(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රුපියල් සියයේ කුලිය පනහට අඩු කරගන්නට ගිහින් වැඬේ හබක් කරගත් නූතන යුගයේ මට්ටකුණ්ඩලී කෙනකු උදේ හවස පොල් ඇහිලීමේ යෙදී සිටීම පිළිබඳව සියනෑවේ ගම්මානයකින් පසුගියදා වාර්තා විය.

මුදල් හදල් එක් රැස් කරන්නට මිස වියදම් කරන්නට තරමක අකමැත්තක් දක්වන විශ්‍රාමිකයෙකි. තමන් පදිංචි ඉඩමේ කලකින් පොල් කඩා නැත. පොල් කඩන්නන් ගසකට රුපියල් සියයක් අය කරන නිසා ඔහු නිතරම කල් ගෙව්වේ ඊට අඩුවෙන් කරගන්නට පුද්ගලයකු හමුවන අදහසිනි. එහෙත් කිසිවකු හමුවූයේ නැත.
ඔහු අන්තිමේ කළ හැකි දෙයක් නැති තැන පොල් කඩන්නාට කතා කළේය. ගාන කීය ද ඇසීය. ‘සිීයයි මහත්තයා’ පොල් කඩන්නා පිළිතුරු දුන්නේය. ඔහු ගසකට ගොඩ වෙද්දී විශ්‍රාමිකයා කතා කළේය. ‘පනහ ගණනේ කඩමු හොඳද’ ඔහු කීවේ තරමක් හඬ නගාය. ‘හොඳයි මහත්තයා’ කී පොල් කඩන්නා පොල් කැඩීම පසෙකලා ගසෙන් බිමට බැස්සේය. කිසිවක් නොදොඩා යන්නට ගියේය.
ඉඩමේ පොල් ඵලදාව නෙළා ගන්නට කිසිවකු නැතිවීම නිසා දැන් අයිතිකරු දිනපතා උදේට වැටෙන වැටෙන පොල් ගෙඩිය ගානේ එකතු කිරීමේ යෙදී සිටී.
2025 දෙසැම්බර් මස 18
672
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
324
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීය පනහට අඩු කරන්න ගිහින් විහින් වළේ වැටිලා