍රයේ ඉහළ තලයක පසුවන ඔවුන්ගේ පැමිණීම සහ සහයෝගය Italy Star Season 2 සඳහා මහත් රුකුලක් විය. මෙදින විනිශ්චය විසින් මෙය ඉතාම භාරදූර කාර්යක් බව කියා පෑමට හේතුවූයේ තරඟකරුවන් 20 දෙනාම කරට කර එක හා සමාන ඉහළ මට්ටමේ ගායක තරු නිසාවෙනි. තවද ශ්‍රී ලංකාවේ සිටින නවක ගායන තරු මෙන් දක්ෂ බවද මොවුන්ට හැකියාවන් ප්‍රගුණ කිරීමට කාලය හරස් වීම ප්‍රශ්නයක් වුවද එය ගැටලුවක් නොමැතිව ඔවුන් දක්ෂයින් බව එක හෙලා කියා සිටියේය. තවද තම තමුන්ගේ කාර්යය ඉතා හොඳින් ඉටුකළ බවද ඒ වෙනුවෙන් දුර බැහැර ගෙවා විශාල කැපකිරීමක් කළ බවද විනිශ්චය මණ්ඩලයෙන් ප්‍රකාශ විය. 


මෙම තරඟය නැරඹීම සඳහා සෑම නගරයකින්ම විශාල පිරිසක් සහභාගී වූ අතර, එකිනෙකාට අවශ්‍ය වූයේ කුසලානය තම නගරයට ගෙන යෑම බව නිසැකය. නමුදු ඉතා භාරදූර කාර්යක් වුවද විනිශ්චය මණ්ඩලයට අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව එළඹුනද කවුරුත් විමසිල්ලට පත් කරමින් විනිශ්චයේ අවසන් තීරණය අනුව ජයග්‍රාහ කුසලානය ඉතාලියේ ෆිරෙන්සි නගරයේ මල්ෂා හසිනි ගායිකාවට හිමිවිය. 


අනුකුසලාන නාපෝලි නගරයේ ගායක ජූඩ් වෙලින්ටන්, තෙවැනි ස්ථානය පාදොවා නගරයේ ගායක කවීන් ගිම්හාන් සහ ජනප්‍රිය තරුව ලෙස ගායක ගිහාන් පෙරේරා තේරී පත්වූහ. 


කාලගුණ තත්ත්වය හේතුකොට සුලු අසනීප තත්ත්වයක පසුවුවද ශාලාවේ නරඹන්නන් කුල්මත් කරමින් සංගීතවේදී නෙලු අධිකාරි මහත්මියත්, කපිල පූගලආරච්චි සහ ලක්ෂ්මන් හේවාවිතාරණ මහතුන් ඔවුන්ගේ ගායනයෙන් රසිකයින් පිනවූහ. රෝමයේ City Boys සංගීත කණ්ඩායමේ නායක බේස් ගිටාර් වාදක දිනේෂ් අල්මේදා ප්‍රමුඛ වාද්‍ය වෘන්දයෙන් සහ සියලු තරඟ වට සඳහා මෙන්ම අවසන් මහා තරඟය සඳහා ද කථනයෙන් මහින්ද පතිරණ මහතා දායක විය. It News Lanka ආයතනයේ අජිත් කුමාරතන්ත්‍රි මහතාගේ මෙහෙයවීමෙන්ද රෝමය සංවිධාන කටයුතු සඳහා මෙවරද සුදත් රෝහණ මහතා ඉතා විශාල කැපවීමක් මෙම අවසාන මහා තරඟය සඳහා ඉටු කළේය. 


තවද මෙදින විශේෂත්වය වූයේ රෝම නගරයේ එකම ශාලාවක නගර 10ක රසික රසිකාවියන්ගෙන් ආන්දෝලනාත්මක සහ රසබර සුන්දර සැන්දෑවක් Italy Star Season 2 සමග ගතකළා යැයි කාගෙත් සිත්ගත් බවට නොඅනුමානය. 

 

 


අනෝමා ගමලත් 
ඉතාලිය - රෝමය



අදහස් (0)

Italy Star Season 2 කුසලානය ඉතාලියේ ෆිරෙන්සි නගරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site