වාහනයක් ධාවනයේදී රියැදුරෙකු කළ වැරැද්දකට නියම කළ රුපියල් දහසක දඩය නියම කළ පොලිස් නිලධාරියාම ගෙවා දැමූ පුවතක් පුත්තලම පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයකින් අසන්නට ලැබුණි. මේ පොලිස් නිලධාරියා අදාළ පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරයෙකි. මොහු සිය බලප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගයක රාජකාරි කරමින් සිටි අවස්ථාවක අධික වේගයෙන් ධාවනය වෙමින් තිබු වෑන් රථයක් නවතා රියැදුරාට රුපියල් දහසක දඩ කොළයක් නිකුත් කළේය. රියැදුරා එය ළඟම පිහිටි තැපැල් කාර්යාලයට ගොස් ගෙවා දමනවා වෙනුවට මේ බව ව්‍යාපාරිකයෙකුද වන තම හාම්පුතාට (රථයේ අයිතිකරුට) දැනුම් දුන්නේය.තම රියැදුරාගේ කතාව ඇසු ව්‍යාපාරිකයාට අසුහාරදාහට නැග්ගේය. ඔහු වහාම දුරකතනය අතට ගෙන සිද්ධිය සම්බන්ධ පොලිස් සැරයන්වරයාට ඇමතුමක් ගත්තේය. තමන් එතෙක් පොලිසියට කළ උදව්පදව්වල තරම නිලධාරියාට මතක් කර දුන්නේය. එවැනි තත්ත්වයක් තුළ දැන දැනම මෙවැන්නක් කිරීම යුක්ති සහගත දැයි විමසුවේය. මෙම කතාව ඇසූ පොලිස් නිලධාරියා නිරුත්තර විය. එසේම ඔහු ලැජ්ජාවටත් අපහසුතාවටත් පත්විය. ඒ අනුව ඔහු දඩ කොලය ආපසු ඉල්ලාගෙන තැපැල් කන්තෝරුවට ගොස් තම අතේ මුදලින් ගෙවා දමා තිබුණේ මේවා අපිට හොඳ පාඩම් යැයි සිතාගෙන විය හැකිය.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ව්‍යාපාරිකයාගේ වාහන දඩ කොළය පොලිස් නිලධාරියාම අතින් ගෙවලා
nasar Wednesday, 26 October 2011 12:14 PM
වැරැද්ද පොලිස් නිලධාරියා අතේ, නිතිය අතට අරගෙන.