මොනාලිසා කිසි කලෙක දීර්ඝ කාලීනව මුනිවත රකින්නේ නැත. ඉතාලි ජාතික ලෙනාඩෝ ඩා වින්චි විසින් 1503 දී සිතුවම් කරන ලද මොනාලිසා චිත‍්‍රය තරම් ලොව කතාබහට ලක්වෙන වෙනත් කිසිම චිත‍්‍රයක් නැති තරම් ය. මෙවර ලෝක පාපන්දු ශුරතාව ප‍්‍රංශය හිමිකර ගැනීමත් සමගම කිසිවකු විසින් මොනාලිසා චිත‍්‍රයට ජයග‍්‍රාහී ප‍්‍රංශ පාපන්දු කණ්ඩායමේ නිල බැනියම අන්දවා අන්තර්ඡාලයට මුදාහැර තිබීම, මොනාලිසා කතිකාවත යළිත් අලුත්කරවා ඇත.
ඉතාලි ජාතිකයෝ තවමත් එම චිත‍්‍රය මොනාලිසා නමින් හැඳින්වීමට අකමැතිය. ඔවුන් එය හඳුන්වන්නේ ජොකොන්දා නමින්ය. මොනාලිසාගේ සැබෑ නම ලිසා ගෙරර්දීනීය. ඇය විවාහවී සිටියේ ෆිරෙන්සියේ එවකට සුප‍්‍රසිද්ධ ව්‍යාපාරික ෆ‍්‍රැන්සිස්කෝ ජොකොන්දා සමගය. ඉතාලි ජාතිකයෝ ලෙනාඩෝ ඩා වින්චිගේ උක්ත චිත‍්‍රය තවමත් හඳුන්වන්නේ ඇගේ වාහක සැමියාගේ වාසගමිනි.
ඉතාලි ජාතිකයෝ තවමත් මොනා ලීසා චිත‍්‍රයේ අයිතිය තමන් සතු බව කියති. මෙයට පදනම් වෙන්නේ එම චිත‍්‍රය සිතුවම් කළ ලෙනාඩෝ ඩා වින්චි ඉතාලි ජාතිකයකු වීමය. එහෙත් ලෙනාඩෝ ඩා වින්චි විසින් ම එම චිත‍්‍රය ප‍්‍රංශයේ දී මුදලට විකුණා දැමූ චිත‍්‍රයක් වෙන බැවින්, ඉතාලි ජාතිකයන්ගේ උක්ත තර්කය පදනම් විරහිතය.
තම බිරිඳ වූ ලීසාගේ චිත‍්‍රයක් අඳින ලෙස ලෙනාඩෝ ඩා වින්චිට භාරදී තිබුණේ ඇගේ සැමියා විසින් මය. ජොකොන්දා ඇණවුමක් මත අඳින ලද චිත‍්‍රයක් වූ බැවින්, සිතුවම නිමා වූ පසුව ඇණවුම්කරුට එය භාරදිය යුතුව තිබුණි. එහෙත් චිත‍්‍රය ඇණවුම්කරුට බාරදී තිබුණේ නැත. ලෙනාඩෝ ප‍්‍රංශයට සංක‍්‍රමණය වෙන විට ජොකොන්දා චිත‍්‍රය තමන් සමග එහි රැගෙන ගොස් තිබුණේ ඒ නිසාය. මේ පිළිබඳව අවධානය යොමුකරන ඇතැමෙකු පවසන්නේ, ලීසාගේ සැමියා වූ ෆ‍්‍රැන්සිස්කෝ ජොකොන්දා තම බිරිඳගේ සිතුවම පිළිබඳව සෑහීමකට පත්නොවූ බැවින් එය භාර නොගන්නට ඇති බවය. මෙම චිත‍්‍රය ලීසාගේ සැබෑ රූපය හා නොසැසදෙන්නට ඇතැයි ඔවුහු කියති. මහා හඬකින් නොකීව ද, චිත‍්‍ර පිළිබඳ ඇතැම් විචාරකයන් කියන්නේ මොනාලිසා චිත‍්‍රයේ අඩුපාඩු රැසක් ඇති බව ය. ලෙනාඩෝ් ම වුව ද මෙම චිත‍්‍රය පිළිබඳව සෑහීමකට පත්ව සිටියේ නැත. මොනාලිසා චිත‍්‍රය පිළිබඳව මෑතක දී කරන ලද එක්ස් කිරණ පරීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ, පසුකාලීනව ලෙනාඩෝ ඩා වින්චි විසින්ම මෙම චිත‍්‍රයේ වෙනස්කම් කීපයක් කර ඇති බව ය.
ලෙනාඩෝ ඩා වින්චි විසින් ජොකොන්දා චිත‍්‍රය 1516 දී එවකට ප‍්‍රංශයේ රජකම දැරූ චිත‍්‍ර ලෝලියෙකු වූ පළමුවැනි ෆ‍්‍රැන්සිස්ට රං කාසි හාරදහසකට විකුණා දමා ඇත. ජොකොන්දා මොනාලිසා වූයේ එතැන් පටන් ය. රජ පවුල සතුව තිබුණු මෙම චිත‍්‍රය ප‍්‍රංශ විප්ලවයෙන් පසුව කෞතුකාගාර භාරයට පත්ව ඇත. නැපෝලියන් බොනපාට් බලයට පත්වීමෙන් පසුව මෙම චිත‍්‍රය ගෙන ගොස් කෙටි කලක් තම යහන් ගබඩාවේ තැන්පත් කර තිබුණු බවක් ද කියැවේ.
මොනාලිසා චිත‍්‍රය පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තිබිය දී, 1915 දී ඉතාලි ජාතිකයකු විසින් එය සොරාගෙන ඉතාලියට නැවත රැගෙනවිත් තිබුණි. සිකුරාදා සවස කරන ලද මෙම සොරකම කෞතුකාගාර භාරකාරත්වය හෙළිකරගෙන තිබුණේ සඳුදා පෙරවරුවේ ය. ඒ වෙන විට චිත‍්‍රය ප‍්‍රංශයෙන් පිටමංව තිබුණි. එහෙත් මාස විසි අටකට පසුව මෙම චිත‍්‍රය ෆිරෙන්සියේ සඟවා තබා තිබිය දී නැවත සොයාගෙන, 1914 දී යළි ප‍්‍රංශයට ම භාර දී ඇත.
ලිසා ගෙරර්දීනී උපත ලබා තිබුණේ 1479 ජුනි මස පහළොස්වැනිදා ය. ඇය ලෙනාඩෝ ඩා වින්චි ඉදිරිපිට චිත‍්‍රය සඳහා මුහුණ දෙන විට ඇගේ වයස අවුරුදු විසිහතරකි. එහෙත් චිත‍්‍රයෙන් පෙනෙන්නේ වයසට වඩා මේරූ කාන්තාවකගේ රූපයකි. මීට වසර කීපයකට පෙර මොනාලිසා චිත‍්‍රය පරීක්ෂා කළ වෛද්‍යවරු කණ්ඩාමක් ප‍්‍රකාශ කළේ, ලිසා ගෙරර්දීනීගේ රුධිරයේ කොලැස්ටරෝල් ඉතාම ඉහළ මට්ටමක පවතින්නට ඇතුවාට සැකයක් නැති බවය. ඇය මියගියේ 1542 ජූලි මස පහළොස්වැනිදා ය. ඒ වෙන විට ලිසාගේ වයස අවුරුදු හැට තුනකි. මියයන විට ඇය දරු පස්දෙනෙකුගේ මවකි. ඇගේ ගැහැනු දරුවන් දෙදෙනම කන්‍යාසොහොයුරියන් බවට පත්ව සිටියෝ ය. ලිසා ගෙරර්දීනීගේ සිරුර ෆිරෙන්සි නගරයේ සාන්ත ඔර්සොලා කන්‍යාරාමයේ සාන්ත මරියා නොවෙල්ලා බැසිලිකාව තුළ භූමිදාන කළ බව පැරණි ලේඛන පෙන්වා දෙයි. 2015 වසරේදී මෙම බැසිලිකාව තුළ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ලිසා ගෙරර්දීනිගේ අස්ථි ශේෂ සොයාගෙන ඇත.
මොනාලිසා දිර්ඝ කාලීනව නිහඬව සිටින්නේ නැත. මේ දිනවල ඇය පිළිබඳව පවතින කතාබහ වුවද තව නොබෝ දිනකින් නිහඬ වෙනු ඇත. එහෙත් ඒ නිහඬ බව දිගුකල් රැකීම ඇගේ සිරිත නොවේ. මීළඟ වාරයේ දී ඇය කුමන මාතෘකාවක් මත කතාකරනු ඇත්දැයි අපි බලා සිටිමු.
යටියන,
ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.
කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙ
සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික
සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම
මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘‘මොනාලිසා’’ නොනිමි වෘත්තාන්තය