IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලව් කරන්න පන්දාහක රීලෝඞ් කොන්දේසියක්

(හසලක වාර්තාකරු)
ඔහු තිස් හතර හැවිරිදි වියේ පසුවන තරමක් මෝඩ පහේ අවිවාහකයෙකි. පියාගේ ඇවෑමෙන් පසු හැත්තෑ තුන් හැවිරිදි මව සමඟ ජීවත් වූ මොහු ගමේ කවුරුත් ඉතා කුළුපගව ඇසුරු කළේය. දිනක් ගමේ තරුණ පිරිසක් සමඟ කතාබහ කරමින් සිටින විටදී ඔවුන් ඔහුට යෝජනා කළේ අපි හැමෝම ගැහැනු ළමයි එක්ක යාළුවෙලා ඉන්නවා වාගේ ඔයත් ගැහැනු ළමයෙක් එක්ක යාළුවන ලෙසය. 


මේ අදහස සිතේ තදින්ම කා වැදුණු ඔහු දිනක් තම ගමට යාබද ගමක පදිංචි අවිවාහක විසිහතර හැවිරිදි තරුණියක හමුවී තම අදහස ඇයට කීවේය. ඇය ගත් කටටම පැවැසුවේ ඒ අදහසට තමන් ටික දිනකින් කල්පනා කර බලා පිළිතුරක් දුරකතනයෙන් ලබාදෙන බවත් ඒ සඳහා තමන්ගේ ජංගම දුරකතනයට රුපියල් පන්දහසක රීලෝඞ් එකක් දමන ලෙසත්ය. ඇය තම ජංගම දුරකතන අංකය සටහන් කළ කොළයක් ද ඔහු අතට පත් කළාය. 


ඉහේ මලක් පිපුනා සේ උද්දාමයට පත් ඔහු වහාම නිවෙසට දිව ගියේය. මව ඒ වනවිටත් නිවෙසින් පිටත කිසියම් වැඩක නිරත වී සිටියාය. එය ඔහුගේ වැඬේට පහසු විය. නිවෙසට ගොඩවූ ඔහු මවගේ අල්මාරිය හොර රහසේම විවෘත කර එහි තිබූ රුපියල් 5000 මුදල් නෝට්ටුවක් ගෙන පෙරලා දිව ගියේ ගමේ ජංගම දුරකතන අලෙවි කරන වෙළෙඳසලකටය. කඩිමුඩියේ එම ආයතනයට ගොඩවූ ඔහු එහි සිටි සේවිකාවකට මුදල් නෝට්ටුව දී පැවැසුවේ කඩදාසි කොළයක සටහන් කරගෙනවිත් තිබූ දුරකතන අංකයට රීලෝඞ් එකක් දමන ලෙසය. 


මේ පුද්ගලයා ගැනත් පවුල ගැනත් තොරතුරු දන්නා තරුණිය සිතුවේ මේ මුදල අනිවාර්යයෙන්ම මවගෙන් සොරකම් කරගෙන ආ බවත් මොහු කාගේ හෝ මුලා කිරීමකට හසුවී ඇති බවත්ය. 
ඔහොම වාඩිවෙලා ඉන්නැයි ඔහුට පැවැසූ ඇය වහාම තරුණයාගේ මවට දුරකතනයෙන් කතා කර සිද්ධිය පවසා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ මව ත්‍රිරෝද රථයකින් පැමිණ වෙළෙඳසල ඉදිරිපිටින් බසිනවාත් සමඟ තරුණයා පස්ස නොබලා දිව ගියේ මවගෙන් ලැබීමට නියමිත ගුටි පූජාවෙන් බේරීමට බව එම ස්ථානයේ සිටි කාටත් අවබෝධ විය. වෙළෙඳ සේවිකාවගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා තම දරුවාත් මුදලුත් බේරාදීම ගැන එම මව තරුණියට මුව නොසෑහෙන්න ස්තුති කර පිටව ගියේ මෙවන් අහිංසකයන්ගෙන් මුදල් සූරා ගන්නා කාන්තාවන්ට නම් හොඳක් වෙන්න එපා යැයි කියා රුපියල් පන්දහසක මුදල ද අතේ ගුලි කරගෙනය. 



අදහස් (0)

ලව් කරන්න පන්දාහක රීලෝඞ් කොන්දේසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site