IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


2017 ලෝක ටෙනිස් ශූරතාව වසර 16 කට පසු ප්‍රංශයට

 

ලෝකයේ අති ප‍්‍රසිද්ධ ක‍්‍රීඩා වලට මෙන් ටෙනිස් ක‍්‍රීඩාව සඳහා ද වර්ෂයකට වරක් ඩේවිස් කුසලානය යනුවෙන් ලෝක ශුරතා තරඟාවලියක් පැවැත්වේ. 1899 දී ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ටෙනිස් කණ්ඩායමක් හා මහා බ්‍රිතාන්‍යයේ ටෙනිස් කණ්ඩායමක් අතර පැවැත්වූ තරගය මෙහි මූලාරම්භය ලෙස සැලැකේ. එම සරසවියේ ඉගෙනුම ලැබූ ඩිවයිට් ​ඩේවිස් යන ශිෂ්‍යයා විසින් අරඹන ලද මෙම කුසලානය වර්ෂ 1900 දී පිළිගත් තරගයක් ලෙස ලෝක ටෙනිස් මුලස්ථානය විසින් සහතික කොට ඇත.  


ටෙනිස් ක‍්‍රීඩකයන්ට මෙම කුසලානය ජය ගැනීම යනු ලෝක කුසලානය ජය ගත්තා හා සමානය. මේ වෙන විට ඇමෙරිකාව 32 වතාවක්, ඕස්ට්‍රේලියාව 28ක්, ප‍්‍රංශය 10ක්, එංගලන්තය 8ක්, ස්වීඩන් 7ක් ලෙස මෙම කුසලානය හිමිකර ගෙන ඇත. ලෝකයේ පැරණිම ලෝක කුසලාන ක‍්‍රීඩා තරගාවලිය ලෙස මෙය හැඳින්වේ. 


වර්ෂ1904 දී යුරෝපයේ හා ප‍්‍රංශයේ ආරම්භ කළ මෙම කුසලානය 1904දී බ්‍රිතාන්‍යය විසින් ජය හිමිකර ගත්තේය. 2017 වර්ෂයේ මෙම 106 වැනි ශූරතාවයේ අවසන් මහා තරගය පැවැත්වුයේ උතුරු දිග ප‍්‍රංශයේ ලීල් නගරයේය.

නොවැම්බර් 24 වැනිදා සිට 26 වැනිදා දක්වා තරගය පැවැත්වුණි. අවසාන තරගය ප‍්‍රංශය හා බෙල්ජියම අතර විය. ප‍්‍රංශය සඳහා ලූකාස් පොයුල්, විල්ෆ‍්‍රඩ් ටි සොන්ගා, පියෙර් හියුජ් හර්බට්, රිචාර්ඩ් ගැස්කේ, නිකොලා මාහූ, ජුලියන් බෙනතොන්, ජිල් සිමොන්, හා ජෙරමි චාර්ඩි යන ක‍්‍රීඩකයෝ සහාභාගි වූහ. ඔවුන් සියලු දෙනා දැනට ලෝකයේ අති දක්‍ෂ ටෙනිස් ක‍්‍රීඩකයෝ වෙති. 


මෙම ශුරතාව සඳහා තරග වදිනුයේ ලෝකයේ රටවල් ලෙස ශ්‍රේණි ගතකර ඇති ලැයිස්තුවකට අනුවය. එහි එක් ගණනයක් අනුව ටෙනිස් සඳහා දක්‍ෂම ක‍්‍රීඩකයෝ වැඩියෙන්ම සිටින රට විශේෂ සුදුසු කමක් වේ. ඉහත ලෙස 2017 වර්ෂයේ දී එම ශ්‍රේණි ගත කිරීමට අනුව ඉහත තරඟය ජය ගැනීමට පෙර ආර්ජන්ටිනාව ප‍්‍රථමයා විය. පළමු දසදෙනා අතරට පිළිවෙලින් ආර්ජන්ටිනාව මහා බ්‍රිතාන්‍යය, ක්‍රොඒෂියාව, ඕස්ට්‍රේලියාව, සර්බියාව , ප‍්‍රංශය, බෙල්ජියම, ස්විට්ස්ර්ලන්තය, ඉතාලිය, ඇමෙරිකාව යන රටවල් ඇතුළත්වේ. 


මෙවර තරගාවලියට ප‍්‍රථම හා දෙවැනි වට වලින් පසු රටවල් 16ක් තරග වැදුනි. ඒ අනුව තම රට නියෝජනය කරන කණ්ඩායමට ප‍්‍රධාන තරග කරුවන් හතර දෙනෙකු සහාභාගි වේ. කේවල තරග හතරක් හා යුගල තරග එකක් යනුවෙන් තරග වාර 5ක් පැවැත්වේ. එයින් තරග වාර තුනක් ජයගත් රට ලෝක ශුරතා ඩේවිස් කුසලානය හිමිකර ගනී. අටවැනි අර්ධ පූර්ව තරඟයේ සිට ජපානය, බ්‍රිතාන්‍යය, සර්බියාව පරදවා ප‍්‍රංශයත් ඉතාලිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව පරදා බෙල්ජියමත් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූහ. අර්ධ අවසන් පුර්ව තරග වලින් ප‍්‍රංශය 3-1 ලෙස සර්බියාව පරාජය කළ අතර බෙල්ජියම තරග වාර 3-2 ලෙස , ඕස්ට්‍රේලියාව පරාජය කළේය. මෙවර අවසාන මහා තරගය බෙල්ජියම හා ප‍්‍රංශය අතර ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අතර එයින් බෙල්ජියම පරදවා ප‍්‍රංශය 3-2 ලෙස ජය ගත්තේය. 


වසර 2001න් පසු එනම් වසර 16 කට පසු ප‍්‍රංශය ජයගත් මෙම කුසලානය ඔවුන්ගේ 10 වැනි ජයග‍්‍රහණය ලෙස සැලකේ. මෙවර ඔවුන්ගේ පුහුණුකරු හා කණ්ඩායම් නායකයා ලෙස ක‍්‍රියා කළේ අසූව දශකයේ ලෝකයේ ප‍්‍රසිද්ධ ටෙනිස් ක‍්‍රීඩකයෙකු වූ ප‍්‍රංශ ජාතික යැනික් නොහා ය. ඔහුගේ නායකත්වය යටතේ මීට පෙර වර්ෂ 1991 දී හා 1996 දී ප‍්‍රංශය විසින් මෙම කුසලානය දිනා ගන්නා ලදී. ඉන් පසු නැවත වරක් 2015 දී ප‍්‍රංශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස තෝරා ගත්තේය. 


ටෙනිස් ක‍්‍රීඩාව ප‍්‍රංශයේ මෙන්ම බෙල්ජියමේ ද ඉතාමත්ම ජනප්‍රිය ක්‍රීඩාවකි. පසුගිය ඉරුදින සජීවි රූපවාහිනිය වටා රොක්වුණු ප‍්‍රංශ ජාතිකයෝ ඩේවිස් කුසලානයේ අවසන් තරගය නැරඹුවෝය. හැම පන්දු වාරයක්ම කුතුහලය, දුක , වේදනාව සතුට ගෙන දුන් තරගයක් විය. කොතරම් දක්‍ෂ ක‍්‍රීඩකයෝ වුවද නරඹන්නන් ඉදිරියේ ඔවුන්ගේ හඬ සමගද ඔවුන්ට ක‍්‍රීඩා කිරීමට සිදුවේ. අවසන් තරගය පැවැති ලීල් නගරයේ විල්නෙව් ඩේ අස්ක් ක‍්‍රීඩාගාරය ප‍්‍රංශ ක‍්‍රිඩා ලෝලිීන්ගේ හඬින් ෙදාා්ංකාර දුන්නේය. තරගයේ ජයග‍්‍රහණයට එයද බොහෝ ලෙස උපකාරි විය. ප‍්‍රංශය කුසලානය හිමි කරගත් මොහොතේ කුසලානය අතට ගත් යැනික් නොහා එය සිප ගනිමින් සතුටු කඳුළු සැලුවේය. එදින ප‍්‍රංශයේ ටෙනිස් ලෝලීන්ද සතුටු කඳුඵ හෙළුෑ දිනයක්සේ ප‍්‍රංශ ටෙනිස් ඉතිහාස පොතේ සඳහන් වෙනු ඇත. 


ජයග්‍රහණය හිමිකර ගත් ප්‍රංශ කණ්ඩායම ඉහළ ඡායාරූපයෙන්ද, අවසාන තරගයට මුහුණ දුන් ප්‍රංශ හා බෙල්ජියම් කණ්ඩායම් දෙක මැද ඡායාරූපයෙන්ද ප්‍රංශ ක්‍රීඩා ලෝලීන් පහළ ඡායාරූපයෙන්ද දැක්වේ.


සුනිල් ආනන්ද 
පැරීසියේ සිට 



අදහස් (0)

2017 ලෝක ටෙනිස් ශූරතාව වසර 16 කට පසු ප්‍රංශයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 174 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site