(පුත්තලම ජූඞ් සමන්ත)
නිවාඩු දිනයකි. හලාවතxමාදම්පේ පැත්තේ ගමක පදිංචි තරුණයින් දෙදෙනකුට අපූරු අදහසක් පහළ විය. ”රා බොමුද” එක් තරුණයකු යෝජනා කළේය. යෝජනාව ස්ථීර විය. දෙදෙනාම තිප්පොළකින් රා බෝතල් කීපයක්ද රැුගෙන ගමන් කරන්නේ ගමේ වැව් බැම්ම මතටය.


කිසිවකුගෙන් බාධාවක් නැත. වැවේ කිසිවකු නැත. තරුණයෝ දෙදෙනා හිතේ හැටියට රා බෝතල් කීපය අවසන් කරන්න පටන් ගත්හ. ”වැවට බැහැලා නාමුද?” නැවතත් යෝජනාවකි. එයද ස්ථීර විය.


”ඒත් නාන්න අඳින්න රෙදි කොහෙන්ද?” ගැටලූවකි. ”කව්රුවත් නැහැනේ. අපි දෙන්නා විතරනේ. ඔන්න ඔහේ නිකම්ම බහිමු....” අනිකා යෝජනා කළේය. එම යෝජනාවද ස්ථීර විය. පසමිතුරෝ දෙදෙනා උපන් ඇඳුමින් වැවට බැස්සාහ. රා මත නිසා වැවේ සිටිනා වේලාව ගැනද දෙදෙනාගෙන් එකෙකුටවත් නිනව්වක් නැත. ඇති තරම් වැවේ දිය කෙළියේය. ඊට කිසිවකුගෙන් බාධාවක් නොවීය. ඉර අවරට ගොස් තිබුණි. ”හොඳටම හවස් වෙලා. ගොඩට යමු.” එක් මිතුරෙක් යෝජනා කළේය. දෙදෙනාම උපන් ඇඳුමින් වැවෙන් ගොඩට පැමිණියහ. දෙදෙනාටම ”රා” මත හිඳුණේ ගොඩට පැමිණි පසුවය.


එක් මිතුරකුගේ ඇඳුම් අතුරුදන් වී තිබුණේ ඔහුගේ ජංගම දුරකතනය ද සමගය. ”දැන් ඉතිං කුමක් කරන්නද...” යැයි වැව් බැම්මේ ඇති කුඹුක් ගසකට මුවා වී කල්පනා කළ මිතුරන් දෙදෙනා ඉතිරි වී තිබූ ඇඳුම් ටික බෙදාගෙන එතැනින් පිටවී ඇත.


තම මිතුරෙකු උපන් ඇඳුමින් වැවේ දිය කෙළින බව දැනගත් අයෙකු විසින් මෙම සොරකම සිදුකර ඇති බව දින කීපයකට පසුව දැන ගන්නට ලැබුණිු