IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


අභ්‍යවකාශ සංචාරයේ ගාස්තුව හදිසියේම අටගුණයකින් පහතට

හඳුන්වා දුන්නේ ඩොලර් ලක්ෂ දෙකහමාරකටයි  

 

තවමත් නොනිමි අදෘශ්‍ය භාණ්ඩයකට හෝ සේවාවකට මිලක් නියම වීමක් පිළිබඳ න්‍යායක් මෙතෙක් ආර්ථික විද්‍යාවේ තිබුණේ නැත. එහෙත් න්‍යායක් නොමැති න්‍යාය මිත්‍යාවක් බවට පත්කරමින් මෙතෙක් වෙළෙඳපොළට හඳුන්වා දී නැති අභ්‍යවකාශ සංචාරය සඳහා මිලක් නියමව ඇතුවා මෙන්ම නොදුටු එම සේවය මිලට ගැනීම සඳහා පාරි​ෙභා්ගික පිරිසක් ද ලැයිස්තුගතව සිටිති. මෙම විෂයෙහි වඩාත්ම පුදුමය දනවන කාරණාව වෙන්නේ හිටිහැටියේ මෙතෙක් නියමව තිබුණු සේවා ගාස්තුව සේවය හඳුන්වා දීමටත් පෙරම අටගුණයකින් පමණ පහත වැටීමය.  


මාර්තු මස දෙවැනිද‌ා ඇමෙරිකානු ව්‍යාපාරික එලන් මස්ක්ගේ ස්පේස් එක්ස් ආයතනය විසින් නිපදවන ලද ‘කෲ ඩ්‍රැගන්’ යානය අභ්‍යවකාශයේ දින පහක් ගතකර නිරුපද්‍රිතව ආපසු පෘතුවියට පැමිණීමත් සමගම මෙතෙක් ආරම්භ නොවුණු අභ්‍යවකාශ සංචාරය සඳහා නියමව තිබුණු මිල ශීඝ්‍රයෙන් පහත වැටී ඇත.  


අභ්‍යවකාශය සංචාරකාන්තයක් ලෙස සලකා ව්‍යාපාරයක් ලෙස එය ආරම්භ කිරීමට අත පෙවූ කෝටිපතීන් කීප දෙනෙකි. පෘථිවියේ සිට කිලෝ මීටර් හාරසීයක් දුර අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත යවා නිරුපද්‍රිතව ආපසු ගෙන්වා ගන්නා ලද ‘කෲ ඩ්‍රැගන්’ යානය නිෂ්පාදනය කළ එලන් මස්ක් ඉන් එක් ව්‍යාපාරිකයකු පමණි.  


වර්ජින් ගුවන් සේවයේ හිමිකරු වන රිචඩ් බ්‍රන්සන් අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයට අත ගැසූ තවත් ව්‍යාපාරිකයෙකි. වර්ජින් ආයතනය විසින් නිෂ්පාදනය කර ගුවන් නියමුවන් දෙනෙකු විසින් පදවන ලද ‘ස්පේස් ෂිප් ටූ’ යානය, මගියෙකු ලෙස එම ආයතනයේම අධ්‍යක්ෂිකාවක වන බෙත් මෝසස් ද රැගෙන පෘථිවියේ සිට කිලෝ මීටර් අසූතුනක් ඉහළ අහසට පියාසර කර ඇත.  


පෘථිවියේ සිට කිලෝ මීටර් අසූතුනක් ඉහළ මට්ටම අභ්‍යවකාශයම නොවේ. එය ඉහළ නොහොත් දුර අහස පමණි. ජාත්‍යන්තර පිළිගැනීම අනුව අභ්‍යවකාශය ලෙස සැලකෙන්නේ කල්පිත කෙර්මර් රේඛාවට ඔබ්බෙහි ඇති ඉඩකඩය. ඉතාම සරලව විස්තර කෙරේ නම් අභ්‍යවකාශය යනු පෘථිවියේ සිට කිලෝ මීටර් සියයකට එපිටින් පිහිටි අහසය. එබැවින් වර්ජින් ආයතනය විසින් හඳුන්වා දුන් ‘ස්පේස් ෂිප් ටූ’ යානය ගුවන්ගත වූවා මිස අභ්‍යාවකාශගත වූයේ යැයි පිළිගැනීමට බැරිය. කෙසේ වුවද වර්ජින් ආයතනය විසින් අභ්‍යවකාශ සංචාරය සඳහා ඉදිරිපත් කර ඇති හඳුන්වා දීමේ මිල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකහමාරකි. මෙම මුදල ගෙවා අභ්‍යවකාශ සංචාරයක යෙදීමට දැනටමත් රටවල් පනස්අටකට අයත් විවිධ පුද්ගලයන් හයසීයක් වර්ජින් ආයතනයේ ලැයිස්තුගතව සිටිති.  


එලන් මස්ක්ගේ කෲ ඩ්‍රැගන් යානය අභ්‍යවකාශයට ගොස් නිරුපද්‍රිතව ආපසු පැමිණීමත් සමගම අභ්‍යවකාශ ගමන් මිල නොසිතුවිරූ ලෙස පහත වැටී ඇත. ක්ෂේත්‍රයේ නිපුනයෝ කියන්නේ දැන් අභ්‍යවකාශ සංචාරයක් සඳහා ගෙවිය යුතු උපරිම මිල ඇමෙරිකානු ඩොලර් හතළිස් දහසක් පමණ වෙන බවය.  


ඇමෙරිකානු බොයින්ග් (පෞද්ගලික) සමාගම ද අභ්‍යවකාශ සංචාරය සඳහා නැවත නැවත භාවිතයට ගත හැකි ස්ටාර්ලයිනර් (CST 100 STARLINER) යානයේ නිෂ්පාදන වැඩකටයුතු ද දැන් නිමා කරමින් සිටී. මේ වසර නිමාවීමට පෙර අභ්‍යවකාශ සංචාරය සඳහා ස්ටාර්ලයිනර් යානය ද වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතය.  


චීනය ද නැවත නැවත ප්‍රයෝජනයට ගත හැකි අභ්‍යවකාශ යානයක් නිපදවමින් අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයට සූද‌ානම් වෙන බව නිල නොවෙන ආරංචි මාර්ග පවසයි. මෙම ආරංචි පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් මෙතෙක් චීනය විසින් කර නොමැත. තරගකාරී වෙළෙඳපොළේ චීන නිෂ්පාදන මිල ගණන් අප දන්නා බැවින් චීනය අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයට පිවිසියහොත් අභ්‍යවකාශ සංචාර සඳහා මිල ගණන් තව තවත් පහත වැටෙනු ඇත. මේ අනුව ශ්‍රී ලංකාව වැනි රටක මධ්‍යම ප්‍රමාණයේ ධනවතෙකුට වුව ද අභ්‍යවකාශ සංචාරයක් සිහිනයක් පමණක් නොවෙනු ඇත.  

 


යටියන  
ක්ලැරන්ස් කොස්තා  
ෂෙසානෝ රෝමය ඉතාලිය.   



අදහස් (0)

අභ්‍යවකාශ සංචාරයේ ගාස්තුව හදිසියේම අටගුණයකින් පහතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 232 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 284 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1203 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site