කොළඹ අතුරු මාර්ගයක වේගයෙන් ධාවනය වූ මෝටර් රථය වංගුවකදී නවතා තිබූ යතුරුපැදිවල ගැටිණි. යතුරුපැදි කිහිපයක් බිම පතිත විය. රථය නොනවත්වාම ධාවනය වූවත් යතුරුපැදි හිමිකරුවෝ මෝටර් රථය අසීරුවෙන් නැවැත්වූහ.
රියදුරු අසුනේ සිටියේ බීමත් තැරණයෙකි. යතුරුපැදි හතරකට හානි සිදුවී තිබිණි. ”බලනවා තමුසෙගෙ වැඩ හින්දා අපේ අලූත් සයිකල්වලට වෙච්ච දේ” තරුණයෙක් කෝපයෙන් පැවැසීය. එවිට බීමත් තරුණයා ”හරි හරි ඔය සයිකල් ඔක්කොම මම හදලා දෙන්නම්” යැයි කීය. බිමත් තරුණයාගේ මිතුරන් කිහිපදෙනෙක් එතැනට පැමිණ ” ඕවාට ඉන්ෂුවරන්ස් ගෙවන නිසා උඹ සල්ලි දෙන්නේ මොකටදැයි” පැවසූවිට යතුරුපැදි හිමි තරුණයන් සේවය කරන ආයතනයේ උසස් නිලධාරියෙක් 119ට ඇමතුමක් ගත් අතර එය කාර්ය බහුල විය. ”තෝ 119ට ගත්තට කථා කරන්නේ නැහැ. ඔන්න යහපාලනය. නෝ ආන්සර්” නිලධාරියා ඔලොක්කුවට සිනාසුනේය. තවත් නිලධාරියකුට තම ජංගම දුරකතනයෙන් 119ට පණිවිඩයක් දීමට හැකිවිය. පළමු නිලධාරියා, ”කෝ තවම නැහැනේ. ඒ කාලේ නම් මෙලහකටත් ඇවිල්ලා.” යැයි පැවැසීය. විනාඩි දහයක් ගතවිය. පොලිස් ජීප් රථයක් වේගයෙන් එතැනට පැමිණියේය. එවිටම පොලිස් යතුරුපැදියක් ද පැමිණි අතර තත්පර කිහිපයකින් පොලිස් මෝටර් රථයක් ද අනික් පසින් පැමිණ ප‍්‍රශ්නය නිරාකරණය කළේය. ”ඉස්සර ආවේ එකයි. දැන් යහ පාලනය නිසා එකට තුනක්ම ඇවිල්ලා” තරුණයෙක් පැවසූ විට ඔලොක්කුවට සිනාසුණු නිලධාරියාට කට උත්තර නැති විය.
ක‍්‍රිස්ටෝපර් සීපියන්,
අනුරාධපුරය.
2025 දෙසැම්බර් මස 04
291
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිය අනතුර ගැන හොයන්න පොලිසිය නාවැයි යහපාලනයට දෝස්මුරයක්
සරත් පර්ත් Friday, 29 May 2015 01:51 AM
වහල් මානසිකත්වයක් තවම (ම)
පිටබැද්දර ජයා Tuesday, 26 May 2015 12:47 PM
යහපාල්නෙට පින්සිද්ද වෙන්න අද නිතිය ටිකක් ක්‍රියාත්මක වෙනවා ,දෙසපාලකයන් අදාළ නැත ? (කේ)
ජටබැද්දර පියා Thursday, 28 May 2015 03:49 PM
හැම දේටම යහපාලනේට බනින්න එපා (බ)