IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මිලානෝහිදී සිංහලෙන් කතා කළාට ශ්‍රී ලාංකිකයකුට පහරදී අතපය කඩයි

ජුලි මස විසිහතර වැනිදා මිලානෝ නගරයේ වීදියක තම ජංගම දුරකථනයෙන් සිංහලෙන් කතා කරමින් ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයකුට සිංහලෙන් කතාව නොරිස්සූ ඉතාලි ජාතිකයකු විසින් පහර දී, අතපයට බරපතළ හානි සිදුකර ඇති බව මිලානෝ පොලිස් මූලස්ථානය වාර්තා කරයි. 


පොලිස් වාර්තාවට අනුව, ජුලි මස විසිහතර වැනිදා පස්වරු එකයි තිහට පමණ මිලානෝ නගරයේ වීදියක ජංගම දුරකථනයෙන් සිංහලෙන් කතා කරමින් ගමන් කරමින් සිටි හතළිස් දෙහැවිරිදි ශ්‍රී ලාංකිකයකුට, සිංහලෙන් කතාව නොරිස්සූ ඉතාලි ජාතිකයකු විසින් සිංහල කතාව නතර කරන ලෙස පිහියක් පෙන්වා තර්ජනය කර ඇත. මෙම අවස්ථාවේ තර්ජනකරු නිරායුධ කිරීමට දැරූ උත්සහයේ දී ශ්‍රී ලාංකිකයා බිම ඇදවැටී ඇත. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කළහකරු ශ්‍රී ලාංකිකයා මතට පැන පහර දී අතට සහ පාදයකට බරපතළ හානි සිදුකර පලාගොස් ඇත. 


පසුව පොලීසිය සහ ගිලන්රථ සේවා මැදහත්වීමෙන් තුවාලකරු මිලානෝ නගරයේ ප්‍රධාන රෝහලකට ප්‍රථමාධාර සඳහා ඇතුළත් කර ඇති අතර, සිද්ධිය දුටුවන්ගේ සාක්ෂි මත පහරදුන් ඉතාලි ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත. මොහු නාපෝලි ප්‍රදේශයේ කසෙර්තා නගරයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයකු බව හෙළිවී ඇත. 


පහරකෑමට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ එක් අතක වැලමිටේ සහ පාදයක දණහිස කටු පුපුරා ගොස් ඇති බැවින් දින හතළිහක කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවීමට සිදුව ඇති අතර, පහර දුන් ඉතාලි ජාතිකයා ඇප මත මුදාහැර ඇති බව මිලානෝ පොලිසිය වැඩිදුරටත් කියයි. 

 

 

 


කල්ප ගුරුගේ. 
මිලානෝ.  

 



අදහස් (0)

මිලානෝහිදී සිංහලෙන් කතා කළාට ශ්‍රී ලාංකිකයකුට පහරදී අතපය කඩයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 38 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 126 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site