IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


හිතුමතේ මොඞ් කරන්න ගිය කතට වෛද්‍යවරයාගෙන් පාඩමක්

ඇහැට කනට පේන කතකි. දිනක් ඇය කාර්යාලයට ආවේ අමුතු විලාසිතාවකින් සැරසිලාය. ආයතන දොරටුවෙන් ඇතුළු වෙද්දීම උපැස් යුවළක්ද අත් බෑගයෙන් ගෙන පැළඳ ගත් ඇය වෙනදාට වඩා පණ්ඩිත පෙනුමක් ආරූඪ කොටගෙන කාර්යාලය ඇතුළට ගමන් කළාය. එදින දවසේ පැයක් පමණ ගතවිය. ඇය මේසය මතට හිස තබාගෙන නිදන්නට වූවාය. ඇයි මොකද? මට නිකං කරකැවිල්ල වගේ. හිටගත්තාම විසි වෙනවා වාගේ. ඇය පැවැසුවාය. ඒ අනුව ඇය රෝහල් ගත කැරිණි. මොකද ඔයාට ඇති අසනීපේ? රෝග නිධානය පිළිබඳ දැන ගැනීමට වෛද්‍යවරයා ප‍්‍රශ්න කිරීම ඇරඹීය. සුළු වේලාවකින් වෛද්‍යවරයා යාබද මේසය මත තිබූ පුවත්පතක් අතට ගත්තේය. ඔයාට කිසි ලෙඩක් නෑ. මෙන්න මේ කණ්ණාඩිය තමයි ලෙඬේ. මේසය මත තබා තිබූ උපැස් යුවළ පෙන්වා වෛද්‍යවරයා මෙසේද කීවේය. ඔයාගේ ඇස්වල කිසිම දුර්වලකමක් නෑ. ඔයාට ”ස්ටයිල්” එකට කණ්ණාඩි දානවා නම් මේක හරියන්නේ නෑ. මේක ඇස් පෙනීමේ තත්ත්වය හුඟාක් අඩු කෙනකුට ගැළපෙන සහ සාමාන්‍ය කියන කාච දෙවර්ගයටම හදපු එකක්. ටිකක් අද විවේක ගන්න. එතකොට ඔය තත්ත්වය හරියාවි. ඇස් දෙකේ වටිනාකමද දොස්තර ඇයට කියා දුන්නාය. ඉන්පසු ඇය කණ්ණාඩි දමා ගත්තේ නැත. ඒ රහස හැමෝම දැනගත්හ.



අදහස් (0)

හිතුමතේ මොඞ් කරන්න ගිය කතට වෛද්‍යවරයාගෙන් පාඩමක්

අලිබබා Wednesday, 04 April 2012 02:31 PM

දෙවියො දුන්න ඇස්දෙක පරිස්සමිකරගන්න වගබලාගත්තොත් හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 155 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site