
ශාස්ත්‍රපති සීගිරියේ සුමිත්ත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ මගපෙන්වීම යටතේ හොංකොංහි ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන්නට යෙදුණු සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය සහ කඨින චීවර පූජා මහෝත්සවය නොවැම්බර් මස 2 සහ 3 යන දිනයන් හිදී හොංකොංහි ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සහ Po Leung Kuk Lam Chan පාසල් පරිශ්‍රයේ දී පවත්වන්නට යෙදිණි.
ජූලි මස 14 දින වස් ආරාධනා පිංකමෙන් ඇරඹි පිංකම් මාලාව පුරා තුන් මසකට අධික කාලයක් සෑම සති අන්තයකම හොංකොං දූපත් සිසාරා පවත්වන්නට යෙදුණු ප්‍රාදේශීය පිංකම් මාලාවකින් සමන්විත වූ අතර, නොවැම්බර් 2 වැනි සෙනසුරාදා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය පැවැත්විණි.
නොවැම්බර් 3 වැනි ඉරු දින උදෑසන 5.00ට පමණ පෙරහරින් කඨින වස්ත්‍රය විහාරස්ථානය වෙත වැඩමවීමෙන් අනතුරුව මහා සංඝරත්නය වෙත සාංඝික කොට පිළිගන්වනු ලැබීය. කඨින වස්ත්‍රය විහාරස්ථානයේ දී සැකසීමෙන් අනතුරුව මහා සංඝරත්නය ප්‍රමුඛ පෙරහරින් Po Leung Kuk Lam Chan පාසල් පරිශ්‍රය වෙත වැඩම කරන ලදී.
එහිදී බුද්ධ පූජාව සහ මහා සංඝරත්නය වෙත දානය පිළිගැන්වීමෙන් අනතුරුව කඨින චීවර පූජාව සිදු කරන ලදී. ශ්‍රී ලංකාවට අමතරව නේපාලය, බංගලාදේශය, වියට්නාමය ආදී රටවලින් මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, පිංකම සඳහා සහභාගි වූ හාරසියයකට අධික දෙස් විදෙස් පින්වතුන් වෙත දහවල් දානය පිළිගන්වන ලදී. එහි අවස්ථා කීපයක් ඡායාරූපවලින් දැක්වේ.



2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
772
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොංකොන්හිදී සංවිධානය කෙරුණු සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය සහ කඨින චීවර පූජා මහෝත්සවය.