ඇහැට කනට පේන කතකි. දිනක් ඇය කාර්යාලයට ආවේ අමුතු විලාසිතාවකින් සැරසිලාය. ආයතන දොරටුවෙන් ඇතුළු වෙද්දීම උපැස් යුවළක්ද අත් බෑගයෙන් ගෙන පැළඳ ගත් ඇය වෙනදාට වඩා පණ්ඩිත පෙනුමක් ආරූඪ කොටගෙන කාර්යාලය ඇතුළට ගමන් කළාය. එදින දවසේ පැයක් පමණ ගතවිය. ඇය මේසය මතට හිස තබාගෙන නිදන්නට වූවාය. ඇයි මොකද? මට නිකං කරකැවිල්ල වගේ. හිටගත්තාම විසි වෙනවා වාගේ. ඇය පැවැසුවාය. ඒ අනුව ඇය රෝහල් ගත කැරිණි. මොකද ඔයාට ඇති අසනීපේ? රෝග නිධානය පිළිබඳ දැන ගැනීමට වෛද්‍යවරයා ප‍්‍රශ්න කිරීම ඇරඹීය. සුළු වේලාවකින් වෛද්‍යවරයා යාබද මේසය මත තිබූ පුවත්පතක් අතට ගත්තේය. ඔයාට කිසි ලෙඩක් නෑ. මෙන්න මේ කණ්ණාඩිය තමයි ලෙඬේ. මේසය මත තබා තිබූ උපැස් යුවළ පෙන්වා වෛද්‍යවරයා මෙසේද කීවේය. ඔයාගේ ඇස්වල කිසිම දුර්වලකමක් නෑ. ඔයාට ”ස්ටයිල්” එකට කණ්ණාඩි දානවා නම් මේක හරියන්නේ නෑ. මේක ඇස් පෙනීමේ තත්ත්වය හුඟාක් අඩු කෙනකුට ගැළපෙන සහ සාමාන්‍ය කියන කාච දෙවර්ගයටම හදපු එකක්. ටිකක් අද විවේක ගන්න. එතකොට ඔය තත්ත්වය හරියාවි. ඇස් දෙකේ වටිනාකමද දොස්තර ඇයට කියා දුන්නාය. ඉන්පසු ඇය කණ්ණාඩි දමා ගත්තේ නැත. ඒ රහස හැමෝම දැනගත්හ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියො දුන්න ඇස්දෙක පරිස්සමිකරගන්න වගබලාගත්තොත් හොදයි.