IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘සැන්ටිපෝට්’ භීතිකාවෙන් මුදලාලි කඬේ වහලා

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් වැටලීමකට එන බවට ලද දුරකථන ඇමතුමකින් කළබලයට පත්වු ව්‍යාපාරිකයකු එහි සිටි ගනු දෙනුකරුවන්ට හදිසි තත්ත්වයක් මවා පා කඩිමුඩියේ වෙළෙඳ සල වසා දමා පිටවගිය පුවතක් පසුගිය දා වයඹ පළාතේ ගමකින් වාර්තා විය.


එම වාර්තාවට අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවි කරන ආපන ශාලා ඇතුළු වෙළෙඳල් වටලා වැරදිකරුවන් වන වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිරන්තරව කටයුතු කරති.


මෙම නිලධාරීන් වැටලීම සඳහා හදිසියේ ගමකට හෝ නගරයට පැමිණ වෙළෙඳ සලක් දෙකක් පරීක්ෂාවට ලක් කරන විට ඒ බව සෙසු ඇතැම් වෙළඳුන්ට සිය හිතවතුන් මගින් දැන ගන්නට ලැබෙන අවස්ථාද නැතුවා නොවේ. එසේ ලැබෙන පණිවිඩයට අනුව තම වෙළෙඳ සල පිරිසුදුවට හා පිළිවෙළකට තබාගන්නා වෙළඳුන් මෙන්ම ඒ මුකුත්ම නැතිව කඩිමුඩියේ වෙළෙඳ සල වසා දමා හීන් සීරුවේ මාරු වී යෑම ඇඟට ගුණ යැයි සිතන වෙළඳුන් ගැනද අසන්නට ලැබෙන අතර මෙයද එවන් සිදුවීමකට අදාළ කතාවකි.


අදාළ ගමේ සිල්ලර වෙළෙඳසලක මුදලාලි සිය රාජකාරියේ යෙදෙන අතර තුර හදිසියේම දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඊට කලබලයෙන් මෙන් ප්‍රතිචාර දැක්වූ මුදලාලි “හා හොඳයි හොඳයි මම දැන්මම එනවා” යැයි පවසා ඇත. අනතුරුව මුදලාලි එහි සිටි තම ගනුදෙනුකරුවන් අමතා “අනේ සමාවෙන්න මට හදිසියේ කඬේ වහල ගෙදර යන්න වෙලා. මොකද පොඩි කරදරයක් කියලා පණිවිඩයක් ආවා. බඩු ගත්තු අයගෙ ගනුදෙනු පස්සෙ බලා ගමු” එසේ කී මුදලාලි වෙළඳාම පසෙක ලා කඩිමුඩියේම වෙළෙඳසැල වසා එහි ඉදිරියේ නවතා තිබූ කුලී ත්‍රිරෝද රථයක නැගී පිටව ගොස් ඇත.


මුදලාලිගේ මෙම හදිසි කලබලයට හේතුව කුමක්දැයි හිතවත් ත්‍රිරෝද රථ රියැදුරා ගමන යන අතරේ මුදලාලිලාගෙන් විමසා ඇත. එවිට මුදලාලි තමන් වෙළෙඳසල හදිසියේම වහපු ඇත්තම කාරණාව එම රියැදුරාට පවසා ඇත.

(කරුවලගස්වැව ජයන්ත වික්‍රමආරච්චි)



අදහස් (0)

‘සැන්ටිපෝට්’ භීතිකාවෙන් මුදලාලි කඬේ වහලා

පිටබැද්දර ජයා Saturday, 16 July 2016 12:12 PM

හැමදාමත් පැනලා යන්න බැහැනේ මුදලාලියෝ. දවසක අතටම අහුවෙනවා. එතකොට පොළියත් එක්කම ගෙවන්න ලැහැස්ති වෙලා ඉමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 43 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 711 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site