IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුදල් ප්‍රශ්නය විසඳාගන්න අමුතු පාරක ගිහින් පොලිසියට කොටුවෙලා

(හාරිස්පත්තුවේ - මොහොමඩ්  ආසික්)
තම පවුලේ අවශ්‍යතාවක් සඳහා මුදල් සොයාගැනීමට තමන් මාසයකට පෙර වැඩ කළ නිවසේ  තිබූ රුපියල් ලක්ෂ දෙකකට වඩා වටිනා යතුරුපැදිය සොරා ගෙන තල්ලු‍ කර ගෙනම ගොස්  උකස් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුගස්තොට පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේයි.


කටුගස්තොට නගරයට නුදුරු ගම්මානයක නිවසක් ඉදි කිරීමේ වැඩපළක අත්උදව්කරුවකු ලෙස සේවය කිරීමට මෙම පුද්ගලයා පැමිණ තිබේ. මෙලෙස වැඩ කරමින් සිටින විට බදාම ඇනීම සඳහා වැලි ලබා ගන්නා විට වැලි ගොඩේ තිබී යතුරු පැදියක යතුරක් හමු වී තිබේ. 


ඒ අවස්ථාවේ ඒ ගැන වැඩිදුරට නොහිතූ මොහු එම යතුරුපැදි යතුර නිවස ආසන්නයේ එක් ස්ථානයක සඟවා තැබීය. පසුව ඔහුටද එය අමතක වූ අතර නිවසේ වැඩද අවසන්ව නිවසට ගොස් සිටියේය.


 මෙසේ  මාසයක් පමණ ගත වීමෙන් පසුව නිවසේ ආර්ථික අපහසුතා මතු වන්නට විය. පවුලේ අවශ්‍යතාවක් සඳහා ඉතා ඉක්මනින් මුදල් අවශ්‍ය විය. මොහු ඒ ගැන කල්පනා කරමින් සිටියදී වැලි ගොඩක තිබී අහුලා ගත් යතුරුපැදියක යතුර මතක් විය. වහාම ඔහු මහ රෑම එම නිවසට ගොස් සඟවා තිබූ ස්ථානයෙන් යතුර ලබා ගෙන මිදුලේ නවතා තිබූ යතුරුපැදිය රැගෙන පලා ගොස් තිබේ. සැකකරුට යතුරුපැදිය පැදිය නොහැකි නිසා තල්ලු‍ කර ගෙනම ගොස් තිබීම ද විශේෂත්වයකි.


පසුදින මේ සම්බන්ධයෙන් එහි හිමිකරු විසින් පොලිසියට පැමිණිලි කරනු ලැබ ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ පොලිසිය විමර්ශන සිදු කර සැකකරු යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.


කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩබ්ලිව්.එස්. උවින්දසිරි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් මහතා සමඟ සැරයන් මිගාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත් වූහ.



අදහස් (0)

මුදල් ප්‍රශ්නය විසඳාගන්න අමුතු පාරක ගිහින් පොලිසියට කොටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site