IMG-LOGO

සම්බුදු ​තෙමඟුල නිමිත්තෙන් චීනයේ පැවැත්වූ වෙසක් උළෙල

 

 

පසුගිය 29 වැනි දිනට යෙදී තිබුණු සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පොහොය දිනය නිමිත්තෙන් මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ වර්ණවත් වෙසක් උළෙල එදින පුරාවට තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණේ දෙස් විදෙස් විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි. වෙසෙ​ෙඟහි වැදගත්කම මෙන්ම ශ්‍රී ලංකා - චීන බෞද්ධ සම්බන්ධතාවල හරයන් ප්‍රකාශවන පරිදි උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබූ මෙම උත්සවයට චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විශේෂ ආරාධනා ලැබ පැමිණ සිටි ආරාධිතයන් අතර පාකිස්ථානය, නේපාලය, වියට්නාමය, මාලදිවයින, ඇෆ්ගනිස්ථානය, ලාඕසය, කාම්බෝජියාව, මියන්මාරය, ස්ලෝවැකියාව, සිංගප්පූරුව, බල්ගේරියාව, පේරු, උරුගුවේ හා ඉතියෝපියාව යන රටවල තානාපතිවරු හා රාජතාන්ත්‍රික නිලධාරීහු ද වූහ.

 

වෙසක් උත්සවයෙහි උදෑසන වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ වූයේ ගංගොඩවිල අරියගවේෂී, ගංගොඩවිල ශාන්තමන්ස හා බතීගම මෙන්තජි යන හිමිවරුන් විසින් මෙහෙයවනු ලැබූ සීල හා ධර්ම දේශනා වැඩසටහන් සමඟිනි. ගංගොඩවිල අරියගවේෂී හිමියෝ පිරිස පංච සීලයෙහි පිහිටුවීම සිදුකළහ. එමෙන්ම චීන බෞද්ධ සංගමයේ උපසභාපති වන යැන් ජු නමැති චීන භික්ෂුව චීන බෞද්ධාගමට අනුව ධර්ම සජ්ඣායනාවක් ද සිදුකළහ. අනතුරුව පිරිස ඇමතූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා වෙසක් උත්සවයෙහි වැදගත්කම පිළිබඳව සඳහන් කරමින් පැමිණ සිටි විදෙස් රාජතාන්ත්‍රික නිලධාරීන් ඒ සම්බන්ධව දැනුවත් කිරීමට ද කටයුතු කළේය.


මෙම වෙසක් උත්සවයට සමගාමීව අලංකාර වෙසක් කූඩු ප්‍රදර්ශනයක් හා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ විශේෂ අවස්ථා දැක්වෙන ඡායාරූප ප්‍රදර්ශනයක් ද පැවැත්වුණු අතර තානාපති කාර්යාල කණ්ඩායම, ටියන්ජියන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, බෙයිජින්වල සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා සිංහල භාෂාව ඉගෙන ගන්නා චීන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉදිරිපත් කළ වෙසක් බැති ගී ගායනා අංගයට ද පැමිණ සිටියවුන්ගේ විශේෂ අවධානයක් යොමුවූ ආකාරයක් දැක ගන්නට ලැබිණි.


ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් විසින් සූදානම් කරනු ලැබ තිබූ බෙලිමල් දන්සැලට හා ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමක් පැවැත්වූ නිදහස් වෛද්‍ය සායනයට ද ආරාධිතයන් උනන්දුවෙන් සහභාගි වෙනු දැක ගන්නට ලැබිණි. මෙම වෙසක් උත්සවයට සහභාගිවූවන් වෙනුවෙන් නොමිලේ ලබාදීම සඳහා බෞද්ධාගම පිළිබඳ තොරතුරු ඇතුළත් සඟරාවක් අනුර බණ්ඩා මහතා විසින් ද ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ඇතුළත් සීඩී පටයක් තානාපති කාර්යාලයේ දෙවැනි ​ෙල්කම් ඉනෝකා වීරසිංහ මහත්මිය විසින් ද සකස් කරනු ලැබ තිබිණි.

 

 

 

 


සටහන: උපුල් වික්‍රමසිංහ
චීනයේ බෙයිජින් නුවර සිට

 

 



අදහස් (0)

සම්බුදු ​තෙමඟුල නිමිත්තෙන් චීනයේ පැවැත්වූ වෙසක් උළෙල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site