දෙදහස් විස්ස නව අවුරුදු උදා වුණ
හා හා පුරා නව වසරේ පළමු දින
පෙළුණ මෙමා දරුණුම රෝගයෙන් උණ
නැවතුනි ජෙනල්ලී රෝහලෙ දිනක් තුන
අවුරුදු වුණත් එම රෝහල පුරා වට
පිරිලා ලෙඩ්ඩු ඇත අසරණ විලා සෙට
ගහනා අඳෝනා නගනා විලා පෙට
පිස්සන් කොටුව අංගොඩ සිහිවුණා මට
මියගිය කෙනෙකු ළඟ මරහඬ තලයි කෙනෙක්
අඬනව තව කෙනෙකු දැක පණ අදින ලෙඩෙක්
පෙනෙනව වෙදැදුරන්ගේ මුහුණුවල බරක්
බුදු බණ අනුව සංසාරය පුදුම දුකක්
කුණු හරුපයෙන් සමහරු දොස්තරට බණී
තවෙකෙක් මරු වැහී හෙදියගෙ ඇඟට පනී
නඟනව අඳෝනා මර බිය සිතට දැනී
සංසාරයේ හැටි මේ බුදු පියා ණනී
ගත වේදනා දුනි ලෙඩ විත් එකින් එක
අසරණ වුණා දුබලව සිත ටිකෙන් ටික
මරණයෙ වේදනාවන් මගෙ ඇහින් දැක
මට වැටහුණා සංසාරයෙ ගමන් දුක
කඩියන් වගෙයි දොස්තර හෙද හෙදියො හැම
ඔවුනගෙ අතින් වෙන සේවය නොමැත නිම
මොහොතක පමාවෙන් මැසිවිලි නඟයි හැම
මිහිපිට දෙවිවරුය දොස්තරවරුන් මෙම
කාව්‍ය කෝකිල සම්මානලාභී
ප්‍රේමා කංකානම්ගේ - රෝමය ඉතාලිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd