IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සෞදියේ නැගෙනහිර පළාත නත්තල් සිරියෙන් බැබලෙයි

 

 

සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් මෙවරත් නත්තල් සැමරුම වෙනුවෙන් නත්තල් ප්‍රසංගයක් පසුගිය සිකුරාදා (20) අල් කොබාර් රිසායඩ් උත්සව ශාලා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. 


සිකුරාදා සවස හයේ සිට මධ්‍යම රාත්‍රියත් පසු වෙන තෙක් පැවති මෙම නත්තල් ප්‍රසංගයේ විශේෂ ආරාධිත ලෙස සහභාගිවූ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අසමි තාසිම් මහතා ප්‍රසංගය අවසන් වනතෙක්ම රැඳී සිටි අතර මෙම නත්තල් සැමරුම් උත්සවය සඳහා විශාල පිරිසක් සහභාගිවී සිටියහ. කිතුණු බැතිගී ඇතුළු නර්තන ගර්තන මෙන්ම කුඩා ළමුන් විසින් ගායනා කරන ජේසු සමිදානන් වෙනුවෙන් ගායනා කිහිපයක්ම පවත්වනු දක්නට ලැබුණු අතර මේ සියලු‍ අංගයන් සඳහා වාධ්‍ය වෘන්දයෙන් මනමෝහනිය සංගීතය සැපයුවේ සෞදි අරාබියේ ජනාදරයට පාත්‍රවූ අති දක්ෂ සංගීත කණ්ඩායමක්වූ ප්‍රසන්න අසේල මහතාගේ නායකත්වයෙන් යුත් සෙරන්දිබ් මාදක මඩුල්ල විසිනි. 
නත්තලේ ප්‍රධාන අංගයක්වූ නත්තල් සීයාගේ පැමිණීම සහ කුඩා දරු දැරියන් වෙනුවෙන් විවිධ ත්‍යාග සහ රසකැවිලි බෙදා දීමද කැපී පෙනුන අංගයක්වූ අතර සෙරන්දිබ් වාදක මඩුල්ල සමගින් ආධුනික ගීත ප්‍රසංගයක්ද අැරඹුණේ ඉන් අනතුරවය. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් ශ්‍රී ලාංකික ආධුනික ගායක ගායිකාවන් ගායනයෙන් සහ රංගනයෙන් දැක්වූ දක්ෂතාවන් වෙනුවෙන් පැමිණි සිටි පිරිස ඔල්වරසන් දෙමින් දැක්වූ ප්‍රතිචාරය කාගේත් සතුටට හේතු විය. 


මෙම නත්තල් ප්‍රසංගය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ශ්‍රී ලන්කන් ගුවන් සේවය දක්වා තිබූ අතර ඒ සඳහා සෞදි අරාබියානු කළමනාකාර සමන්ත නාගහවත්ත මහතා සහභාගී විය. අනිකුත් අනුග්‍රාහකයින් අතර NSB ටෙලි මනි ආයතනය වෙනුවෙන් මොහොමඩ් උවයිස් මහතාද ABT කාර්ගෝ ආයතනය වෙනුවෙන් ජෝයි ප්‍රනාන්දු මහතාද කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එම බැංකුවේ නියෝජිත මහතාද සහභාගී වූහ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නිරන්තරයෙන් මූල්‍යමය දායකත්වය ලබාදෙන රවින්ද්‍රනාත් මහතාගේ සහභාගීත්වය අගය කළයුතු අතර සියලු‍ම සංගීත මෙවලම් නොමිලේ ලබාදීමට ඉදිරිපත්වූ චාලි තලයරත්න මහතාගේ අනුග්‍රාහකත්වය මිල කළ නොහැකි බවද නැගෙනහිර කලාපීය සංසදයේ ලේකම් යසන්ත පීරිස් මහතා පැවසීය. 

 

 

 


ලලිත් ප්‍රේමලාල් 
දමාම් සිට



අදහස් (0)

සෞදියේ නැගෙනහිර පළාත නත්තල් සිරියෙන් බැබලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site