බස් රථයේදී හදිසියේ හාදවූ යුවතිය නිසා තරුණයකුගේ මුදල් පසුම්බියට තට්ටු වූ පුවතක් පසුගියදා වාර්තා විය.
එය රාත්‍රි දුර ගමන් බස් රථයකි. දුර පළාතක සේවය කරන මැදි වයසේ තරුණයෙකි. නිවාඩු ලැබීමෙන් අනතුරුව තම ගම බලා යාමට තරුණයා බස් රථයේ ආසනයක් කලින්ම වෙන්කර ගැනීම පුරුද්දක් කර ගත්තේ මගීන් වැඩිවන නිසාය. අප කතා නායක තරුණයා මෙදිනද ඔහු දුරකතන ඇමතුමක් මගින් ආසනයක් වෙන් කරවාගත් අතර බස් රථය පිටත්වීමට විනාඩි කිහිපයකට පෙර බස් නැවතුම්පොළට ගියේය. බස් රථයද මගීන්ගෙන් පිරී තිබූ නමුත් ඔහුගේ ආසනය පමණක් හිස්ව තිබුණි.

බස් රථය ගමන ඇරඹුවේය. ‘අප කතානායක’ ද සුව පහසු ලෙස තම ආසනයේ වාඩිවී සිටියේය. නොබෝ වේලාවක් ගතවිය. බස් රථයේ මගීන්ද නින්දට වැටී සිටි අතර තරුණයා ද නින්දට වැටුණි. ඔහු උරහිස ප්‍රදේශයට තරමක් බර ගතියක් දැනීමත් සමගම අවදි වූයේය. ඔහුගේ ඇස් යොමු වූයේ කුමක් නිසා උරහිස ප්‍රදේශය බර වූයේ දැයි දැන ගැනීමටය. හැඩකාර තරුණියක් තම ආසන්නයේ සිටිනු දුටුවේ එවිටය. බස් රථයට ගොඩවූ අවස්ථාවේ තමාට ඇය දර්ශනය නොවීම පිළිබඳ මොහොතක් කල්පනා කළේය. එම කල්පනාව අතරතුරම උරහිසට බරවී සිටි තරුණියද අවදි වූවාය.
තරුණයාද ඇය දෙස බලා ප්‍රියමනාප සිනහවක් පෑ අතර තරුණියද පෙරළා සිනහවෙන්ම ඔහුට සංග්‍රහ කළාය. නොබෝ වේලාවක් ගතවිය. ඔවුන් දෙදෙනා ඉතා මිත්‍රශීලී අන්දමින් කථාබහ කරමින් තම තමන්ගේ විස්තර හුවමාරු කර ගත්හ. ඒ අතර තරුණියගෙන් දුරකතන අංකය ලබගැනීමට විමසූ විට තමාට දුරකථනයක් නොමැති බව ඇය කීවාය. ඉන්පසු තරුණයාගේ දුරකථන අංකය කුමක්දැයි විමසුවේය. එවිට තරුණයා තම බෑගයට අත දමා මුදල් පසුම්බිය ගෙන එයින් කොළ කැබැල්ලක් ගෙන දුරකතන අංකය ලියා නැවත පසුම්බිය බෑගයට දමා ගත්තේය. අංකය ද තරුණිය අත තැබීය. ටික දුරක් යනවිට දෙදෙනාම නැවත නින්දට වැටුණි.
එක් වරම බස්රථයේ කොන්දොස්තර බසය ගමනාන්තයට පැමිණ ඇති බව ශබ්ද නගා කීවේය. තරුණයාද තිගැස්සී නැගිට අසල සිටි තරුණිය ගැන සෙවූ මුත් ඇය දක්නට නොවීය. ෂි... අපරාදේ තමාටම කියා ගනිමින් බසයෙන් බැස බෑගයට අත දමා මුදල් පසුම්බිය සෙව්වත් පසුම්බිය බෑගය තුළ නොවීය. එම අවස්ථාවේදී ඔහුට දෙවියන් සිහිවිය.
එක් වරම ඔහුට සිදුවී ඇති දේ පිළිබඳව සිහියට නැගුණි. ඒ බස් රථයේදී හාද වුණු තරුණිය තම මුදල් පසුම්බිය සොරාගෙන ඇති බවය.
එරංග විමුක්ති
2025 නොවැම්බර් මස 04
331
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2143
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1622
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හේත්තුවට වශීවී සාක්කුවට තට්ටුවී