IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සයිප්‍රසයේ හෙළ අවුරුදු ගම්මානය 7 වැනිදා දවස පුරා

2019 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් සයිප්‍රසයේ නිකෝසියා නගරයේ අවුරුදු ගම්මානයක් පැවැත්වීමට ශ්‍රී ලංකාරාම විහාරස්ථ බෞද්ධ සංගමය කටයුතු සංවිධානය කර ඇති බව එම සංගමය දැනුම් දෙනු ලබයි.


හෙළ සිරිතට විරිතට මුල්තැන දෙමින් ශ්‍රී ලාංකේය සංස්කෘතිය, හරපද්ධතිය සමඟ සිහළ ගැමිකම විදහා දක්වමින් ඉදිපත් කෙරෙන මෙම සංස්කෘතික මංගල්‍ය සයිප්‍රසයේ මෙවර 10 වැනි වරට පවත්වනු ලබයි. මෙම අවුරුදු ගම්මානයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීණ හා ජනප්‍රිය ගායන ශිල්පි කරුණාරත්න දිවුල්ගනේ මහතා සහභාගි වෙයි. මෙම උත්සවය මෙවර පැවැත්වෙන්නේ නිකෝසියා නගරයේ සිට බස් අංක 106 හෝ 114 බස් ගමන් ගන්නා මාර්ගයේ පිහිටි මකාරියෝ රෝහල පිටුපස ඇති උද්‍යානයේදිය. 2019-4-7 වැනි ඉරු දින උදෑසන 9 සිට සවස 6 දක්වා පැවැත්වේ.


මව්බිමෙන් බැහැරව දුරු රටක අප සිටියත් සිංහල අලුත් අවුරුදු අසිරිය නොඅඩුව එලෙසින්ම විඳින්න අවුරුදු කැවිලි පෙවිලි ද සියලුම ජන ක්‍රීඩා ඔන්චිලි වාරම් ජන ගායනා නර්තන රබන් ආදි සියල්ලගෙන්ම පරිපූර්ණ වූ හෙළ අවුරුදු ගම්මානයේ අවුරුදු කැවිලි රස විඳින්න එකතු වෙන්න සයිප්‍රස් හි වෙසෙන සැමට සුහද ආරාධනා.

 


විමලා යාපා- සයිප්‍රස් නිකෝසියා
ලංකාරාම බෞද්ධ සංගමයේ මාධ්‍ය ඒකකය



අදහස් (0)

සයිප්‍රසයේ හෙළ අවුරුදු ගම්මානය 7 වැනිදා දවස පුරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site