(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
ගස්වල දළු කඩාගෙන කෑමේ පුරුද්ද හේතුවෙන් දිනක් වැසිකිළියක සිටීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව උඩරට ප්‍රදේශයෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු පුරුද්දක් වශයෙන් ගස්වල දළු කඩාගෙන කන පුද්ගලයෙකි. මොහු නිවසේදී මෙන්ම වෙනත් කොහේ ගියත් ගස්වල දළු කඩා කටේ දමා ගනී. මෙම ක්‍රියාවට ගෙදර උදවිය මෙන්ම පිටස්තරයන් ද විරුද්ධ වූයේ අලංකාර දුර්ලභ මල් පැලෑටියක වුවද මොහු දළු කඩාගෙන කන නිසාය. ඇතැම් පිරිස් මොහු තම නිවෙස්වලට පැමිණෙනවාට ද කැමති නැත. මොහුගේ පවුලේ පිරිස ද මෙම ක්‍රියාව නතර කර දමන ලෙස කොපමණ කීවත් ඉන් පලක් වූයේ ද නැත.
දිනක් මොහු ඥාති නිවෙසකට ගොස් සුපුරුදු ලෙසම ගසක අත්තක් කඩාගෙන කටේ දමාගෙන ඇති අතර මොහුට වෙනදාට වඩා අමුත්තක් ද සමග බඩ ගොර ගොර ගාන ශබ්දයක් ඇසීමෙන් එම නිවැසියන්ගෙන් තමන් දළු කඩාගත් ගස පිළිබඳව අසා ඇත. නිවැසියන් සොයා බලද්දී මොහු විසින් කඩාගෙන කටේ දමාගෙන ඇත්තේ වැට මායිමේ වූ ජාපාල ගසේ අතුරිකිල්ලක් බව දැනගෙන තිබේ. කෙසේ වෙතත් ඔහු දිනය පුරා පොල් කිරි පානය කරමින් වැසිකිළියේ ගත කළාලු.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.