

ලොව තෙවැනි තැනට විශාල ජන සමූහයක් සහභාගි වෙන උත්සව ලෙස ලේඛන ගත වී ඇති, කතානියා නගරයේ ආරක්‍ෂිකාව වන සාන්ත අාගතා මුණිතුමිගේ මංගල්‍යය ඉතාලි ජාතිකයන් විසින් පෙබරවාරි මස සමරනු ලැබේ. දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයකින් සිටි අැය ප්‍රාණ පරිත්‍යාගි වී ඇත්ෙත් පෙබරවාරි 5 වැනිදාවකය.
මා මේ ලියන්නට සැරසෙන්නේ ඒ ගැන නොවේ. එදිනට කතානියා වෙසෙන ශ්‍රී ලාංකික තරුණ දරුවන් කරන උදාර කර්තව්‍යයක් පිළිබඳවය.
එදිනට සාන්ත අාගතා ප්‍රධාන දේවස්ථානයේ සිට කිලෝමීටර් දෙකකටත් අඩු දුරක් සාන්ත ආගතා ප්‍රතිමාව රැගෙන වීදි පෙරහැර ගමන් කිරීමට පැය දහයකටත් වැඩි කාලයක් ගතවේ. මෙම අවස්ථාවේ පෙරහැරේ ගමන් කරන ජනතාවට පානීය ජලය ලබාදීමට ශ්‍රීලාංකික තරුණ දරුවන් කටයුතු කරයි. මෙයට වසර 4කට පෙර, එනම් 2015 දී ප්‍රගීත් පෙරේරා තරුණ මහතා ප්‍රමුඛත්වය ගෙන, තරුණ/ තරුණියන් එකතු කරගෙන මෙය ආරම්භ කළේය. එදින වතුර බෝතල් 4800ක් බෙදා දුනි. මෙම වතුර බෝතල් මිලදී ගැනීමට ආගම් භේදයකින් තොරව කතානියා වෙසෙන ජනතාව දායකත්වය ලබා දේ. පසුගිය 5 වැනිදා 4 වැනි වරටත් කරනු ලැබූ එම පුණ්‍යකර්මය සඳහා පානීය වතුර බෝතල් 8150ක් ලබාදීමෙන් කතානියා ජනතාව තම සහයෝගය දක්වා ඇත. එමෙන්ම රෙඩ්බුල් පොඩි ටින් 500ක් එම ආයතනයෙන්ම ලබා දී ඇත.
මෙය ඉතාලි ජාතිකයන්ගේ ප්‍රශංසාවට ලක්විය. එක පැත්තකින් තව කෙනෙකුගේ පිපාසය සංසිඳුවීම පිනකි. අනික් පැත්තෙන් තරුණ දරුවන් එක් වී මෙවැනි දේ කිරීම ශ්‍රී ලාංකීය නමටද ආඩම්බරයකි. මෙම අවස්ථාව ගැන අදහස් දක්වමින් ප්‍රගීත් මහතා පැවසුවේ, ඔහුට අවශ්‍ය වූයේ මෙහි සිටින තරුණ ළමයින් එකතු කරගෙන, ඔවුන්ව ඉදිරියට ගෙන එමින් සමාජ මෙහෙවරක යෙෙදන්නට බවයි. තව ඉදිරියේදී තවත් තරුණ තරුණියන් සහභාගි කරගෙන පුළුල්වූ සමාජ මෙහෙවරක යෙදෙන්නට ඔහු බලාපොරොත්තු වේ.
අවසාන වශයෙන්, එදින ජලය ලබාදී සහයෝගය දැක් වූ කතානියා සියලුම ජනතාවට සහ රෑ නිදි වරා එය බෙදාදීමට උදව් වෙමින් ඔවුන් සමඟ සිටි සියලුම දෙනාටත් ප්‍රගීත් පෙරේරා තරුණ කැල තම ස්තුතිය පළ කර සිටි.

කාන්ති රතුගම
කතානියා.
2025 දෙසැම්බර් මස 04
471
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
465
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාන්ත ආගතා මංගල්‍යය වෙනුවෙන් කතානියා තරුණ කැල වෙතින් පානීය ජලය