IMG-LOGO

2025 පෙබරවාරි මස 18 වන අඟහරුවාදා


ස්වයං රැුකියා ගැටලූවලට කසිප්පු පෙරීමත් එකතුකරලා

වයඹ පළාතට අයත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක පසුගිය දා ස්වයං රැකියා දිරිගැන්වීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක වූයේ ප‍්‍රාදේශීය දේශපාලකයන් කීපදෙනකු හා නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි. මෙහිදී ස්වයං රැකියාවලදී කිසිවකුට වහල් නොවී තම කටයුතු නිදහසේ කරගෙන යාමට ඇති ඉඩකඩ පිළිබඳවත්, මෙබඳු ස්වයං රැකියා සඳහා පවුලේ හැමෝගේම ශ‍්‍රමය ලබාගත හැකිවීම පිළිබඳවත් දීර්ඝ දෙසුමක් කළ නිලධාරියකු ස්වයං රැකියා කරන අය මුහුණ පාන ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා ඔවුන්ට කඩිනමින් අයැදුම්පතක් පුරවා දෙන ලෙස ඉල්ලීය. එහි ස්වයං රැකියාව හා ඊට ඇති බාධක ලියන ලෙස ද දැන් වූ නිලධාරියා පසුව ඒවා එකතු කොට සාකච්ඡුාවට යද්දී එක් අයකු සැපයූ පිළිතුරකින් තිගැස්සී ගියේය. ස්වයං රැකියාව, කසිප්පු පෙරීම, බාධාව පොලිසියෙන් අල්ලා ගෙන යාම යනුවෙන් එහි සඳහන් වූ බව පැවසූ ඔහු එය ලියුවේ කවුදැයි විමසුවත් සභාවෙන් සිනාවක් මිස පිළිතුරක් නම් ලැබුණේ නැතිලූ.



අදහස් (0)

ස්වයං රැුකියා ගැටලූවලට කසිප්පු පෙරීමත් එකතුකරලා

සුභා Thursday, 08 November 2012 12:12 PM

ජයවේවා

:       0       0

හර්ෂණ Thursday, 08 November 2012 12:17 PM

හරිනේ ඉතිං. ඒ මනුස්සයා කරන ස්වයං රැකියාවනේ එයා දාලා තියෙන්නේ. (නි)

:       0       0

බණ්ඩාර Friday, 09 November 2012 10:09 AM

ඒක තරම් හොද නැහැ

:       0       0

විභූති Friday, 09 November 2012 03:01 PM

දීප්ත හොඳ විවේචනයක් (ස)

:       0       0

චානක Friday, 09 November 2012 10:26 AM

එතකොට ස්ව්‍යං රැකියාවක් වෙච්ච ගණිකා වෘත්තියේ ඇති වරද කුමක්ද ? (ස)

:       0       0

අජිත් Monday, 12 November 2012 11:05 AM

අපේ පැත්තේ නම් එක ගමක්ම තියෙනවා ඔය රැකියාව කරන. (නි)

:       0       0

පිටිගල Thursday, 08 November 2012 10:25 PM

ඔහොම යනකොට අපේ චූටි නංගිලා ටික ස්වයං රැකියාවක් විදියට ගණිකා වෘත්තියත් එකතු කරයි. (නි)

:       0       0

හේරත් Thursday, 08 November 2012 10:14 PM

අනං මනං වැඩක් නැහැ බොලවු. අහුවෙනකල් ස්වයං රැකියාව කරමු. (නි)

:       0       0

කමල් Sunday, 11 November 2012 07:31 PM

පහන් , නියම කතාව හොඳේ (ස)

:       0       0

පහන් Thursday, 08 November 2012 01:22 PM

තනිතරුවේ.....ඔබත් ඔහොම ඔතන ඉන්න.... මමත් මෙහෙම( 8 කෑන් එකත් අරන්) මෙතන ඉන්නවා (නි).......

:       0       0

හෂාන් Thursday, 08 November 2012 05:41 PM

තමන්ගේම රැකියාවක් නේ

:       0       0

සිල්වා Saturday, 10 November 2012 06:40 AM

තමන්ගේම කර්මාන්තයක්

:       0       0

බමුණුසිංහ Thursday, 08 November 2012 06:06 PM

ඒකෙ ඇති වැරැද්දක් නැහැ. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 08 November 2012 05:52 PM

මගේ වුවමනාවට මම ගෙදර පෙරාගන්නවා. (නි)

:       0       0

ලලිත් Thursday, 08 November 2012 02:15 PM

කොහොමද ඒක ස්වයන් රැකියාවක් වෙන්න්

:       0       0

සංක Friday, 09 November 2012 11:48 AM

අතිශය සාධාරණ තීරණයක්

:       0       0

දීප්ත Thursday, 08 November 2012 02:38 PM

ඔව් මේකේ ඇති වරදක් නැහැ තමයි.ස්වයං රැකියාව නීත්‍යානුකූලද නැද්ද යන්න මෙතනදි අහල නැහැ නේ? අනික නිත්‍යානුකූලව මත්පැන් නිශ්පාදනයට ඉඩක් තියේනවනම්, හොරට මත්පැන් පෙරන අයගෙ ගැටළුව නීත්‍යානුකූල නොවීම නේන්නම්..හහ් හහ් හා මේ කතවේ යටි පෙළ අර්ථය හරිම ගැඹුරුයි.. (ස)

:       0       0

සරත් Thursday, 08 November 2012 02:57 PM

ඇත්තටම දීප්ත මේ ප්‍රශ්නෙට කාටවත් උත්තර නෑ .(ස)

:       0       0

ප්‍රභාත් Sunday, 11 November 2012 07:33 AM

කසිප්පු ප්‍රමිතියකට පෙරන්න ඉඩ දීලා, ගණිකා වෘත්තියත් ප්‍රමිතියකට අනුව නීතිගත කළා නම් පිටරටට යන සල්ලි ගැලුම් ගණන් ඉතුරුයි. (නි)

:       0       0

දම්මි Sunday, 11 November 2012 07:49 AM

මතට තිත.... හෙහ් හෙහ් හෙහ්... (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 08 November 2012 02:51 PM

ඕවා ඒ තරම් හොද වැඩ නොවෙයි

:       0       0

ෆයිසාල් Monday, 12 November 2012 10:10 PM

මෙහෙම යනකොට ගණිකා වෘත්තියත් ස්වයං රැකියාවක් වෙයි. (නි)

:       0       0

ගලබඩ Monday, 12 November 2012 02:31 PM

ගණිකා වෘත්තිය නම් අපේ සමහර ටෙළි නිළි නංගිලා ඉතාමත් හොදින් කරගෙන යනවා, ස්වයං රැකියාවක් විදියට. (නි)

:       0       0

අසේලා Friday, 09 November 2012 07:45 AM

කසිප්පු කියන නම මාරුකරලා වෙන නමන් යොදන්න. ගෘහ කර්මාන්තයක් හැටියට ලාබදායි ව්‍යාපාරයක්. (නි)

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 08 November 2012 03:17 PM

ස්ව්‍යං රැකියාවක යෙදෙන ගැමියෙකුගේ අවංක සත්‍ය කතාවක්.හරියට හරි (ස)

:       0       0

වරුණ Thursday, 08 November 2012 03:36 PM

කසිප්පු අතහැරලා තෙලිජ්ජවලට මාරුවෙන්න ඕන. දැන් බජට් එකෙන්ම සම්මතයිනේ..(ස)

:       0       0

පනාගොඩ Sunday, 11 November 2012 05:04 PM

'' මතට තිත'' කෙසේ වෙතත් '' තිතට මත'' ක්‍රියාත්මක වෙනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

ලයින් දාන්න ගිහින් තරු පෙනිලා
2025 පෙබරවාරි මස 18 433 0

උපකාරක පන්ති නිමවී බස් පොළේ කරක් ගැසූ සිසුන් තිදෙනාට පාසල් පන්ති කාමරයේදී හෝ උපකාරක පන්තියේදී ඉගෙන ගැනීමට නොහැකිවූ අපුරු කතාවක් ගාලු‍ දිසාවේ ප්‍රසිද


වැලැන්ටයින් සමරන්න ගිහින් ගුටි කාලා
2025 පෙබරවාරි මස 17 729 2

වැලැන්ටයින් දා මල් කලඹක් දී අනියම් පෙම්වතිය හමුවී පෙම් සුව විදින්නට ගිය විදුහල්පතිවරයකුට ගම්වාසීන් එක්ව පහර දුන් බවට තොරතුරක් වයඹ පළාතෙන් වාර්තා වෙය


මැල්ලුම මාරු වී වැසිකිලි පෝලිමේ
2025 පෙබරවාරි මස 15 597 0

පියාගේ පාදයක අසනීපයකට බඳින්නට සාදන ලද බෙහෙත් මැල්ලු‍ම සහ නිවසේ අාහාරයට පිසින ලද පළා මැල්ලු‍ම මාරුවී අනුභව කිරීමෙන් අපුරු අකරතැබ්බකට මුහුණ පෑමට ලක්වු


ආප්ප කන්න ගිහින් රෙදි ගලෝගෙන
2025 පෙබරවාරි මස 15 351 0

අඩු මුදලට බිත්තර ආප්ප කන්නට ගිය තරුණ පිරිසක් පිළිබඳ පුවතකි.සිද්ධිය මෙසේ ය. එය අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි තේ වෙළෙඳ සලකි.


අමුඩය අමතක වී ලේලිය අමනාප වෙලා
2025 පෙබරවාරි මස 15 180 0

මී හරක් පට්ටියකට හිමිකම් කියූ කිරි ගොවියකුට ‘‘අමුඩය”‍ අමතක වීම නිසා තම එකම පුතු අලුත විවාහ කර ගත් ලේලිය අමනාප වී නිවසින් පිටව ගිය අපූරු පුවතක් වැව් බැඳ


නම පැටලී අලි ජරමරයක
2025 පෙබරවාරි මස 15 132 0

අනුන්ගේ පුතකුට උප්පැන්නයක් ලියන්න ගිය පියකු පිට වැටුණු අලි ජරමරයක් පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ ප්‍රසිද්ධ පාසලකින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 338 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 151 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1010 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site