
සෞදි අරාබියේ නැගෙනහිර මධ්‍යම සහ බස්නාහිර පළාත් ඒකාබද්ධව සංවිධානය කරන ලද ටෝස්මාස්ටර් මහා තරගාවලියේ පළමු ස්ථානය නැගෙනහිර (දමාමි) තැප්‍රෝබේන් (TAPROBENE) ටෝස්මාස්ටර් සමාජයේ ශ්‍රී ලාංකික සාමාජිකාවක් වන මිනුරි විජේසේකර මෙනවිය විසින් දිනා ගන්නා ලදී.
ටෝස්මාස්ටර් සමාජ තුන්සියයකින් යුත් සාමාජික සාමාජිකාවන් දසදහසක් සහභාගි වූ මෙම මහා තරගාවලියෙන් අවසන් පූර්ව වටයට පැමිණි විසිදෙනා සඳහා අවසාන තරගය පසුගිය මැයි 18, 19 සහ 20 වනි දිනවල රියාද් නුවර ප්‍රින්සස් ගුරා බින් අබ්දුල් රහමන් විශ්වවිද්‍යාලයේදී පැවැත්වූයේ එහි විධායක නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙනි.
ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැති මෙම තරගාවලියේදී දසදහසක් සාමාජික සාමාජිකාවන් අතරින් අවසාන පූර්ව වටයෙන් ජයග්‍රහණය කළ විසිදෙනා අතුරින් ඉංග්‍රීසි හාස්‍ය දනවන කතා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නැගෙනහිර පළාත නියෝජනය කරමින් තැප්‍රෝබේන් ටෝස්මාස්ටර් සාමාජික මිනුරි විජේසේකර මෙනවිය ජයග්‍රහණය කිරීම විශේෂිත විය. අදාළ ත්‍යාග සහ සහතික පත් ටෝස්මාස්ටර් සමාජයේ විධායක නිලධාරී ඩැනියෙල් රක්ස් මහතා අතින් පිරිනැමිණ. මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා ද සහභාගි විය.
සෞදි අරාබියේ මෙතෙක් පැවැති ටෝස්මාස්ටර් තරගාවලියකින් ශ්‍රී ලාංකික සාමාජිකාවක් ප්‍රථම සථානය ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වන බවත් ඇයගේ ජයග්‍රහණය පිළිබඳව සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සුබ පතන බවත් ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා පැවැසීය.
ලලිත් ප්‍රේමලාල්
2025 දෙසැම්බර් මස 30
51
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
717
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සෞදි ටෝස්මාස්ටර් තරගයෙන් ශ්‍රී ලංකාවේ මිනුරිට පළමු තැන