IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කැනඩාවේ කංසා භාවිතයට තිබූ තහංචිය අහෝසි කරයි

තමන්ගේ පාවිච්චියට වවාගන්නත් පුළුවන්

මාත්‍රාව ඉක්මවා ගිය අවභාවිතය හැරුණු විට ඖෂධීය ශාකයක් ලෙස සලකා කංසා වගාවට, වගා නඩත්තුවට, භාවිතයට සුදුසු අන්දමින් සැකසීමට හා කොන්දේසි කීපයකට යටත්ව වෙළෙඳාමට හා භාවිතයට ද මුළු රටටම බලපාන අයුරින් අවසර දෙමින්, ජුනි මස විසි වැනිදා කැනඩාව පාර්ලිමේන්තු පනතක් සම්මත කර ඇත. කැනඩානු අගමැති ජස්ටින් ටෲඩෝ විසින් තම ඡන්ද ව්‍යාපාරයේදී දෙන ලද පොරොන්දුවකට අනුව 2017 අප්‍රේල් මස “සී 45” යන සංකේත අංකය යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කංසා පනත, පසුගියද‌ා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබමින් කැනඩානු සෙනෙට් සභා අනුමැතිය ලැබී ය. 


පාර්ලිමේන්තු පනතක් මගින් අනුමැතිය ලද කැනඩාවේ කංසා අවසරයට අනුව කංසා වගාව, වගා නඩත්තුව, පාවිච්චිය සඳහා සැකසීම සඳහා රජයේ හෝ ප්‍රාදේශීය නගරසභා ලිඛිත අවසරයක් ලබාගත යුතුවෙනු ඇත. කංසා අලෙවිය රජය මගින් හෝ රජයේ බලයලත් වෙළෙඳ නියෝජිතයන් මාර්ගයෙන් සිදුවෙනු ඇත. කැනඩාවේ කංසා අලෙවිය දුම්කොළ හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සහ මත්පැන් අලෙවිසැල්වලට පැවරීමේ යෝජනාවක් ද මේ වෙනවිට ඉදිරිපත්ව ඇත. 


වයස අවුරුදු දහඅටට අඩු බාලවස්කාරයන් හට කංසා මිලට ගැනීම තහනම් කෙරේ. එක් අයකුට වරකට මිලට ගතහැකි උපරිම කංසා ප්‍රමාණය ග්‍රෑම් තිහකට පමණක් සීමා වෙනු ඇත. 


කංසා වගාවට සහ භාවිතයට අවසර දෙමින් කැනඩාව නීතිරීති සම්පාදනය කළ ද මාත්‍රාව ඉක්මවා භාවිතයෙන් රියපදවන හෝ සමාජයට හෝ පරිසරයට අහිතකර අන්දමින් හැසිරෙන පුද්ගලයන්ට නීතිය මගින් නිසි දඬුවම් දීමට ද කැනඩාව පසුබට නොවෙන බව ප්‍රකාශිත ය. 


ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරු ප්‍රදේශයේ කංසා අවසරය ලද ප්‍රාන්ත නවයක පසුගිය වසර තුළ කංසා අලෙවියෙන් ලබා ඇති ලාභය ඩොලර් බිලියන නවයක් බව වාර්තා වේ. මේ අනුව කංසා වගාව හා අලෙවිය ලාභදායී ව්‍යාපාරයක් බැවින්, ඒ සඳහා අවසරය ලබාගැනීමට ඉදිරි දිනවලදී අයැදුම්පත් ගලා එනු ඇතැයි කැනඩානු රජය බලාපොරොත්තු වේ. 


මුළු රටටම බලපාන ලෙස කංසා වගාව හා පාවිච්චිය නීතිගත කරන ලද ලොව දෙවැනි රට ලෙස කැනඩාව වාර්තාගත වෙනු ඇත. කංසා වගාව, සැකසීම හා භාවිතය නීත්‍යානුකූල කරන ලද පළමු රට ලෙස වාර්තා වෙන්නේ උරුගුවේ රාජ්‍යයයි. පාර්ලිමේන්තු පනතක් මගින් ලද කංසා අවසරය කැනඩාවේ ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මස 17 වැනිද‌ා සිටය. 

 

උරුගුවේ රාජ්‍යය කංසා භාවිතය නිත්‍යනුකූල කළ අවස්ථාවේ එරට ජනයා ප්‍රීති ඝෝෂා පවත්වමින් වීදි බැස සිටි අයුරු.

 

 

 

 


යටියන ක්ලැරන්ස් කොස්තා. 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය. 



අදහස් (0)

කැනඩාවේ කංසා භාවිතයට තිබූ තහංචිය අහෝසි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site