IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ඉතාලි ප්‍රංශ දේශ සීමා තරණයේදී ලිංගික අල්ලසට යටවෙන අප්‍රිකානු බාල වයස්කාරියෝ

 

ඉතාලියේ නව රජය සරණාගතයන් සම්බන්ධව අන්තවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. යුරෝපා හවුලට අයත් බොහෝ රටවල් ඉතාලියේ මේ ස්ථාවරය පිළිබඳව ප්‍රසාදයක් දක්වන්නේ නැත. සරණාගතයකු මුලින්ම ගොඩබසින රට ඒ සරණාගතයා පිළිබඳව සියලුම වගකීම දැරිය යුතු බවට යුරෝපා හවුලේ රටවල් අතර සම්මුතියක් ඇතුව ද, ලිබියාවත් ඉතාලියත් අතර මුහුදු තීරයේදී අනතුරට පත්ව බේරාගනු ලබන සරණාගතයන් භාර ගැනීම දැන් ඉතාලිය තරයේම ප්‍රතික්ෂේප කරයි. ඉතාලිය සරණාගතයන් වෙනුවෙන් දක්වන මේ දැඩි ප්‍රතිපත්තිය නිසාම, දැනට ඉතාලියට සංක්‍රමණය වී සිටින සරණාගතයෝ ඉතාලියට මායිමේ යුරෝපයේ වෙනත් රටවලට යාමට වෙර දරති.   


දිනෙන් දින සංක්‍රමණය වෙන සරණාගතයන්ගේ සංඛ්‍යාව වැඩිවෙන බැවින්, ප්‍රංශය ද සරණාගතයන් සම්බන්ධව රළු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අරඹා ඇත. මේ හේතුවෙන් ඉතාලියේ සිට ප්‍රංශයට සංක්‍රමණය වීමට වෙර දරන අප්‍රිකානු සරණාගතයින්, ඉතාලි ප්‍රංශ දේශ සීමාවේ ඉතාලි භූමියට අයත් වෙන්තිමීලියා නගරයේ සිර වී සිටිති.   


ජාත්‍යන්තර මිනිස් ජාවාරමට එරෙහි දිනය ලෙස නම්කර ඇති ජූලි මස තිස්වැනිදා ජාත්‍යන්තර සේව් ද චිල්ඩ්‍රන් ආයතනය විසින් නිකුත් කරනු ලැබ ඇති වාර්තාවේ අඩංගු ඇතැම් කාරණා, වෙන්තිමීලියාහි අප්‍රිකානු සරණාගතයන්ගේ ඛේදවාචකය හෙළිකරයි.   


ජාත්‍යන්තර සේව් ද චිල්ඩ්‍රන් ආයතන වාර්තාවට අනුව, ඉතාලි - ප්‍රංශ දේශ සීමාවේ සිරව සිටින අප්‍රිකානු සරණාගතයකු “හොර පාරෙන්” ප්‍රංශයට ඇතුළු කරවීම සඳහා මිනිස් ජාවාරම්කරුවෝ යුරෝ පනහත් යුරෝ එකසිය පනහත් අතර මුදලක් අයකරති. ඉතාලි ප්‍රංශ දේශ සීමාවේ රාජ්‍ය නොවෙන ආයතන විසින් අටවා දී ඇති කූඩාරම්වල ලගිමින්, පුණ්‍ය ආයතන විසින් ඉඳහිට හෝ සපයා දෙනු ලබන ආහාරයෙන් ජීවිතය ගැටගසා ගන්නා සරණාගතයන් අත තුට්ටුව නැත. හොර පාරෙන් ප්‍රංශයට ඇතුළුවීම සඳහා ජාවාරම්කරුවන් විසින් ඉල්ලනු ලබන මුදල ඔවුන්ට සිහිනයක් පමණි. මේ වාතාවරණය තුළ ඉතාලි මාෆියා කණ්ඩායම් සහ මිනිස් ජාවාරම්කරුවන් විසින් සරණාගත කාන්තාවන් රවටා, ලිංගික වහලියන් බවට පත්කර ගන්නා බව දැන් හෙළිවී ඇත.   


මේ වසරේ මැයි මස තිස්වැනි දින කර ඇති සංගණනයට අනුව, 2018 වසරේ මුල් හය මාසය තුළ පමණක් ඉතාලියේ සරණාගත කඳවුරුවලින් පලාගොස් ඇති බාලවයස්කාරයන්ගේ සංඛ්‍යාව හාරදහස් පන්සිය හැත්තෑවකි (4,570). පසුගිය 2017 මුළු වසර තුළම මෙසේ සරණාගත කඳවුරුවලින් පැනගොස් ඇති සරණාගත බාලවයස්කාරයන්ගේ සංඛ්‍යාව 1,313 ක් පමණි. 2018 වසරේ මුල් හය මාසය තුළ ඉතාලි කඳවුරුවලින් පැනගොස් ඇති බාලවයස්කාරයන්ගේ ප්‍රතිශතය කඳවුරුගත බාලවයස්කාරයන්ගෙන් සියයට පනස් හතරකි. මේ ප්‍රතිශතය අතර අප්‍රිකානු නොවෙන, ඇෆ්ගනිස්ථානු සරණාගත බාලවයස්කාරයෝ සියයට දහයකි.   


මිනිස් ජාවාරම්කරුවෝ විවිධ වේශයෙන් සරණාගත කඳවුරු තුළට ම පැමිණ, කාන්තාවන් සහ බාලවයස්කාර දැරියන් රවටා පිටමං කරගන්නා අවස්ථාවන් ද ඇති බව වාර්තා වේ. ලිංගික වහලියන් බවට පත්කර ගැනීම සඳහා මෙසේ රවටාගෙන යාමට වඩාත්ම ගොදුරු වෙන්නේ නයිජීරියානු බාලවයස්කාරියන් බව ද හෙළිවී ඇත. වාර්තාවන්ට අනුව, දැනටමත් අප්‍රිකානු සරණාගත බාලවයස්කාර දැරියන් එක්දහස් නවසිය හතරදෙනෙකු ලිංගික වහලියන් බවට පත්ව ඇත. මෙම සංඛ්‍යාවෙන් එකසිය හැටක්ම වයස අවුරුදු දහතුනට අඩු දැරියන් බව උක්ත වාර්තා කියයි. තවත් ලිංගික වහලියන් එක්දහස් හත්සිය හතළිස් හතරක් (1,744) තමන් බාලවයස්කාරියන් නොවෙන බව ප්‍රකාශ කර ඇතුවද, ඔවුන් මෑතක වැඩිහිටි බවට පත් නෑඹුල් දැරියන් බව ජාත්‍යන්තර සේව් ද චිල්ඩ්‍රන් ආයතනය කියයි.   


ප්‍රංශ - ඉතාලි දේශ සීමා මායිමේ ඉතාලියට අයත් භූමියේ වෙන්තිමීලියා නගරය අසල රෝයා නදිය අසබඩ සරණාගතයින් විසින් අටවාගෙන තිබුණු කූඩාරම් ඉතාලි රජයේ මැදහත්වීමෙන් කඩා ඉවත් කිරීමත් සමගම, ප්‍රංශයට සංක්‍රමණය වීමට මාන බලමින් එහි සිටි සරණාගතයන්ගේ තත්ත්වය තවත් ඛේදනීය වී ඇත. මේ හේතුවෙන් මහ මග ලගින සරණාගත කාන්තාවන් සහ බාලවයස්කාරියන් සංවිධානාත්මක ලිංගික අපචාරකරුවන්ගේ පහසු ගොදුරු බවට පත්ව ඇත. මෙම ශෝචනීය තත්ත්වය වැළැක්වීම සඳහා වහාම නිසි පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර සේව් ද චිල්ඩ්‍රන් ආයතනය ඉතාලි රජයට බල කරයි.   


ඉතාලි ප්‍රංශ දේශ සීමාවේ වෙන්තිමීලියා නගරයේ අවතැන්ව සිටින සරණාගත කාන්තාවන් පිරිසක් ඡායාරූපයන්ගෙන් දැක්වේ.   

 

 


යටියන - ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.



අදහස් (0)

ඉතාලි ප්‍රංශ දේශ සීමා තරණයේදී ලිංගික අල්ලසට යටවෙන අප්‍රිකානු බාල වයස්කාරියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පූර්ණ යුද්ධයක්ද සැත්කම් මහරක්ද
2025 මැයි මස 08 24 0

මාතෘකාව - ඉන්දියාව හා පාකිස්ථානය, පොදු වචන කාශ්මීරය හා යුද්ධය. මේ දකුණු ආසියාවේ නවතම යුද බිය හා බැදුණු වාතාවරණයයි. මේ ලිපිය ලියන මොහොත වෙනවිට කිසිදු යුද


ඉන්දු - පකිස්තාන යුද්ධයක පෙරනිමිති
2025 අප්‍රේල් මස 28 69 0

ඉන්දියාවට අයත් ජම්මු-කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන “රජය” සහ එරට “අයි.එස්.” අංශය සිට


සදා නිහඬ වූ හඬක් නැත්තන්ගේ හඬ
2025 අප්‍රේල් මස 28 25 0

අප කුඩා කාලයේ සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා භාවිත කළ අන්තර්ජාතික කෘතියකි, ප්‍රංශ කතුවර වික්ටර් හියුගෝගේ Les Misérables හෙවත්, අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ලය


ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම
2025 අප්‍රේල් මස 28 14 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකයම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී ති


ට්‍රම්ප් ට TIK TOK ප්‍රහාරයක්
2025 අප්‍රේල් මස 20 69 0

චීනය ප්‍රහාරක මාවතට අවතීර්ණ වී තිබේ. වෙළෙඳ යුද්ධය හරහා ලෝකයට ලැබෙන ප්‍රධාන පණිවුඩය එයයි. මෙතෙක් චීනය ඇමෙරිකානු හා බටහිර රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාර හමු


බද්දක් වෙතොත් ගෙවිය යුතු පාරිභෝගිකයාය
2025 අප්‍රේල් මස 20 33 0

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පාලනය කිරීම සඳහා මහජනතාව මත බදු පැනැවීමේ ක්‍රමවේදය ආණ්ඩුව තෝරා ගත්තේය. දැන් ආර්ථිකය ස්ථාවර බව ප්‍රකාශ වේ. ඇමරිකාවේ ආණ්ඩු බ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1038 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1446 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 374 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site