IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සැමියාගේ ඇඳුම්යැයි සිතා අසල්වැසියාගේ රෙදි ටික අපුල්ලලා

දකුණු පළාතේ කඳුකරයට ආසන්නව පිහිටි ප්‍රසිද්ධ දිය පීල්ලකි. පසුගියදා මෙහි දිය නෑමට ආ කාන්තාවක් ඒ අසල බාල්දියේ වූ සිය සැමියාගේ රෙදි සෝදමින් සිටි අතර එතැනට කලබලයෙන් පැමිණි අසල්වැසියකුට ඇය කීවේ “අපේ මනුස්සයා නාන්න ඇවිත් කවදාවත් නැතුව අද රෙදිටික මට හෝදන්න බාල්දියේ දාලා ගිහින්. රෙදි හොඳටම කිළුටු වෙලා” යනුවෙනි.

ඇය සෝදන රෙදි දෙස බලා සිටි අසල්වැසියා මවිත වූයේ මොහොතකට පෙර තමා බාල්දියට දමා ගිය රෙදි ඇය සෝදන බවක් පෙනුණු හෙයිනි. “මම එන කොට ඒ මනුස්සයා නාලා සුදු රෙදි ටිකත් හෝදගෙන ගියා. මම බාල්දිය ඉල්ලගෙන ඔය සුදු රෙදිටික ඕකට දාලා මළගෙදර පැත්තෙ ගිහින් ආවේ. නාගන්න. ඔය මගේ රෙදි. අඳින්න ගෙනාපු සරමත් වතුරේ දාලා” ඔහු කීමෙන් ඇයට දෙවියන් සිහිවිය. රෙදි ටික යළි බාල්දියට දැමූ ඇය “අනේ, අයියෙ මේක කාටවත් කියන්න එපා” කීවත් පහුවදාම ගමපුරා ගිය ආරංචිය දැන් පත්තරේටත් ගිහින්ලු.

(තිහගොඩ - උපසේන ලියනගම) 



අදහස් (0)

සැමියාගේ ඇඳුම්යැයි සිතා අසල්වැසියාගේ රෙදි ටික අපුල්ලලා

චාමික Friday, 30 December 2016 06:29 AM

අහිංසක ගැහැණු කෙනෙක්ට වෙන පොඩි අත්වැරදීමක් , ගම වටේ කියා කියා යන ගැහැණු වැඩ කරන පිරිමියි කියල හිතාගෙන ඉන්න නපුන්සකයෝ වගේම ඒවා තලු මර මර අහන නපුන්සකයොත් කොහොමත් ගම්වල වැඩිපුර ඉන්නවා. (බ)

:       0       0

ජනිත Friday, 30 December 2016 06:39 AM

අසල්වැසියට කරනු කියල තියන එක හැබෑවක්මයි. ඔය දේ හැමදාම කරනවා ඇති එ්ත් වැඩේ පත්තු වුනාම කියපු කතාව නම් කවුරුවත් පිළිගන්න එකක් නැහැ. (බ)

:       0       0

සරත් Saturday, 31 December 2016 06:30 AM

ඕවත් වැඩද? ඔය දේශපාලකයෝ කොච්චරවත් අනුන්ගේ රෙදිමනේ අපුල්ලන්නේ (නි)

:       0       0

ජනහිත Saturday, 31 December 2016 06:55 AM

තම ස්වාමි පුරුෂයාගේ ඇඳුම හඳුනාගන්න බැරි බිරිඳට ස්වාමියා කවුද කියලත් හඳුනාගන්න බැරිවෙයි මෙහෙම යනකොට. මේවට නම් කියන්න කිසිම දෙයක් නැහැ. ඔය විදිහට තව කීදෙනකුගේ රෙදි හෝදලා තියනවද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔසද Monday, 02 January 2017 10:16 AM

ඇති ඔයින් ගියා! (නි)

:       0       0

එරන් Monday, 02 January 2017 10:22 AM

ඇති ඔච්චරටම වැරදෙනවා නම්... (නි)

:       0       0

බෙනට් Tuesday, 03 January 2017 02:25 PM

අසල්වැසියා හොඳ නිසාම හොඳයි (නි)

:       0       0

යසන්ත Friday, 30 December 2016 05:40 PM

අසල්වැසියාට තිබුණේ රෙදි ටික හෝදලා දීලා ඉවරවුණාම කියන්නනේ (නි)

:       0       0

අශෝක Friday, 30 December 2016 05:40 PM

මමත් චාමිකගේ අදහස අනුමත කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site