IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ෆාමසියෙන් බෙහෙත් ගැනීමට සල්ලි නැති මහලු කතට හිමිනමක් බෙහෙත් අරන්දීලා

රෝහලෙන් දුන් බේත් තුන්ඩුවට බේත් ගැනීමට මුදල් නොමැතිව ඖෂධ වෙළඳසලක් අසල පසු වු රෝගී වයෝවෘද්ධ මවකට භික්ෂූන් වහන්සේ නමක් බේත් අරන් දීමේ පුවතක් අවිස්සාවේල්ලෙන් වාර්තා වෙයි. 


සිද්ධිය මෙසේය. 


ඇය වසර 80 ක් 85 ක් පමණ වයසැති කාන්තාවකි. නමුත් අසරණය. 


වයෝවෘද්ධ කාන්තාව ඖෂධ අලෙවි සලට පැමිණ අලෙවිකරුට මෙසේ පැවසුවාය. 


අනේ මහත්තයෝ මගේ කොන්දත් රිදෙනවා. අතපයත් රිදෙනවා. හරියට මුළු සර්වාංගයම වනයක් වගේ. මම රෝහලට ගියා. ඊයේ රෑ ඉඳලා හිටියා. එළි වුණා. පස්සේ දොස්තර මහත්තයා බලලා තුන්ඩුවක් ලියලා මට බේත් ටික දෙන්න මෙන්න තුන්ඩුව. 


ඖෂධ අලෙවිකරු 

අම්මේ මේක කෝස් එකක් ඔක්කෝම එකට ගන්න ඕනෑ. 


වයෝවෘද්ධ කාන්තාව 

මහත්තයා මක්ක කීවේ. මට තේරෙන්නේ නැහැ. 


ඖෂධ අලෙවිකරු 
අම්මේ. මේකේ තියෙන බේත් වර්ග ඔක්කෝම එකට ගන්න ඕනෑ. 


වයෝවෘද්ධ කාන්තාව 
අනේ මහත්තයෝ මා ළඟ තියෙන්නේ මෙච්චරයි. 


නෝට්ටු සහ කාසි ගණන් කරමින් 


ඖෂධ අලෙවිකරු 
මුදල් ටික ගණන් කර අම්මේ මුදල් මදිනේ. 


වයෝවෘද්ධ කාන්තාව 
එහෙනම් ඔය බේත් වලින් භාගයක් දෙන්න. 


මේ දෙස බලා සිටි මුණ්ඩිලගල ආරණ්‍ය සේනාසනාධිපති අසරණසරණ මිල්ලෑවේ මහින්ද නාහිමියෝ ඔය අම්මට සල්ලි නැති බව පේනවා. ඒක නිසා අම්මගෙන් සල්ලි එපා. ඔක්කොම බේත් වලට සල්ලි මම දෙන්නම්. 


ඖෂධ අලෙවිකරු 
අපේ හාමුදුරුවන් එහෙනම් මම දෙන්නම්. 


වයෝවෘද්ධ කාන්තාව 
“ඔබ වහන්සේ මගේ ලෙඬේ දැක්කා. අනේ සාධු මතු බුදු වන බුදුවරයෙක් ඔබ වහන්සේ” පැවසීය. 
(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි) 



අදහස් (2)

ෆාමසියෙන් බෙහෙත් ගැනීමට සල්ලි නැති මහලු කතට හිමිනමක් බෙහෙත් අරන්දීලා

mahinda Sunday, 12 August 2018 07:17 AM

සැබෑ සංඝ පීතෘන් වහන්සේ නමක්... රාජ්‍ය දේපල අවභාවිතා කල අයට අධිකරණයන් නියම වූ දඩය ගෙවීමට මුදල් පමණක් පිඩුසිඟා ඇවිදින හාමුදුරුවරු බහුල මේ රටේ මේ සංඝ පීතෘන් වහන්සේ මහත් ආදර්ශයකි. ඔබ වහන්සේට නිරෝගී සුවය.

:       0       130

saman Wednesday, 15 August 2018 05:54 AM

අම්ම ඔක්ක්කොම බේත් එකට ගත්තද දන්නේ නැහැ,හොයල බැලුවොත් නරකද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 169 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1111 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site